හදිසියේම රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය ගත් තීරනය සමග අපේ රටේ වී වගාව ඇතුලු ආහාර බෝගවගාවන් ඉල්ලුමට සරිලන අස්වැන්නක් ලබාගැනිම බරපතල අර්බුදයකට පත් වනු නිසැකය. සැබැවින්ම මෙය එක් රැයකින් සිදුකල හැකි හෝ එක්රැයකින් කල යුතු වෙනස්කමක් නොවේ.
ඒ සදහා දශක ගනනක් රසායනික පොහොරමත යැපුනු සමස්ත වගා ක්‍රමය,කෘෂි වෙලද පොල,දේශිය පොහොර නිශ්පාදනයේ ප්‍රමානාත්මක හා ගුනාත්මක බව මෙන්ම පාංශු හා පාරිසරික ලක්ෂන විදිමත්ව අද්‍යයනය කොට එම අවබොදය මත ක්‍රමානුකුලව කාබනික වගාවන්ට මාරුවිමේ සුරක්ෂිත වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවිම සිදුවිය යුතුමය.
කෙසේ වෙතත් යම් හෙයකින් ඉදිරි වසරට රසායනික පොහොර ගෙන්විමක් සිදුනොවන්නේනම් ඒ සදහා වන වඩාත් සාර්තක විකල්පයන් පිලිබද මේ මොහොතේ සිට අවදානය යොමු නොකල හොත් සමස්ත ගොවිජනතාව මුහුන දෙන අර්බුදය වඩාත් ඛේද ජනක වනු ඇත.
රසායනික පොහොර වෙනුවට මැතකාලිනව ලෝකයේ ජනප්‍රියවු කාබනික වගා ක්‍රම රාශියක් පවතින අතර ඒවා අඩු වැඩි වශයේන් විවිධ භු දේශගුනික කලාපයන් තුල සාර්තකත්වයන් අත්කරගෙන තිබේ.
එවැනි කාබනික පොහොර බාවිතයන් අතුරින් ආසියානු කළාපයේ සාර්තකත්වයක් දරා ඇති විකල්ප ක්‍රමවේදයක් ලෙස Azolla fertilizer හදුනා ගත හැක. මෙය යුරියා මගින් ලබාදෙන නයිට්‍රජන් අවශ්‍යතාවය සදහා යොදාගන්නා විකල්පයකි. Azolla නමින් හදුන්වන්නේ ජලය මත පාවෙමින් වැඩෙන පර්ණාංග (Pteridophyte) ශාකයකි. මෙය සැල්විනියා හෝ ජපන් ජබර ජලය මත වැවෙන ආකාරයටම ජලමතුපිට වර්ධනයවේ.
මෙම ශාකයේ සුව්සේශි වටිනාකම වනුයේ මෙයට රනිල ශාකයක් මෙන් එයටත් වඩා කාර්යක්ෂමව වායුගොල්ය නයිට්‍රජන් තිරකරගැනිමේ හැකියාවක් පැවතීමයි. මෙම සුවිශේෂි හැකියාව අත්කර ගෙන ඇත්තේ Azolla ශාකයේ මුලපද්ධතියෙහි ජිවත්වන Anabaena azollae නම් සයනොබැක්ටිරියා (නීල හරිත ඇලිගි) මගිනි.
Anabaena azollae නම් මෙම සයනොබැක්ටිරියාව වායුගොලිය නයිට්‍රජන් උරාගනිමින් ඒවා නයි්‍රජනිය කාබනික සංයෝගයක් බවට පත්කරයි. ඉන්පසු එය ඇමොනිය්ම් ලෙස පසට එකතුවන අතර ඒවා නයිට්‍රිකරනය නම් බැක්ටිරියා ක්‍රියාකාරිතිවයකින් ශාකවලට අවශෝෂනය කල හැකි නයිට්‍රේට් අයන බවට පත්විම සිදුවෙි. මෙම Azolla ශාකය නොගැබුරු කටාකයක/දියකඩිත්තක වගා කොට සති 3 ක් පමන ගිය පසු එම ශාක එකතුකර කාබනික පොහොර ලෙස බාවිත කිරිම සිදුකරයි.
