ලෝකය පුරාවට කඩොලාන විශේෂ 54ක් පමණ වාර්තාවන අතර ඉන් විශේෂ 21ක් පමණ මෙම කුඩා සුන්දර දිවයින තුළ වාර්තා වේග මෙම විශේෂ අතුරින් බෙහොහොමයක් විශේෂ රට වටා හොඳ ව්‍යාප්තියක් පෙන්වන අතර විශේෂ කිහිපයක් වියළි කලාපයට පමණක් සීමාවී ඇත. මෙරට වාර්තාවන කඩොලාන විශේෂ අතුරින් රතුපුංකණ්ඩ (Ceriops decandra) සහ රතමිල්ල (Lumnitzera littorea) යන කඩොලාන දැඩි ලෙස තර්ජනයට ලක් ව ඇත. මේ අතරින් වඩාත්ම තර්ජනයට පත්වූ ශාකය වන්නේ රතමිල්ල වන අතර එයට හේතුව මෙම ශාකයේ ව්‍යාප්තිය මෙන්ම ගහණය ඉතාකුඩා වීමයි.
මෙම විශේෂය Combretaceae කුලයට අයත් වනඅතර ජලාබුජ ප්‍රරෝහණය නොපෙන්වන කඩොලාන ශාකයකි. මෙම ශාකය ආසියාතික රටවල සහ උතුරුදිග ඕස්ටේ්‍රලියාවේ බහුල ව හමු වූ නමුත් මේ වනවිට මිනිසාගේ විවිධ නොමනාකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇත. චීනය ඇතුළු ඉන්දු බටහිර පැසිපික් (Indo- West –Pacific) කලාපයේ මෙම ශාකය වඳවීමේ තර්ජනයට පත් ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ද මෙම ශාකය 1997ල 2012 සහ 2020 ජාතික රතුදත්ත වාර්තාවන්හි දැඩි ලෙස තර්ජනයට පත් ශාකයක් ලෙස හඳුන්වා දී ඇත.
මෙතෙක් කලක් මෙම ශාකය මාදුගඟට පමණක් සීමා වූ ශාකයක් ලෙස හඳුණාගත් අතර මේ වන විට මෙම ශාකය බෙන්තර ගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන් ද සොයාගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත. මෙම කණ්ඩායම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පස්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ශීෂ්‍යයෙක් වන මධුශංක, කඩොලාන පර්යේශකයෙකු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ සේවයේ නියුතු ආචාර්ය මනෝජ් ප්‍රසන්න සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ මාහාචාර්ය කිත්සිරි රණවන යන අයයි.
මේ දක්වා මෙරට වාර්තා වී ඇත්තේ වසර 100කට වඩා පැරණි ගස් කිහිපයක් නමුත් මෙම නව සොයාගැනීමත් සමග වසර 2-20ත් අතර පමණ වයසේ පසුවන ශාක 50ක පමණ ගහණයක් වාර්තා කිරීමට මෙම පර්යේශකයන් සමත්ව ඇත. එමෙන්ම සොයාගන්නා විටත් මෙම ස්ථානයේ ගස් කිහිපයක් කපාදමා තිබූ අතර ඉතිරි ශාක ද අනතුරු දායක තත්වයක ඇත. මෙම පර්යේශකයන් දක්වන ආකාරයට වනසංරක්ෂන දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශය එක්ව මෙම ශාක සංරක්ෂණයට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් මූලික සාකච්ඡා අරඹා ඇත.