fbpx
තවත්
    මුල් පිටුවCOVIDයළිත් මාස්ක් අනිවාර්ය කරන්න - විශේෂඥ වෛද්‍යවරු

    යළිත් මාස්ක් අනිවාර්ය කරන්න – විශේෂඥ වෛද්‍යවරු

    ජනතාව ඒකරාශීවන ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

    මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇතත්, ලොව සෙසු රටවලින් තවමත් කොරෝනා නව ප්‍රභේද වාර්තා වන නිසා එම රෝගයෙන් ආරක්ෂාවීමට මහජනතාවට තවදුරටත් උපදෙස් දිය යුතු බව එම සංගමය නිවේදනය කරයි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ සහ ලේකම් විශේෂඥ වෛද්‍ය කේ.ඥාණසේකරම් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img