මෙහිදි Azolla fertilizer භාවිත කරනු ලබන ක්‍රම කිහිපයක් පවති. එක් ක්‍රමයක් වන්නේ කුඹුරු වගාවේ වි පැල සිටුවිමට සත් දෙකකට පමන පෙර අමු ඇසොල්ලා ශාක ජෛව ස්කන්දය පසට කවලම් කොට තැබීමයි. එමෙන්ම වෙන් කර ගන්නා ලද Azolla ශාක අස්වැන්න දිරාපත්විමට ඉඩ හැර එමගින් ඇතිවන කොම්පෝස්ට් වගාබිම් වලට යෙදිමද සිදුකරයි.
මෙම ක්‍රම දෙකටම අමතරව සජිවි ඇසොල්ලා ශාක කුඹරේ වි වගාව සමගම වගා කිරිමේ ක්‍රමයක්ද භාවිත වේ. මෙම ක්‍රමයේදි ගොයම් ගස් අතර ඇසොල්ලාද වැවෙන අතර එම ශාක මගින් තිර කරනු ලබන නයිටුජන් ගොයම් ගසේ වැඩිමට අවශ්‍ය පෝෂනය ලබාදෙනු ඇත.
එමෙන්ම මෙම මිශ්‍රවගාව පරිසර විද්‍යාත්මක සේවවාන් කිහිපයක් ලබාදෙන බවද සදහන්වේ. එනම් Azolla ශාකය ප්‍රභාසංස්ලේෂනයෙන් මුදාහරින ඔක්ෂිජන් වගාබිමෙහි/කුඹුරෙහි ජලය තුල දියවෙමින ජලය ද්‍රව්‍ය ඔක්ෂිජන් ප්‍රමානය ඉහල නංවන අතර එමගින් වගාවට හිතකර පාංශු ජිවින්ගේ ක්‍රියාකාරිත්වය වැඩිකරයි. මෙය ජලයේ Ph අගය යාමනය කිරිමක්ද සිදුකරයි.
සාමාන්‍යයෙන් වියලි ස්කන්දය අනුව Azolla ශාකය ජෛව ස්කන්දයෙන් 5%ක් පමන නයිට්‍රජන් පවතින අතර පොටැසියම්, මැගිනිසියම් හා පොස්පරස් යන පෝෂකයන්ද අංතරගතවේ. ඉන්දියානු හා පිලිපින පර්යේශන පත්‍රිකාවන්හි සදහන් වන ආකාරයට ඇසොල්ලා අමු ශාක ටොන් 8 ක් මගින් යුරියා කිලෝ හැටක පවතින නයිට්‍රජන් ප්‍රමානය සපයාදෙනු ඇත.
මේවන විට මැලේශියාව,ඉන්දියාව හා පිලිපිනය හා තායිලන්තය මෙම Azolla fertilizer බාවිත කරනු ලබන අතර එමගින් යුරියා හා අනෙකුත් රසායනික පොහොර අවශ්‍යතාව අවම කරගැනිමට ඔවුන් සමත්වි ඇත. ශ්‍රිලංකාවේද මෙම පොහොර භාවිතය අරඹා ඇති නමුත් තවමත් එතරම් සුලබව බාවිත නොවේ මේ අනුව අප රටේ කෘෂි විද්‍යාඥයින් මේ පිලිබද අවදානය යොමුකොට අපගේ පාංශු හා දේශගුනික තතිවයන්ට අදාලව පලදායි ලෙස බාවිත කිරිම සදහා තවදුරටත් පර්යේෂනයන්හි නියැලෙන්නේ නම් පරිසරහිතකාමි සාරත්ක ප්‍රතිපල අත්කර ගැනිමට හැකිවනු ඇත.