මහේෂානි මීගහපොල
පුංචි පැටියාට කෑම කවන එක තරම් යුද්ධයක් අම්මලාට නැති තරම්. මව්කිරි බොන කාලේ නම් බෝලේ වගේ හිටියා. ඒත් බත් කන්න ගත්තත් හරි දවසින් දවස කෙට්ටු වෙනවා. අනේ මන්දා බත් කටක් කන්නෑනේ. බොහොමයක් අම්මලාට තියන ලොකුම හිත් වේදනාව තමයි පුංචි පැටියාගේ බංඩිය පුරවන එක.
ඇත්තටම පුංචි බබාට කවන්න මෙච්චර අමාරු ද ? අද අපි ඒ ගැන කතා කරන්න සම්බන්ධ කරගත්තා, රිජ්වේ ආර්යා ළමා රෝහලෙහහි සේවයේ නියුතු ජේෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා.
1. දරුවෙකුට මව්කිරි ලබා දීම කොතරම් වැදගත් ද ?
මෙලොව එළිය දුටු දරු පැටියාට ජීවය දෙන්න සොබා දහමින් නිර්මාණය කළ අපුර්ව දායාදය මව්කිරි. බිළිඳු කුස පුරවමින් මුලික පෝෂණ අවශ්‍යතා සපුරන මව්කිරි දරුවාගේ වර්ධනයට අවශ්‍ය වන පෝෂණ සංඝටක රැසකින් සමන්විතයි. ඒ වගේම මව හා දරුවා අතර බැඳිම වඩාත් ශක්තිමත් කරයි. ප්‍රතිදේහ / සෛල වර්ග විෂබීජ නාශ සෛල වර්ගගොඩක් තියනවා. බඩවැල් වල තියන හොඳ බැක්ටීරියා අඩංගුයි. නැත්නම් පසුකාලීන පිළිකා වැනි ගොඩාක් ගැටලු එන්න පුළුවන්. බඩවැල් වල හොඳ බැක්ටිරියා කාරක සෑදීමේ ගුණය මව්කිරි වල අඩංගුයි. මව්කිරි ගත්තාම පණ තියන තරලයක්. පණ තියන සෛල තියනවා. ඒක පිටිකිරි වල කවදාවත් ගන්න බැහැ. ළමයාගේ මොළය, ඇස් වර්ධනයට අවශ්‍ය සංඝටක තියෙනවා. ඒවා කෘතිමව හදන්න අමාරුයි. ඒක ගොඩක් උත්සහ කරනවා ව්‍යාපාර සංස්ථා මව්කිරි වගේම හදන්න. ඒ ගොල්ලෝ පෙන්නලත් තියනවා මව් කිරි බොන ළමයි බුද්ධි ඵලය ( IQ ) පිටිකිරි බොන ළමයින්ට වඩා ඒක ගොඩක් වැදගත්. ඒවා තමයි ප්‍රධානම. අනෙක් එක තමා මව්කිරි දෙන අම්මා කෙනෙකුට ආර්ථික ශක්තියක් වැය වෙන්නේ නැහැ. පිටිකිරි ගන්න ගියොත් එහෙම ලොකු වියදමක් යනවා මාසෙකට. ප්‍රධානම දේ තමයි මව්කිරි දෙන බබා හා අම්මා අතර සහ සම්බන්ධය. පිටිකිරි බොන බබාලට එහෙම එන්නේ නැහැ. මානසික වර්ධනයෙහි ලොකු වෙනසක් තියන බව පෙන්වලා තියනවා. මව්කිරි දෙන බබාලගේ. ඒ වගේම අම්මලාගේ එන ගැබ්/ පියයුරු පිළිකා වැනි ගොඩක් ලෙඩ රෝග අඩුයි කියලා සොයාගෙන තියනවා මව්කිරි ලබාදීම හරහා.
2. දරුවාට ඝන ආහාර ලබා දිය යුතු කාලයක් තියනව ද ?
