ලොවම බිලිගත් කොරෝනා ව්‍යසනය පිලිබඳව සලකා බැලීමේ දී එය ජෛව ත්‍රස්තවාදයේ නිර්මාණයක් බව සමහරු පවසති.
ජෛව ත්‍රස්තවාදය යනු යම් පාර්ශවයක් විසින් තම පටු දේශපාලනික හෝ ආර්ථික අභිමතාර්ථ පෙරදැරිව, තවත් බාහිර පාර්ශවයක් වෙත චේතනාන්විතව සිදුකරන විනාශකාරී ක්‍රියාමාර්ගයක් වන අතර, අහිතකර ක්ශුද්‍ර ජීවීන්, අහිතකර රසායන ද්‍රව්‍ය හෝ විෂ සහිත ද්‍රව්‍ය බාහිර පාර්ශවය වෙත චේතනාන්විතව නිරාවරණය කිරීම මෙහි ක්‍රියාවලිය යි.
කොවිඩ් 19 යනු ජෛව ත්‍රස්තවාදයෙහි නිර්මාණයක් ද නැතිද යන්න තවමත් ආන්දෝලනයකට තුඩු දී ඇති කරුණකි.
වෛරස නිර්මාපකයින්, පසුව ප්‍රතිවෛරස නිෂ්පාදන ව්‍යාපාරයේ යෙදෙන බවට වන ප්‍රවාදය ලොව පුරාම පැතිර ඇත. ආනයනික කාබනික පොහොර හරහා සිදුවිය හැකි හානිය සහ ඒ සබැඳි ප්‍රශ්න අප සාකච්ඡා කළ යුතු වන්නේ ඒ නිසාය.
කාබනික පොහොර
කාබනික පොහොර යන්න පිළිබඳ අර්ථදැක්වීම් බොහෝමයකි. සරළව එය ජීවී ද්‍රව්‍ය ස්වභාවිකව දිරාපත්ව සැකසෙන, ශාක වර්ධන අවශ්‍යතා සපුරණ මිශ්‍රණයක් ලෙස දැක්විය හැකිය. රසායනික පොහොර වලට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් වගාවන්ට යෙදිය යුතු අතර, එහි ප්‍රයෝජ්‍යතාව හෝ කාර්යක්ෂමතාව රසායනික පොහොර වලට වඩා බෙහෙවින්ම අඩුය.
රසායනික පොහොර වලට සාපේක්ෂව කාබනික පොහොර වඩා සෞඛ්‍ය හිතකර බවට වන ප්‍රවාදය අර්ධ සත්‍යයක් බව සත්‍යගවේෂී ගේ හැඟීමයි.
ඒ ඇයි?
රසායනික පොහොර ආකලන යනු ශාක වර්ධනයට අවශ්‍ය නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් සහ වෙනත් අධිමාත්‍ර සහ අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ඇතුළත් ක්‍රමවත් සංයෝග මිශ්‍රණයකි.
පසුගිය වසර හතළිහක කාලයක් තුළ වැඩිදියුණු කළ ශාක ප්‍රභේදවල, වර්ධනය සහ අස්වනු වැඩිකර ගැනීම රසායනික පොහොර සහ රසායනික පලිබෝධ නාශක මතම රඳාපවතින ලෙස සකසා ඇත.
ගොවියන් හුරුව ඇත්තේ ඒවාටය. ගොවිබිම් පුරුදු වී ඇත්තේ ඒවාටය. ශාක සැකසී ඇත්තේද රසායනික පොහොර සඳහාය. ගොවියෝද ගොවියන් හරහා වෙනත් පාර්ශවද (දේශපාලන සංවිධාන, සමාගම් සහ අන්තර්ජාතික බලවේග) සටන් වදින්නේ මේ නිසාය.
එකවර කාබනික වගාවට යොමුවීම සෞඛ්‍යය නගාසිටුවීමට කොතරම් සාධනීය වුව ද ආහාර හිඟයක් සහ ආර්ථික අර්බුදයක් ඇතිවීමට අනිවාර්ය බලපෑමකි.
බාස් උන්නැහේලාගෙන් කොරෝනා පැණි බිව් රටක ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පවතින අර්බුදය අද ඊයේ ඇතිවූවක් නොවේ.
“වියත්-විද්වත්” දෙපාර්ශවයම තමා හොඳින් ප්‍රවීණ ක්ෂේත්‍රයට පිටින් උපදෙස් දීමට යෑමත්, රට කරවන ඇත්තන් ඒවා හිස්මුදුනින් ක්‍රියාත්මක කිරීමට යෑමේත් ආදීනව බොහෝය.එම ආදීනව අදට වඩා හෙට දිනයේ පෙනෙනු ඇත.
අඳබාල වියතුන් සහ විද්වතුන් නටවන මෙම විදේශික නූල් සූත්තර තේරුම් ගැනීමට අප සමාජය තවම දැනුවත් නොමැත! යැයි හැඟෙයි.
කාබනික පොහොර අවශ්‍යම නැතිද?
කාබනික පොහොර යෙදීම ද අවශ්‍යය. රටක සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, ආර්ථිකය යන බොහෝ ක්ෂේත්‍ර වලින් බැලූ කල, එය ඉතාමත් ප්‍රශංසනීය තීරණයකි.
උසස් ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර යෙදීමත්, එයට ශාක මෙන්ම ප්‍රජාව හුරු කිරීමත් සිදුවිය යුත්තේ ක්‍රමිකවය.
කාබනික පොහොර යෙදීම රසායනික පොහොර වලට වඩා හානිකරද?
ඔව් සහ නැත.
