මිනිස් ශරීරය යනු මහා පුදුමාකාර දෙයක්. එය පාලනය වන්නේ මොළයෙන් නිසා විද්‍යුත් මෙන්ම රසායනික ක්‍රියාවලි මත තමයි හැමදේම රඳා පවතින්නේ. මේ සියල්ලම ශක්ති ප්‍රභව ලෙස පෙන්නුම් කිරීමට හැකිවුනත් විශ්වයේ පවතින්නා වූ ශක්තියට අප සැවොම කුමන ආකාරයෙන් හෝ බද්ධ වීමක් පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. ඒ නිසා මේ මොළයේ ක්‍රියාකාරීත්වය හා ශරීර පැවැත්ම පිළිබඳව විද්‍යාත්මක ඇසකින් විශ්ලේෂණ කිරීම වැදගත් වනවා. මොළයේ ක්‍රියාකාරීත්වයට බලපාන බොහෝ දේ විද්‍යාවෙන් සම්පුර්ණයෙන් සොයාගැනීමට මිනිසා තවමත් සමත් වී නැහැ. අතීතයේ ආධ්‍යාත්මික සංවර්ධනයෙන් මිනිසා බලගැන්වී තිබුනත් අදවනවිට භෞතික සංවර්ධනයක් තමයි ලෝකය පුරා පෙනෙන්නට. ඒනිසා මනස මොළය හා අනුබද්ධ ක්‍රියාවලි ගැන අධ්‍යායනය කිරීම අප නොදන්නා දේ දැනගන්නට ඉවහල් වේවි.
මොළය සම්බන්ධ බටහිර විද්‍යා පර්යේෂණ දිර්ඝ කාලයක් තිස්සේ දියත් කරලයි තිබුණේ. ඒ අතර විශ්මිත සොයාගැනීම් ද නැතුවාම නොවේ. භාවනාව තුළින් පෙලගැසෙන ආධ්‍යාත්මික වර්ධනය විද්‍යාවෙන් අර්ථකථනය කිරීමට බොහෝ උත්සාහයන් ගෙන තිබෙනවා. ලාංකික හෝ වේවා ලෝක ඉතිහාසයේ හෝ වේවා අප බැලුවොත් කාලෙන් කාලෙට සමාජය විසින් පිළිගන්න ක්‍රම ආම්පන්නයක් ලෙස උපයෝගී කරගෙන නොයෙක් අර්ථගැන්වීම් සමාජයට ප්‍රත්‍යක්ෂ කරවීමට යොදාගෙන තිබෙනවා. උදාහරණ ලෙස කවි, සොලෝක, මුර්ති, චිත්‍ර මගින් සමහර දේ එක් එක් අතීත කාලවල සමාජයට දෙවල් කියාදෙන්න පාච්චිකලේ කලින් කලට මේ දේවල් සමාජය පිළිගන්නා මෙවලම් වූ නිසයි. නමුත් අද තත්වයට අනුව සමාජය පිළිගන්නේ විද්‍යාත්මකව කරන පැහැදිලි කිරීම්වලට නිසා විද්‍යාත්මක ක්‍රමය වර්තමාන මෙවලම බවට පත්වෙලා තියෙනවා. නමුත් සමස්ථයක් ලෙස බලද්දී විද්‍යාත්මක සොයාගැනීම් හා අර්ථ දැක්වීම් කලින් කලට වෙනස්වෙලා තිබෙනවා වගේම සමහර දේවල් පැහැදිලි කරන්න පවතින න්‍යායාත්මක විද්‍යා සංකල්පවලට නොහැකිවෙලා තියනවා කියලත් අප මතක තබාගත යුතුයි.
