fbpx
තවත්
    මුල් පිටුවපරිසරයරාවණා පරයේ ඛෙදවාචකය

    රාවණා පරයේ ඛෙදවාචකය

    රාවණා කැපුම ගැන පෙර ලිපියකින් දැනුවත් කල අතර මෙම ලිපියෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම බල පදේශයේ කිරින්ද හා යාල මුහුදු සීමාව ආශ්‍රිතව එනම් කිරින්ද වරාය ජැටියේ සිට කිලෝමීටර් 15 මුහුදේ දියඹට වන්නට පිහිටි මහා රාවණා ,(great basses )පරය හා කිරින්ද වරාය ජැටියේ සිට කිලෝමීටර් 22 දුරින් පිහිටි කුඩා රාවණා little basses) පරය ගැන ඔබ දැනුවත් කිරිමට බලාපොරොත්තු වෙමි.

    අතිතයේ පටන් මෙම මහා රාවණා පරය හා කුඩා රාවණා පරය මිනිස් ජිවිත හා දේපල බිලිගත් යක්ෂයෙක් සේ මිනිසුන් සලකන්නට විය. මන්ද මෙය මුහුද මැද හිරිගලින් නිර්මාණය වු ගල් පවුරකි. වඩදිය බාදිය හේතුවෙන් සමහර අවස්ථා වලදි මුහුදු මැද මෙම ගල් පවුර මදක් ජලයට ඉහලට දිස් වුවද සමහර අවස්ථා වල ජලයෙන් වැසි පවති. මෙම ස්ථානය ජාත්‍යන්තර නාවුක ගමනාගමන කටයුතු සිදුවන මුහුදු මාර්ගයද පිහිටි ස්ථානයක විමි කණගාටුවට කරැණකි. දිගින් දිගටම රාවණා පරයේ ගැටි නාවික අනතුරු බහුලව සිදු විම පිලිබඳව අවධානය යොමු විය. රාත්‍රි කාලයේ මෙි ජාත්‍යන්තර මුහුදු මාර්ගය ඔස්සේ යාත්‍රා කරන නැව් මෙම ගල්පරය ආසන්නයට එන තෙක් පැහැදිලිව නොපෙනිම නිසා ගල් පරයේ වැදි අනතුරුට ලක් වි මේ ආසන්නයේ ගිළිමට ලක් වී ජිවිත හා දේපල අහිමි වු අවස්ථා බහුලය. එ එ නැවි වල සිදු වු ඛෙදවාචකයන් ගැන පසුවට සදහන් කරමි.

    මේ අනතුරු ගැන අවධානය යොමු කල බිතාන්‍ය රජය මෙහි අනතුරු විම වළක්වා ගැනිම සදහා විවිධ උපායන් අනුගමනය කරඇත. එ අතරින් එකක් වශයෙන් මෙි ස්ථානයේ සිග්නල් නිකුත් කරන යාත්‍රාවක් නවතා තැබිය. නමුත් මෙම යාත්‍රාවද අනතුරුවලට ලක් විය මෙම නිසාම වෙන විකල්පයක් ගැන අවධානය යොමු විය.⁣විකල්පයක් වශයෙන් මෙම රාවණා ගල් පර ආශ්‍රිතව ප්‍රදීපාගාර ඉදිකිරීම්ට තීරනය විය. කිහිප වරක්ම මෙම කාර්ය ආරම්භ කලත් එය ආසාර්ථක විය. මුහුදේ විශාල රළ හා ගල්පර මෙයට බාධක විය.

    වි⁣ශේෂයෙන් බ්‍රිතාන්‍යයේදිම යකඩින් නිර්මාණය කල විදුලි ලාම්පුවක් සහිත කුළුණු කොටස් ගාලු වරායට නැව් මගින් ගෙන එනු ලැබු අතර ගාලු වරායේ සිට රාවණා පරයන් වෙත ගෙන යාමට උත්සාහ කලද එය අසාර්ථක විය. අනතුරුව එය බහමස් දුපතේ නැරිබියන් දුපත් ආශ්‍රිතව සවිකල බව සදහන් වෙි. මුල් උත්සාහය අසාර්ථක වුවද ප්‍රදීපාගාර ඉදිකිරීම් කටයුතු බ්‍රිතාන්‍යය රජය අතහැර දැමුවේ නැත. එඅනුව දෙවන ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඉදිකිරීම් කටයුතු සදහා ප්‍රදීපාගාර ඉන්ජිනේරුවකු වු D.N Douglass වෙත පවරන ලදි.

    ඒ අනුව පලමු වරට විදුලිය සොයාගත් Michael Faraday ගේ සහයෝගය ඇතිව ප්‍රදීපාගාරයේ විදුලි පහණ නිර්මාණය කල අතර ස්කොට්ලන්තයේදි කපා සකස් කොට ගත් ටොන් දෙකක් තුනක් බරැති ගල් කුට්ටි දහස් ගණනක් නැවි මගින් ගාලු වරායට ගෙනවිත් ගාලු වරායේ සිට නැව් මගින් රාවණා පරය ආසන්නයට ගෙනවිත් දොඔකර ආධාරයෙන් හිරිගල් පරය මත තබා ප්‍රදීපාගාරය නිර්මාණය සිදු කරන ලදි.එ 1878දිය. මෙම මහා රාවණා හා කුඩා රාවණා ගල්පර ආශ්‍රිතව ප්‍රදීපාගාර ඉදිකිරිමෙන් මහා ඛෙදවාචකය අවසන් විය. ටයිටැනික් නෞකාව හිම කන්දක වැදිමෙන් සිදු වු අනතුර මෙන්ම මෙම ගල්පර වල වැදි සිදු වු ඛෙදවාචකයන් අතර “රිදි කාසි නැව,බෝතල් නැව.තඹනැව. යකඩ නැව” ගැන පුරාවිද්‍යා ගවේෂණන් ගාල්ල මුහුදු පුරාවිද්‍යා එකකය විසින් සිදු කල අතර එවා සම්බන්ධයෙන් ⁣ඉදිරියේදි ලිපි මගින් දැනුවත් කරනු ලැබේ අප සමග රැදි සිටින මෙන් ඉල්ලා සිටිමු………….

    වි⁣ශේෂ ස්තුතිය- මහින්ද කරැනාරත්න

    චමල් ගමගේ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img