උසස් ප්‍රමිතියෙන් තත්ත්ව ආරක්ෂණය කොට සැකසූ කාබනික පොහොර යොදන්නේ නම් හානිකර නොමැත. එහෙත්, යම් භූ-දේශපාලනික හෝ පෞද්ගලික ආර්ථික වාසි අරභයා බාල පොහොර සහ විෂ සහිත පොහොර යොදන්නේ නම් වන හානිය මෙතකැයි කියා නිම කළ නොහැක.
බොහෝමයක් නගරසභා සහ ප්‍රාදේශීය සභා විසින් සකසන කාබනික සහ කොම්පෝස්ට් පොහොර නිසි ප්‍රමිතියෙන් තොර වේ. ඒවායේද බැර ලෝහ අධිකව පවතී. අහිතකර ක්ෂුද්‍ර ජීවීහු සිටිති. මේ නිසා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම ප්‍රඥාගෝචර දැයි දැවෙන ප්‍රශ්නයකි.
ප්‍රමිතියෙන් තොර පොහොර යෙදීමෙන් වන හානිය කාබනික ද රසායනික ද කියා වෙනසක් නැත. එහි හානිය වන්නේ ඒ ගැන හාංකවිසියක් නොදත්, අහිංසකයන් හටය. අද දින සිතා හෝ නොසිතා සිදු කෙරෙන හානිය වැඩිවශයෙන් දැරීමට වන්නේ අපේ අනාගත පරපුරට ය. එනිසා හරි දේ කිරීමත්, හරි දේ වෙනුවෙන් පෙනී සිටීමත් අද දවසේ අප සැමගේ කාර්යයභාරයයි. වාද භේද දුරැරලා මේ ගැන කැපවීම අපගේ යුතුකමය, වගකීමය.
ජෛව ත්‍රස්තවාදය
ජෛව ත්‍රස්තවාදය යනු කුමක්දැයි ඉහතදී දැක්වූයෙමි. එහි හානිය කුමක්දැයි සළකා බලමු.
ආනයනික කාබනික පොහොර වල ආනයනික රටේ දැකිය හැකි ක්ෂුද්‍ර ජීවීන් ස්වභාවිකව දැකිය හැක. ඒ රටේ පරිසර තත්ත්වය තුළ ප්‍රමුඛව නොවුනත්, ලංකාවේ පාරිසරික තත්ත්වය තුළ ඔවුන්ගේ හැසිරීම කෙසේදැයි අප කිසිවෙක් නොදනී.
එමෙන්ම හානිකර ක්ෂුද්‍ර ජීවීන් මෙන්ම හිතකර ක්ෂුද්‍රජීවීන් ඒ තුළ සිටිය හැක. විනාශකාරී කාර්මික අපද්‍රව්‍ය එහි තිබිය හැක. බොහෝ කාර්මික රටවල් තම කාර්මික අපද්‍රව්‍ය කාබනික පොහොර ලේබල් යටතේ තෙවන ලෝකයේ රට වලට මිලකට හෝ නොමිලයේ තල්ලු කිරීමේ ඉතාමත් සදාචාර විරෝධීය. එය අන්තර්ජාතික නීති අනුවද වැරදි දෙයකි.
දෙවතාවක් පරීක්ෂා වලින් අසමත්ව ඇති චීන පොහොර ලංකාව වෙත රැගෙන ඒමට චීන තානාපති කාර්යාලය තර්ජනාංගුලිය දැක්වීමත්, ශක්තිමත්ව ලංකාවේ තිබෙන ශාක නිරෝධායන නීති පද්ධතිය වෙත අනවශ්‍ය බලපෑම් කොට හෝ චීන කාබනික පොහොර ලංකාව වෙත ගෙන ඒමේ බලධාරීන්ගේ නිර්ලජ්ජිත කටයුතු කෙසේ හෝ නවත්වාලිය යුතුමය. කොහෙන් හෝ තෙවනවර පරීක්ෂා කොට ලංකාව වෙත අසමත් චීන පොහොර ගොඩබෑම නොකළ යුතුය.
ණයහිමියන්ගේ තර්ජනාංගුලිය කෙසේ වෙතත්, රටේ ස්වෛරීයත්වයට බලපෑම් කිරීම කළ නොහැකි බව අන්තර්ජාතික බැඳීමයි.
කාබනික පොහොර හරහා පැමිණෙන ආගන්තුක ක්ෂුද්‍ර ජීවින් ව්‍යාධිජනකයින් විය හැක.
කඳුකරයේ වගාවන් වලට ඒවා යෙදීමෙන් ගංගා ඇළ දොළ හරහා සමස්ත රටම හානියට පත් කිරීමට චේතනාන්විතව හෝ අචේතනාන්විතව ජෛව ත්‍රස්තවාදයට හැකියාව ඇත.
කාබනික ලේබලය යටතේ පැමිණිය හැකි කාර්මික අපද්‍රව්‍ය වල අතිමහත් බැරලෝහ සහ දත් නොදත් බොහෝ හානිකර ද්‍රව්‍ය ලක් පොළොව වෙත යෙදෙවෙනු ඇත. මෙයින් සිදුවන හානිය පසුගිය හතලිස් වසර තුළ රසායනික පොහොර වලින් සිදුවූ සමාජ-ආර්ථික හානිය මෙන් කිහිපගුණයක් වීමට ද ඉඩ තිබේ.
චීනයෙන් ඇරඹි කොවිඩ් ව්‍යසනයේ බලපෑම මතකයේ තබාගෙන සබුද්ධිකව කාබනික පොහොරට මුවා වී එන ජෛව ත්‍රස්තවාදය පරාජය කිරීමට රටකරවන ඇත්තන්ගේ ඥානය පහල වේවා!
එන්න පුළුවන් වුනොත් ආයේ එඤ්ඤං
මම
රටට හිතවත්,
සත්‍යගවේෂී