මිනිස් ශරීරයේ පණිවිඩ ගෙනයන ආකාරය
අපි දන්නා දේ තමයි සත්ව හා මිනිස් භෞතික ශරීරයේ ස්නායු පද්ධතිය සැදි ඇත්තේ නියුරෝනවලින් බව. බිලියන 100 ක් පමණ නියුරෝන ප්‍රමාණයක් මිනිස් මොළයේ ඇති අතර බිලියන 13.5 පමණ ශරීරයේ සුෂුම්නාව ආශ්‍රිතව ඇතිබව පැවසෙනවා. අප ශරීරයේ නියුරෝන මගින් පණිවිඩ ගෙනියන්නේ කුඩා ධාරාවක් (-76mV) උපයෝගී කොටගෙනයි. සෝඩියම් පොටෑසියම් හා ක්ලෝරයිඩ් අයනවල සාන්ද්‍රණ වෙනස් කරගනිමින් තමයි නියුරෝන පණිවිඩ ගෙනියන්නේ. මොළයට සංවේදන හරහා යන පණිවිඩත් ඊට අදාළ මොළය විසින් අවයවවලට නිකුත්කරන ක්‍රියාත්මක වීමේ පණිවිඩත් හසුරවන්නේ මොළයෙනුයි.
නියුරෝන-නියුරෝන අතර හිඩැසක් (synapse) වන අතර නියුරෝනයක ගෙනයන ධාරාව ඊළඟ නියුරෝනයට ලබාදෙන්නේ මෙම හිඩැස හරහායි. හිඩැසේදී විද්‍යුත් ශක්තිය රසායනික ශක්තියක් බවට පරිවර්තනය වනවා.
එක එක ආකාරයේ හා එක එක ප්‍රමාණයේ නියුරෝන මිනිස් ශරීරයේ දී හමුවෙනවා. මිනිස් ක්‍රියාකාරීත්වයට අදාළව බලද්දී සංවේදක (Sensory) පණිවිඩ ගෙනයන නියුරෝන, වෙනස් නියුරෝන අතර පණිවිඩ ගෙනියන අන්තර් නියුරෝන (intermeurons) හා මාංශ පේශී හසුරුවන (motor) නියුරෝන තරමක් විශේෂයි.
උපකරණ හරහා මොළයේ ක්‍රියාකාරීත්වය සෙවීම
වෛද්‍ය උපකරණයක් වන EEG කියන වචනය ඔබ අසා තිබෙන්නට පුළුවන්. අපි ඒකට කියනවා ඉලෙක්ට්‍රෝ එන්සෙපලෝග්‍රෆි කියල [ electroencephalogram (EEG) ]. වෛද්‍ය භාවිතය සඳහා මෙම උපකරණය යොදා ගත්තද 1924 දී මුල්ම මිනිස් ඊ. ඊ. ජි සටගන අවධිකරන්න සමත්වුනේ හැන්ස් බර්ගර් කියන ජර්මානුජාතික භෞතික විද්‍යාඥක්. ඉන්පසුව විද්‍යාඥයන් කිහිපදෙනෙක් විටින් විට මෙම තරංග ආකාරවල සම්බන්ධකම් හා අර්ථකථන සඳහා පෝෂණයෙන් දයක වුණා.
ඉලෙක්ට්‍රෝ එන්සෙපලෝග්‍රෆි යොදාගන්නේ මිනිස් මොළයට අදාළ ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමටයි. ඒක කරන්නේ හිසට සම්බන්ධ ඒ කියන්නේ හිසේ අලවගන්නා ඉලෙක්ට්‍රෝඩ සමූහයක් උපයෝගී කරගෙනයි. ඒවගේ ඉලෙක්ට්‍රෝඩවලින් තමයි මිනිස් මොළයේ ඇතිවන විද්‍යුත් ආවේග තරංගාකාරව ග්‍රහණය කරගෙන ඉන්පසු ප්‍රොසෙස් කරලා ඉලෙක්ට්‍රොනික් තිරයක් මත දක්වන්නේ. ඉතින් ඊ.ඊ.ජි. භාවිතාකර මොළයේ ක්‍රියාකාරකම් පිළිබඳව සිතුවිලි ක්‍රියාකාරීවන ආකාරය නිරීක්ෂණය කිරීමට මිනිසාට පුළුවන්වෙලා තියනවා.
සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙකුගේ මොළය ආශ්‍රිත ඇතිවන විද්‍යුත් සංඥා භාවනා නොකරන කෙනෙකුගේ සංඥාවලට වඩා වෙනස් බව අධ්‍යයනයන්වලින් ඔප්පුකරලයි තියෙන්නේ.