ඝන ආහාර දෙන එක මෙහෙමයි. මාස 06 ක් විතර වෙනකම් මව්කිරි තමයි දෙන්න ඕන. මාස 06 න් පස්සේ අමතර ආහාර ටික ටික ලබා දෙන්න ඕන. බබාගේ කෑම වලට මව්කිරි වලින් විතරක් දෙන්න ගියොත් මාස 06 න් පස්සේ යකඩ හා අත්‍යාවශ්‍ය පෝෂණ කොටස් වැනි සංඝටක ලැබිම තුළින් දරුවාගේ වර්ධනයට අවශ්‍යයි.හෙමින් පටන් ගන්න ඕන අනෙකුත් ආහාර ලබා දීමේ දී. මාස 06 න් විතර පටන් ගනිද්දි සෑම කෑම වර්ගයේම කෑම වර්ග දෙනන ඕන. කාබොහයිඩ්ඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින් මිනරල් වැනි සියලු කොටස අඩංගු ආහාර ටික ටික දෙන්න ඕන. මව්කිරි පමණක් ලබා දුන්නොත් ඌණතා එන්න පුළුවනි. මාස 06ක් ඇති වෙන්න තියනවා මව්කිරි වලින් දරුවාට අවශ්‍ය සේරම හම්බ වෙනවා. ඉතුරු ටික මාස 06 පසු වැඩි නම් දරුවාගේ වර්ධනය වේගවත් හා ( Demand ) ඉල්ලුමත් වැඩියි. යකඩ තමයි ප්‍රධානතම ඒවා දෙන්න ඕනි.
3. ඝන ආහාර වශයෙන් වර්ග කරොත් ?
ආහාරයේ ප්‍රධාන සංඝටක කාබොහයිඩ්‍රේට් ලබා ගන්න පුළුවන් ප්‍රධාන ආහාරය වන්නේ බත්. එතකොට ප්‍රෝටීන වගේ දේවල් මස්, මාළු, බිත්තර වැනි ආහාර වලින් ලිපිඩ කියන දෙයක් බොහොම වැදගත්. ලිපිඩ කියන්නේ මේදය. තෙල් වලින් පොල්තෙල් වැනි දේවල් ආහාරයක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඊට අමතරව පළතුරු/ එළවළු ගොඩාක් වැදගත් වන්නේ කාබොහයිඩ්‍රේට්/මිනරල්ස්/කෙඳි සහිත පෝෂණ සංඝටක ලබා ගන්න. මේ සියලු කෑම වර්ග දරුවාට හුරු කළ යුතුයි. එකපාරටම බැහැ. පොඩ්ඩ පොඩ්ඩ හුරු කරවන්න ඕනි. මව්කිරි ටිකක් දොවලා දරුවාට මුල් මාස 06 දෙන බත් කැඳ තලපයට මිශ්‍ර කළාම එයාට මව්කිරි රස හුරු නිසා එය කනවා. පළතුරු සුප් වැනි දේවල් ටික ටික හුරු කරන්න ඕනි. පසුව පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න. මුලින්ම අඩු කෝප්ප කාලක් / භාගයක් වගේ කරලා ටික ටික වැඩි කරනවා. ප්‍රධාන වේල 03 යි. අමතර කෙටි ආහාර 02 ක් වගේ. මාස 07 / 08 විතර යනකොට බබාට පොඩ්ඩක් කෑඹ හපන්න පුරුදු කරන්න ඕනි. අම්මලා හිතන්නේ දත් එනකම් කෑම හපන්න ඕන්නැහැ කියලා. එහෙම එකක් නැහැ. එහෙම පුරුදු කලේ නැත්නම් ඒ ගොල්ලෝ අවුරුද්දක් අවුරුදු එකහමාරෙදි කෑම හපන්න පුරුදු කරන්න වෙනවා. ඒක ටිකක් අමාරුයි.
4. අම්මලාට තියන ලොකුම ප්‍රශ්නය තමයි බත් කන්නැ. කවන්න බැහැ. හරි අමාරුයි. ඒ වගේ අයට දෙන්න පුළුවන් උපදෙස් මොනවා ද ?
