වාචිකත්වය යන දෙයින් ඔබ්බට ගිහින් දෘශ්‍ය හෝ වේවා චේතනාන්වීක හෝ වේවා නොඑසේ නම් හැඟීම් ලෙස දුරස්ථව සිටින කෙනෙක් හට යම් උපකරණ රහිත මනෝ සන්නිවේදනයක් කරන්නට හැකියාවක් තිබෙන බවට ඔබ දන්නවාද?
බොහෝවිට මෙම විෂය පථයේ ඍජු විද්‍යාත්මක ඔප්පු කිරීම් එතරම් පෙනෙන්නට නැතත් මේ පිළිබද පර්යේෂණ ලොව පුරා සිදුවෙන බවනම් සත්‍යක්. මිනිස් සිරුරේ ඔක්සිටෝසීන් නම් වූ හෝමෝනයට අන් අයගේ මානසික තත්ත්වය අනුමාන කිරීමේ හැකියාව වැඩි දියුණු කරන්නට හැකියාවක් ඇති බව ”ග්‍රෙගර් ඩොම්ස්” ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් 2016 දී පර්යේෂණ පත්‍රිකාවක් හරහා පර්යේෂණ ප්‍රතිඵලයක අනාවරණයක් ප්‍රකාෂයට පත් කළා.
තවද “කාල්ස් ග්රව්” හා පිරිසද 2014 දී සොයා ගනු ලැබුයේ අන්තර්ජාලය හරහා මනෝ සන්නිවේදනයක් කළහැකි බවයි. මීට පාදක වුයේ ඉන්දියාවේ සිටින කෙනෙකු අන්තර්ජාලය හරහා සම්බන්ධ වී යතුරුපුරුව හෝ චලන අංග භාවිතා නොකර හෝ එකිනෙකා නොදැක “ඕලා” සහ “චයිල්ඩ්” යන වචන ස්පාඥ්ඥයයේ වෙසෙන්නකු හට මනෝ ලෙස සන්නිවේදනය කිරීමයි. තවත් විද්‍යාඥයන් පිරිසකට පුලුවන් වුනා ‘බ්රේන් ඉමේජින් ක්‍රමය” හරහා මෙවන් සන්නිවේදනයක් කරන විටදී සන්නිවේදකයාගෙන් නිකුත්වන සංඥා රූපමය වර්ණ කදම්බ ලෙස හසුකර ගැනීමට.
කොහොමවුනත් තම මව සිතන දේ කරන දේ හෝ ලියනා දේ හරියටම එම වෙලාවේම අනුමාන කරන දරුවන් ගැනත් විටින් විට මාධ්‍ය හරහා අප දැක තියනවා.
තවද Morphic Resonance නම්වූ ජීව විද්‍යාත්මක කල්පිතයෙන්ද මොලයේ පෘෂ්ඨයෙන් ඔබ්බට විහිදෙන සන්නිවේදනය පිලිබඳ පහදා දීමක් කිරීමට උත්සාහ ගෙන තිබෙනවා. තවත් විධිහකින් කිවහොත්මේ මොෆික් කල්පිතයෙන් කියවෙන්නේ යම් ජීව සෛලයක් මුල් අවස්ථාවක සිට යම් වර්ධනයක් කරා එළබෙන්නේ හා පැවතෙන්නේ කෙසේද?, හැඩය තීරණය කරන්නේ කොහොමද? කියන එක. කෙනෙකුට හිතෙන්නට පුළුවන් DNA වල ඇති දත්තයන් නිසා කියල. නමුත් මෝෆීක් රෙසනන්ස් හරහා පහදන්නේ ඊටත් ඔබ්බට යන ශක්ති කොටසක් පිලිබදවයි.
කෙසේ හෝ රෑපර්නම් වූ විද්‍යාඥයාට අනුව නම් මොලයේ ක්‍රියාකාරීත්වය මනස තුලින් ක්ෂේත්‍ර හරහා බාහිර අවකාශයට සම්බන්ධව වෙනවා. භෞතික විද්‍යාවේ ක්වොන්ටම් න්‍යායික ප්‍රතිඵලවලට අනුව එක් කම්පනය වන අංශුවක් නිසා ඊට ඈතක ඇති අංශුවක් එම කම්පන සංඛ්‍යාතය අනුව යමින් කම්පනය වන්නට හැකියාවක් ඇති බව පෙන්වා දෙනවා. ඉතින් මේවා සන්නිවේදනය කරන්නේ කොහොමද?
ප්‍රකට භෞතික විද්‍යාඥයකු වූ ජෝන් ක්ලෝසර්, ක්වොන්ටම් එන්ටෑන්ගල්මනට් කියන න්‍යායෙ උපයෝගී කරගෙන මේ පිළිබඳව තවදුරට අවබෝධ කරගැනීමට දැන් දැන් උත්සාහ කරන බවක් පෙනෙන්නට තියනවා. නමුත් මෙවන් දෙයක් ගැන පහදන්න ඔහුගේම සොයාගැනීමකට පුළුවන් වේවි කියා ඒ කාලයේ ඔහු හිතන්න නැතුව ඇති.
