fbpx
තවත්
    මුල් පිටුවspecialභූ කම්පනයේ නොදුටු පැත්ත

    භූ කම්පනයේ නොදුටු පැත්ත

    මේ දිනවල ලෝකයම කම්පා කළ, දැනට තහවුරු කරගත් දත්ත අනුව 49000 කට අධික ප්‍රමාණයක් ජීවිත අහිමි වී ඇති බව කියැවෙන පුවත වුණේ තුර්කියේ සිදුවූ භූ කම්පනයයි. මෙය සිදුවී දින කිහිපයක් ගතවත්ම ඉකුත් පෙබරවාරි 10 වැනිදා, ශ්‍රී ලංකාවේ බුත්තල තදාශ්‍රිත ප්‍රදේශයේ ද යළි පෙබරවාරි 22 වැනිදා වැල්ලවාය කලාපයේදීද සුළු භූ චලනයක් සිදුවූ බවටත් වාර්තා වුණා.

    භූමි කම්පාවල ඈත ඉතිහාසය පිළිබද නිශ්චිත දත්ත නැතත් ක්‍රිස්තු පූර්ව 1177 දී චිනයේ වූ සිදුවීමක් පිළිබඳව ඉතිහාසයේ දක්වන බව පැවසෙනවා. මෑත කාලයේ සුනාමිය හටගත් (2004) භූ කම්පනය හැරුණුකොට, 1960 දී වැල්ඩිවියා (9.5) හා 1964 දී ඇලස්කාව ආශ්‍රිතව (9.3) සිදුවූ භුමිකම්පා බලවත්ම භූමි කම්පන ලෙසට සැලකෙනවා. තුර්කියේ භූමිකම්පාව නම් ප්‍රභලත්වය වාර්තාවුනේ 6.3ක්. ඉතින් ජීවිත, පරිසරය වගේම දේපල මහා පරිමාණ ලෙස විනාශ වන මේ භූමිකම්පා ඇතිවන ආකාරය ගැන අපි දැනුවත් වෙමු.

    බිත්තරයක කොටස් ගත්විට එහි මැද ඇති කහ මදය වටකරගෙන ඇති සුදු මදය ද වසාගත් බිත්තර කටුව බිත්තරයක කොටස් ලෙස ඔබ නිරීක්ෂණය කරලා ඇතිනේ. අන්න ඒ වගේම තමයි පෘථිවියත් කොටස් ලෙස ගත්කල පෘථිවියත් ප්‍රධාන කොටස් කිහිපයකට පහත රූපය1 ආකාරයට පෙන්වා දෙන්නට පුළුවන්. වසර බිලියන 4.6 කට පෙර බර මූලද්‍රව්‍ය දෙකක ඝට්ටනයකින් පෘතුවියේ මුල් අභ්‍යන්තර හරය (Inner core) නිර්මාණය වූ බවටයි දැනට පවතින පිළිගැනීම. පොළවේ ඇති ස්ථරවල විවිධ වූ මුලද්‍රව්‍යවල සම්මිශ්‍රණ ඇති අතර භෞතික ගුණාංග ලෙස උෂ්ණත්ව, ඝනත්ව, දුශ්‍රාවිතාව ගෙනහැර දැක්විය හැක. ඝනත්ව අඩු මිශ්‍රණ මතුපිට දෙසට පෙළගැසෙන ලෙසයි පිහිටා ඇත්තේ. මේ ආකාරව බැලුවොතින් පෘථිවි මතුපිට කබොල්ල උඩයි සාගර(oceanic crust) හා අපි වෙසෙන ගොඩබිම් කබොලු (continental crust) තියෙන්නේ. මහාද්වීප පිහිටි ප්‍රදේශ මහද්වීප කබොල ලෙසත් සාගර පිහිටි ප්‍රදේශ සාගරික කබොල ලෙසත් හඳුන්වනවා.

    කොහොම වුනත් මේ කබොලුවල මතුපිට ග්‍රැනයිට් හා සාගර පතුල බේසල් වලින් නිමවීතමයි තිබෙන්නේ. 1 වන රූපයේ පරිදි මැන්ටල් (Mantal) කොටසයකඩ හා මැග්නීසියම් අඩංගුදුස්රාවීඋණු පාෂාණ තරලයකින් සැදුම්ලත් 29,000 km ඝනකමට පැතිරී ඇති කොටසක් වනවා.ඉතින් මේමැන්ටල්Mantal කොටසේ ඉහල කොටසේ සිට කබොල්ල දක්වා ඇති කොටස ශිලා ගෝලය (lithosphere) කියලයි හැදින්වෙන්නේ.

    අපි දන්නවා භූ ඝර්භයේ මැදතියෙන්නේ උෂ්ණත්වයෙන් අධික මැග්මා තරලයක් බව. පෘථිවි කේන්ද්‍රයේ සිට මතුපිටට යද්දී උෂ්ණත්වය අඩුවුනත් නිතැතින් පෘථිවි කබොල මේ තරලයේ පාවෙමින් තිබෙන බවක් තමයි පිළිගත් මතය වන්නේ. පෘථිවි කබොල්ල ඝනීභවනය වුනනිසයි කබොල්ලක් විදිහට තියෙන්නේ.

    මතුපිට මේ පෘථිවි කබොල ඝන ස්ථරයක් වුනත් එය සම්බන්ධ ක්‍රියාවලිය ප්ලේට් ටෙක්ටෝනික් කියල හැදින්වෙන්නේ ප්ලේට් ලෙස එහෙමත් නැත්නම් තැටි ලෙස පෘථිවි කබොල්ල එකිනෙකට ඈඳීලා තියෙන නිසයි.

