වැටුප් විෂමතාවක් මුල්කරගනිමින් ගුරු – විදුහල්පතිවරු නිරතව සිටින වෘත්තීය ක්‍රියා මාර්ගය සාකච්ඡා මගින් විසදීමට අවශ්‍ය පියවර ගන්නා බව නව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරයි.
නව අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසු බෞද්ධාලෝක මාවතේ ධර්මායනයට ගොස් ඇල්ලේ ගුණවංග හිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා එසේ පැවැසීය.
"අපේ දරු පරම්පරාව කියන්නේ අපේ රටේ අනාගතය. එය ගැඹුරින් අවබෝධ කරගෙන කටයුතු කිරීමට අඛණ්ඩව අපි ක්‍රියාකරනවා. සාකච්ඡා මාර්ගයෙන් අමාත්‍යාංශයේ වැඩ භාරගත්තහම ගුරු ගැටලුව ගැන කටයුතු කරනවා." යැයි එහිදී අමාත්‍යවරයා සදහන් කරනු ලැබීය.