කෙසේ වෙතත් දුරස්ථව සිටින කෙනෙකුහට මිනිස් මනස උපයෝගී කරගෙන මනෝසන්නිවේදනයක් ක්ෂණයකින් කිරීමට හැකියාවක් පවතින බවයි මේ සියල්ල හරහා පෙන්වා දීමට උත්සාහ ගනුලබන්නේ. වෙනත් ලෙසකින් කිවතොත් අපේ ඇසට නොපෙනෙන චුම්භක ක්ෂේත්‍ර, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වැනි අදෘශ්‍ය එහෙත් තවමත් පැහදිලි නැති ක්ෂේත්‍රයක් පිළිවෙල වෙනස්කරමින් ශරීරයෙන් පිටත ජනිත කිරීමට අපේ මොලයට හැකියාවක් තිබෙනවා. ඒක මිනිස්සුන්ට විතරක් නොවෙයි සත්තුන්ටද මේ හැකියාව තියෙන බවක් පෙනෙන්නට තියනවා. අහසේ පියාසරණ කරන විශාල කුරුලු රෑන් එකවර දිශාව වෙනස්කරමින් පියාසරන ආකාර හා මසුන්ගේත් එවැනිම හැසිරීම් රටා පිලිබඳ විද්‍යාඥයාන් විසින් අධ්‍යයනයට ලක් කිරීමෙනුයි එසේ සොයාගෙන ඇත්තේ.
කෙසේවෙතත් විද්‍යාත්මක පහදා දීම් සහ සොයාගැනීම් නිසා ලෝකයාගේ උනන්දුව හා අවධානය මේ ගැන සොයාබලන්නට යොමුවුනත් අතීතයේ සිට පැවත එන බෞද්ධ දර්ශනය හා බද්ධ වූ භාවනා ක්‍රමවලත්, යෝග ක්‍රමවලත් හින්දු ආගම තුළත් පැහැදිලිව මනස හා විඥානයේ විකාශනය වගේම ස්වභාවයන් ගැන විස්තර වෙනවා. ඉතින් එලෙස ආගමික විග්‍රහ සැලකූ විට මනෝසන්නිවේදනය කියන්නේ ප්‍රාථමික මට්ටමේ දෙයක්. ඊට වඩා සිත, විඥානය වගේම මේවා පිළිබඳව ගැඹුරට විග්‍රහ වනසේම ප්‍රායෝගිකව විශ්වය හා මනස සම්බන්ධ කරගන්නා ආකාර ගැන ද විස්තර වෙනවා.
කෙසේවුවත් මනස හා විඥානයෙන් ද්‍රව්‍යවලට කළහැකි බලපෑම් හා සම්බන්ධතාව ගැන ආගමිකවත් විද්‍යාත්මකවත් කතාකර ඇති බවක් පෙනීයනවා. සමහර චිත්ත සංඥා යාන්තමින් හරි පුහුණු කලහොත් බොහෝ විශ්මිත දේවල් අපට කරන්නට පුළුවන්. ඒ වගේම විශ්වයේ භෞතික මානයට වඩා භෞතික නොවන මානය බොහෝ සෙයින් ඇතිබව ආගමිකව පැවසෙනවා. යෝගිවරු නම් පවසන්නේ අපේ මනස කුමක් කලයුතුද යනුවෙන් වෙනවෙනම සිතීමට පෙර තමාට සියලුදේ සිදුවන්නේ විශ්වයේ ඇති විශ්මිත සැබැඳියාව මත නිසා යෝග භාවනා මගින් විශ්වයට සිත නිරාවරණය කරගන්න හැටි කියාදෙනවා. බෞද්ධ දර්ශනයට අනුවනම් වීඥානය නිසා භවය ඇතිකරගන්නා ආකාරය පෙන්වා දී එම පුනර්භවය නවත්තන ලෝභ, ද්වේශ, මෝහ චක්‍රය බිඳ දමා නිවන කරා සිත මනස මෙහෙයවන ආකාරයන් හට ඉහල වැදගත්කමක් දී තිබෙන බව පෙනී යනවා.
බටහිර රටවලද දැන් දැන් භාවනව ප්‍රචලිත වෙමින් පවතිනවා. මෑත කාලයේ විදේශ රටවල අධ්‍යාපන, වගේම සන්නද්ධ අංශ, බුද්ධි අංශවලත් ‘Mindfulness’ යනුවෙන් හැදින්වන සිත ඒකාග්‍රකරණ භාවනා විධි පුහුණු කරනවා.
ආගමිකවත් විද්‍යාත්මක වගේම සාමාජිකවවත් සිත හා මනසේ ක්‍රියාවන් වැදගත්වන බව අප අමතක නොකල යුතුයි. වර්තමාන සමාජයේ බොහෝ ප්‍රචලිතව සිවිල් සමාජීය පුද්ගලයන් විසින් නොයෙක් දේශනා පැවැත්විමෙන් චිත්තය නොමග යවන දේ සමාජගත වනවා අප දැක තිබෙනවා. ඉතින් වැදගත්ම දේ අපේ සිත හා මනස යහපතට දියුණු කරගන්නා එකයි. එහෙම වුනොත් යහපත් හා ශික්ෂාකාමී සමාජයක් ඉන් ඇතිකල හැකි බව පෙනීයනවා.
ආචාර්ය ආර්. චින්තක එල්. ද සිල්වා
ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ-කාර්මික තාක්ෂණ ආයතනය.
සාමාජික, ශ්‍රී ලංකා විද්යාභිවර්ධන සංගමය (SLAAS)/ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය (IPSL)