    ශීලාගෝලය අධෝ ගෝලය මත පාවෙමින් පවතින අතර එය භූකාරක තල වශයෙන් කොටස්වලට බෙදෙනවා. මෙම තල දැඩි බවක් ගන්නා අතර එකිනෙකට සාපේක්ෂවත් ආකාර තුනෙන් එක් ලෙසකට ඒ කියන්නේ අභීසාරී, අපසාරී හා පරිණාමන ලෙස චලනය වන්නට හැකියාව තියෙනවා. කොහොමත් අවුරුද්දකට සෙන්ටිමීටර 6 ක චලනයක් මෙම තැටි අතර පවතිනවා. එහෙම වුනාට ඉන් හානියක් වෙන්නේ නෑ. මොකද අපට ඒක තේරෙන්නේවත් නැති නිසා. එහෙත් ක්ෂණයකින් වන වෙනස්වීමක් විනාශයක් ගෙනදෙනවා.

    මේ තල ප්‍රධාන වශයෙන් අප්‍රිකානු තැටිය, ඇන්ටාර්ටික් තැටිය, ඔස්ට්‍රේලියානු තැටිය, යුරේඩියානු තැටිය, උතුරු ඇමරිකානු තැ‍ටිය ලෙස ප්‍රධානව වෙන්කල හැකිවුවත් චලනය මත තවත් අනුකොටස්වලට ද වෙන්වී ඇති බවක් නිරීක්ෂණය වෙනවා.

    මේ පාවෙන එහෙමත් නැත්නම් ඉපිලෙන භූ තැටි ඉඳහිට චලනය වන බව කිවත් එහෙම වීමේදී සමහර වෙලාවට මේතැටි අතර සීමාව ලෙස හදුන්වන රිජ් (ridge) කොටස් නැතිනම් බෙල්ට (belt) අලුතිනුත් නිර්මාණය වෙනවා. මේ රිජ් කොටස් දුර්වල භූ කලාප හෙයින් භූ ගර්භය තුල පිඩනය වර්ධනය වීම නිසා මැගමා පොලව මතුපිටට මුදාහැරෙන්නට වැඩි ඉඩ ප්‍රස්තාවක් පවතිනවා. ඉහත පැවසු පරිදි රූපය 3 හි දැක්වෙන්නේ මුලික ආකාර තුනකට වර්ගීකරණය කරලා තියන චලනයන් එනම් අභීසාරී චලන (Convergent), අපසාරී චලන (Divergent) හා පරිණාමන චලනයි (Transform).

    ඉතින් මේ චලන හේතු කොටගෙන ගිනිකඳු ඇතිවීම්, නව කඳු ඇතිවීම් හා වර්ධනය වීම්, සුනාමි, භූ චලන වැනි නොයෙකුත් ප්‍රතිපල හටගන්නවා. එවරස්ට් කන්ද නිතැතින් උස යාමත් මෙම ප්ලේට් ටෙක්ටෝනික් හරහා පදනම් වන්නට පුළුවන්. මෙලෙස මේ චලන ආකාරවලින් ඕනෑම භූ විපර්යාස සිදුවීමක් පැහැදිලි කරන්නට පුළුවන්. ඒවගේම කියන්න ඕන, මේ භූ චලනවලට බොහෝවිට පාදක වන්නේ පරිණාමන චලන (Transform) කියන එක. ඒක කෙටි කාල පරාසයක් ඇතුලත අනපේක්ෂිතව සිද්ධ වන දෙයක්.

    භූ කම්පන හා එහි ප්‍රභලතාව හඳුනාගැනීමට බොහෝවිට යොදා ගන්නේ රිච්ටර් මාපකයයි. ඇමෙරිකානු භෞතික විද්‍යාඥයෙකු වන ෆරාන්සිස් රිච්ටර් විසින් 1934 දී මෙය හඳුන්වා දුන්නා. අද වනවිට මේ ආකාරයේ වෙනත් මාපකත් ලොව පුරා භාවිතා වෙනවා. සෙසිමෝග්‍රාෆ් එකත් එවැන්නක්. ස්ථාන තුනක මෙවැනි සෙසිමෝ ග්‍රාෆ් ඇටවුම් තුනකින් ලබාගන්නා දත්ත භාවිතා කර ස්ථානීය කේන්ද්‍රය පවා සොයා ගැනීමට හැකියාව තිබෙනවා. කෙසේවෙතත් බොහෝ මාපක ලඝු ආකරයෙනුයි කියවීම ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ප්‍රභලත්වය 3 ක් ලෙස පෙන්වන භූ චලනයකට වඩා ප්‍රභලත්වය 5 ලෙස පෙන්වන භූ චලනයක් සිය ගුණයකින් වැඩි එකක් වෙනවා. නමුත් රිච්ටෙර් හා සෙසිමෝග්‍රාෆ් සැලකු විට මේවායේ පහත ආකාරයට වෙනස්කම් ඇති අතර ඒවාට අවේනික කියවීම් ලබාදෙනවා.

    ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා

    ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ-කාර්මික තාක්ෂණ ආයතනය. සාමාජික, ශ්‍රී ලංකා විද්යාභිවර්ධන සංගමය (SLAAS)/ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය (IPSL)

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා
    ආචාර්ය ආර් චින්තක එල් ද සිල්වා
    ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ-කාර්මික තාක්ෂණ ආයතනය. සාමාජික, ශ්‍රී ලංකා විද්යාභිවර්ධන සංගමය (SLAAS)/ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය (IPSL)

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img