ඊ.ඊ.ජි. හෝ එම්.ආර්.අයි. යන මේ කුමන හෝ ක්‍රමවේදවලින් භාවනානුයෝගින්ගේ මොළය ආශ්‍රිතව ජනනය කරන විද්‍යුත් සංඥා අධ්‍යයනය කලත් බොහෝ විද්‍යාඥයන් හට ගැමා තරංග කලාපයේ දෝලන දැකගන්නට පුළුවන් වුණා.
මුලින් හිතුවේ මෙලෙස තරංග දෝලනය වන්නේ වෙනත් ධාරා හා වොල්ටියතාවයන්වල අනිසි විචලන බලපෑම් නිසා කියලයි. නමුත් ගැඹුරු ගණිත මොඩල යොදාගෙන කරන ලද අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා. බොහෝ සාමාන්‍ය මිනිස්සුන්ගේ මෙවැනි ගැමා දෝලන ඉඳහිට ක්ෂණිකව (තත්පරයක් ඇතුලත) ඇවිත් නැතිවි යනව වුනත් භාවනා කරන්නන්ගේ මොළය ආශ්‍රිතව මෙම ගැමා තරංග බොහෝ වෙලාවක් තුළ ස්ථාවරව නිරීක්ෂණය කිරීමට ලැබෙනවා කියලා. ඒ වගේම මෙම තරංගවල විස්තාරද වැඩිබව නිරීක්ෂණය වනවා. තවත් අධ්‍යයනවලින් සනාථ වන්නේ භාවනාවට යොමුවන්නකු පළමු සති දෙකකින් පසුව ඔහුගේ පෙර තත්වයන්ට සාපේක්ෂව මොළයේ විද්‍යුත් සංඥාවල වෙනසක් පෙන්වන බවයි.
මොළය ආශ්‍රිතව වන ප්‍රධාන තරංග විධි පහක් තිබෙනවා. ඒවා නම් ඩෙල්ටා (0.1 to 3.5 Hz), තීටා (4-8 Hz) ඇල්ෆා (8-12 Hz), බීටා (12 Hz වලින් ඉහල), ගැමා (30 Hz න් ඉහල) වනවා. ඉතින් ඔබ කරන දේ අනුව මෙම එක් එක් තරංග විධි විචලනය වෙනවා. භාවනාවේදී මෙම තරංගවල සංඛ්‍යාතය අඩුවන බව පෙනීයනව. භාවනාවේදී මොළයේ එක් එක් කොටස්වල එක් එක් උත්තේජන ඇතිවන බවටත් නිරීක්ෂණය වෙනවා. උදාහරණ ලෙස ගෙනහැර පෑවොතින් මොළයේ ඉදිරිපස ෆ්රන්ටල් කියන කොටසෙන්නේ සංජානන කුසලතා පාලනය වෙන්නේ. භාවනාවේදී මෙම කොටස විවේක ගැන්වෙනවා කියලා ඔප්පුවෙනවා. සංවේදනය පාලනය වන මොළයේ තැලමස් කොටසද සන්සුන් වන අතර ආතතිය හා සාංකාව අඩුවන බව පෙනීයන්නේ පෙරිටල් ලොබ් කියන කාලය පිලිබඳ සංවේදන පාලක කොටස අධ්‍යයනය කිරිමෙනුයි .
මොළයේ විද්‍යුත් සංඥා අධ්‍යයනය හරහා සොයාගත් දැනුම උපයෝගී කරගැනීමෙන් නොයෙකුත් මානසික හා ශාරීරික රෝග සුවකිරීමට තෝරාගත් භාවනා වර්ග හා විධික්‍රම රෝගීන්හට නිර්දේශ කරන මේ පිලිබඳ බටහිර විශේෂඥයන් ඉන් ඔබ්බට ගොස් භාවනාව චිකිත්සාව කෙරෙහි යොදාගන්නවා.
ගැඹුරු භාවනා ක්‍රම මෙන්ම නොයෙකුත් යෝගී හා රේඛී යෝග ක්‍රමවලිනුත් මොළයේ විද්‍යුත් සංඥාවලට විසල්වූ ඍජු බලපෑම් එල්ල කරන්නට පුළුවන් බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.