ඔව්. ඉස්සෙල්ලාම බබාට ආහාර ලබා දීමේ දී පළමු සැරේ අකමැති වෙන්න පුළුවනි. ඒක පස්සෙම පන්නන්නේ නැතුව දවස් 03 – 04 කින් ආපසු දෙන්න පුළුවන්. පළමු සැරේ බබා කෑවේ නැත්නම් දෙවැනි සැරේ කන්න පුළුවන්. බත් කැඳ/ සුප් වැනි දේවල් මම අර කලින් කිව්වා වගේ මව්කිරි ටිකක් දාලා දෙන්න පුළුවන්. අපි හිතමුකෝ බබා එක වේලක් ප්‍රතික්ෂේප කලා කියලා. බබාට මුකුත් වෙන්නැහැ. ඇත්තටම සමහර වේලාවට බබාට බඩගිනි නොවෙන්න පුළුවන්. අනෙක් වේලේ දී බබා කන්න පුළුවන්.
තව ප්‍රධාන හේතුවක් තමයි අවුරුද්ද පැන්න බබෙක් බත් නොකන්න හේතුවක් තමයි බබාට රෑ තිස්සේ පැයෙන් පැයට එළිවනතුරු මව්කිරි දීම. ඒ පුරුද්ද නැති කරන්න ඕනි. එහෙම අවශ්‍ය නැහැ. ඒ වගේම අතර මැද කෙටි ආහාර වේලාවේ දී බිස්කට් ලබා දීම. බිස්කට් වල තියෙන්නේ MT කැලරි ඒවා වැඩක් නැහැ දරුවන්ට. නිකං බඩ පිරෙනවා විතරයි. ඉතිං බබා කන්නැහැ. අමතර කෙටි ආහාර වේලේ දි යෝගට් එකක්, පළතුරු ටිකක් ලබා දෙන්න පුළුවනි. සෞඛ්‍යයට අහිතකර ආහාර පාන ලබා දීම හොඳ නැහැ.
5. කාබොහයිඩ්‍රේට් අවශ්‍යතාවයට බත් ම දීම අවශ්‍ය ද ? වෙනත් ආදේශක ලබා දුන්නාට කමක් නැද්ද ?
පුළුවන් දෙන්න. ලංකාවේ අපි හුරු වෙලා ඉන්නේ බත්. බබා බත් කන්නේම නැත්නම් අපිට වෙන ඒවා දෙන්න පුළුවනි. පැස්ටා, නුඩ්ල්ස්, ඉඳි ආප්ප වුණත් කමක් නැහැ. පාන් ගොඩක් අය දෙන්න අකමැතියි. හැබැයි අපි පුරුදු කරගන්න ඕනි බත් වලට. කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕනි.
6. සමහර අම්මලා බබාලට පිටිකිරි හුරු කරන්න බලනවා. ඒක හොඳ ද ?
සමහර අවස්ථා එනවා පිටි කිරි ලබා දෙන්න වෙන. එක් හේතුවක් තමයි රැකියාව. උදේම ගිහින් රෑ වෙලා රැකියාවකට ගිහින් එන අම්මෙකුට. පිටිකිරි එකපාරටම දෙන්න ඕන්නැහැ. ඉස්සෙල්ලා ම මව්කිරි දොවලා යන්න පුළුවන්. සමහර අම්මලාට ඒක කරදරයි නම් අපි අම්මාගේ මතයටත් ගරු කරන්න ඕනි. බනින්න / ගරහන්න හොඳ නැහැ. අම්මලාට කියා දෙන්න ඕනි මව්කිරි වල වැදගත්කම. මව්කිරි දොවලා ගබඩා කරන අයුරු හා ගෙදර බබා ගාව ඉන්න කෙනාට පොවන අයුරු භාජන පිරිසිදු කරන අයුරු. එහෙම කරදර නම් පිටිකිරි වලට හුරු කරන්න වෙනවා. හැබැයි පිටිකිරි ලබාදීමේ දී සමහර බබාලට ප්‍රෝටීන් ඇලජික් එන්න පුළුවනි. හැම බබාටම එහෙම වෙන්නැහැ. මුලින් පිටිකිරි දීලා බලන්න ඕනි. හැබැයි පුළුවන් හැම වේලාවක දීම මව්කිරි ලබා දිය යුතුයි. කිරි බෝතලය හුර කරන්න එපා. බෝතල් කිරි බීපුවාම දරුවා අම්මගේ කිරි උරා බොන එක සම්පුර්ණයෙන්ම නවත්වනවා.