Marsh Skimmer
(Orthetrum luzonicum-male)
ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ ප්‍රධාන වශයෙන් හමුවන මේ බත්කූරා ජාතික රතු දත්ත නාමාවලියට (National Red Data list) අනුව තර්ජිත තත්වයට ආසන්න තත්වයේ (Near Threatened)(NT) පසුවන්නෙකි.
මේ මධ්‍යම ප්‍රමාණයේ බත්කූරාගේ නිල් පාට ඇස් නිසා මීට බොහෝ දුරට සමාන බත්කූරාගෙන් පහසුවෙන්ම වෙන්කර හඳුනාගත හැක.උරස නිල්-අලු පාටකින් සහ උදරය මුලුමනින්ම ලා අලුවන්-නිල් පාටින් යුක්ත වේ.
සාමාන්යයෙන් ඇලවල්,ජලාශ සහ ජලය රැඳි ස්ථාන වලින් සමන්විත වගුරු බිම් වැනි තෙත්බිම් ආශ්රිතව ජීවත් වන්නෙකි.
බොහෝ විට පොලොව මතුපිට හෝ කෙටි ශාක මත වසා සිටීම නිසා අවධානයට ලක් නොවිය හැක.එක්වරම වේගයෙන් කෙති දුරක් පියඹා ගොස් යලි වැසීම සිදු කරයි. ගැහැනු සතුන් මුලුමනින්ම කහ සහ කලු වර්න වලින් යුක්ත වේ.
මුලින්ම මෙරටට එලඹෙන සංක්‍රමනික පක්ෂියෙක්
Gull-billed Tern
සෑම වසරකම ශ්‍රී ලංකාවට පැමිනෙන ශීත ඍතු සංක්‍රමනික පක්ශීන් අතුරින් කිහිප දෙනෙකු මෙරටට අගෝස්තු මස මුල් කාලයේදී පමණ කලින්ම පැමිණේ. මේ පක්ශියාද ඒ අතර වන්නෙකි. ඇතැම් වසරවලදී මේ මුහුදු ලිහිනියා ජූලි මස අවසානයේදීම මෙරටින් හමුවේ.
මේ පක්ශියා මෙරටාට පැමිණෙන විට බොහෝවිට ශීත ඍතු වර්ණ ලබාගෙන අවසන් ය. මෙකලට පක්ශියාගේ ශරීරයේ ප්‍රධාන වර්ණ වන්නේ ලා අළු පාට සහ සුදු පාට නිසා ඈතට පෙනෙන්නේ සුදු පැහැති පක්ශියෙකු විලසිනි. ඇසට ඉදිරියේ කුඩා කලු පැල්ලමක් සහ ඇසට පිටුපසින් කෙටි රේඛාවක් වැනි දිගැටි කලු පැල්ලමක්ද තිබීම ඉතා හොඳ හඳුනා ගැනීමේ ලක්ශනයක් වේ. විශාල කලු පාට හොට මෙම මුහුදු ලිහිනියා හඳුනාගැනීමට තිබෙන හොඳම ලක්ශනය වේ. පාද මුලුමනින්ම කලු පාටය.
ප්‍රධාන වශයෙන් මුහුද සහ වෙරලාශ්‍රිතව වසන මේ පක්ෂියා තෙත් කලාපයේ විරල මුත්,වියලි කලාපයේ බහුලය. එමෙන්ම, දහවල් කාලයේ උණුසුම් කාලය තුල බොහෝවිට වෙරලේ රළ මට්ටමට ඉහලින් තනිව හෝ රංචු වශයෙන් වසා සිටී.
කොලඹ වරාය ආශ්‍රිත ගල්බොක්ක ප්‍රදේශයේදී අතීතයේ නිතර හමුවූ මේ පක්ෂියා මීගමුවේ සිට උතුරට වන වෙරලබඩ ප්‍රදේශවල නිතර හමුවේ. එමෙන්ම, සෑම වසරකදී පමණ මෙම පක්ෂියා මුලින්ම හමුවන්නේත් මේ ප්‍රදේශවලට පැමිණ සිටියදීය. මේ නිසා මේ පක්ෂි විශේෂයත් බටහිර පර්‍යටනික පථය (Western Migratory Route) ඔස්සේ මෙරටට පැමිනෙන්නෙකු වන්නට බොහෝ ඉඩක් තිබෙන බවට පෙන්නුම් කෙරේ.