රේඛී යෝග ක්‍රමවලට අනුව ප්‍රධානතම හා වැදගත් වන චක්‍ර හතක් ඇති බවටත් මෙම ප්‍රධාන චක්‍රවල ක්‍රියාකාරීත්වය අපගේ ශාරීරික, මානසික, ආධ්‍යාත්මික හා චිත්තවේගාත්මක සමතුලිත තත්වයට බලපාන බවටත් විස්තරවනවා. විශ්වය පුරා පැතිර පවතින ශක්තිය මෙම චක්‍ර හරහා සංසරණය වන අතර අසමතුලිත ශක්ති ගලනය හා චක්‍ර අවහිරතාවයන් හේතුකොටගෙන නොයෙකුත් ශාරීරික හා මානසික රෝගවලට මුලපිරෙන බව අතීතයේ සිටම පිළිගැනෙනවා. ස්වභාවිකව ශරීර සුවපත්කිරීම සඳහා මෙම චක්‍රවල අර්ථය තේරුම් ගැනීම රෝග සුව කිරීමට වැදගත් වනවා.
රේඛී භාවනානුයෝග ක්‍රමවේදවලට අනුරූපව රෝග සුවකරන්නන් ද 1970 කාලය වනවිට ඊ ඊ ජි පර්යේෂණවලට බඳුන් වෙලා තිබෙනවා. බොහෝ පර්යේෂණවල භාවිතා වී ඇත්තේ ජීව භෞතික විද්‍යාඥ
මැක්ස්වෙල් කේඩ්ගේ “මයින්ඩ් මිරර්” නම් ද්විත්ව අර්ධ ගෝල (Dual-Hemisphere) ඊ. ඊ. ජි ක්‍රමයයි. මෙමගින් රේඛී සුවකරන්නන් ගේ මොළයේ අසාමාන්‍ය විද්‍යුත් සඥ්ඥා ඇතිවනබවත් ඉන් අවම හා මන්දගාමී ඩෙල්ටා තරංග සඥ්ඥා විමෝචනයක් පෙන්නුම්කල බවටත් වාර්තා වනවා. ඒ වගේම එම යෝගීන් විශ්වයේ ශක්තිය හා සම්බන්ධවත්ම ඉහල සංඛ්‍යාත (30-44 හර්ට්ස්) ගැමා තරංග ග්‍රහණය වුන බවටද වාර්තා වනවා. සාමාන්‍යයෙන් ඉහල සංඛ්‍යාත ගැමා තරංග විමෝචනය වනුයේ ආලෝක ෆෝටෝන විමෝචනයේදී බව භෞතික විද්‍යාවේ පිළිගැනෙනවා.
කෙනෙකු සුව වන්නට 0-30 හර්ට්ස් අතර කලාපයේ තරංග සංඛ්‍යාත අවශ්‍ය වුනත් ගතානුගතික නිද්‍රා භාවනාවේ යෙදෙන රේඛී යෝගීවරු හර්ට්ස් 30 ට ඉහල ශක්තියක් මුදාහැර රෝගියාව ආරෝපණය කිරීමට සමත් වන බවත් පෙනීගොස් තිබෙනවා. නමුත් භාවනා නිද්‍රාවට පත්නොවී විවෘත නෙතින් රෝග සුවකරන නුතන යෝගීන් බොහෝ විට හර්ට්ස් 30 ට අඩු විශ්ව මානසික ශක්තියක් රෝගියා වෙත මුදාහරිනද්දී ශක්තිය අවම වුණත් වැඩි ෆෝටෝන ප්‍රමාණයක් රෝගියාගේ ශරීරයට මුදාහැරීමෙන් රෝග සුවපත්කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන තියෙනවා.
ඉතින් මිනිස් මොළය හා මනස භාවිතා කර කරන්නට පුළුවන් වැඩ බොහොමයි. මිනිසාගේ යහපත් පැවැමට මිනිස් මොළය හා මනස යොදාගැනීම අත්‍යවශ්‍ය කාලීන අවශ්‍යත්වයක් වනවා.