අද ඉන්දියාවට ඉතාම සුවිශේෂී දවසක්. ඒ ඉන්දියාව ලෝක ඉතිහාසය වෙනස් කරමින් සඳ මත යානාවක් සාර්ථක ගොඩබැස්වීමට සමත් වූ සිව්වන රාජ්‍ය බවට පත්වීම නිසයි.
මේ සඳහා ඉන්දියාවේ අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය හෙවත් Indian Space Research Organization (ISRO) විශාල වෙහෙසක් දරනවා. ඉතාම කුඩා තැනකින් ආරම්භ කළ ඉන්දීය අභ්‍යාවකාෂ පර්යේෂණ ආයතනය අද වන විට පැමිණ තිබෙන ගමන ගැන මට නම් ඉතාම ආඩම්බරයි.
අසල් වැසියෙක් මෙන්ම විද්‍යාවට ආදරය කරන්නෙක් විදිහට මට අද දවස ටිකක් වැදගත්. මොකද 1960 දශකයේදී ඉතාම කුඩාවට සිය ගමණ ආරම්භ කළ මේ අයතනය අඩු වියදම් යටතේ වැඩ කිරීමට පියවර ගත්තා. ආරම්භයේදී සිය ප්‍රධාන කාර්යාලය ලෙස කේරළයේ තිරුවානන්තපුරම් හි පිහිටි ශාන්ත මේරි මැග්ඩලීන් දේවස්ථානය භාවිතා කළා.
1964 දී ඉන්දියාව සිය පළමු රොකට්ටුව දියත් කරන්න සමත් වෙනවා. ඒත් මෙහි විශේෂත්වය වුනේ රොකට්ටුවේ කොටස් පාපැදියක තබාගෙනයි එය දියත් කිරීමේ වේදිකාවට ගෙනැවිත් තිබීමයි. පසුව එම කොටස් එහිදී එකලස් කර රොකට්ටුව දියක් කිරීමට එම පිරිස පියවර ගන්නවා.
මෙම රොකට්ටුව සඳහාද ඉන්දියාව ඉතාම සුළු මුදලක් වැය කළ අතර එතැන් පටන් ඉන්දියාව අනෙකුත් රටවල් වලට සාපෙක්ෂව සිය අභ්‍යාවකාෂ වැඩසටහන් වලට වැය කරන්නේ ඉතා අඩු පිරිවැයක්. එ්ත් අඩු මුදලක් වැයකළාට ඉන්දීය විද්‍යාඥයින් සිය පර්යේෂණ වල ගුණාත්මක භාවය කිසි සේත්ම අඩු කරන්න කටයුතු කළේනම් නැහැ.
මේ නිසාම ඉන්දියාව ඉතා අඩු වියදමින් සිය අභ්‍යාවකාශ තරණය කිරීම් වලට සුවිශේෂී නමක් දිනා ගැනීමටත් සමත්වුනා. ඒත් ඉන්දියාව කොච්චර සාර්ථකව සිය අත්හදා බැලීම් කළත් ඔවුන්ට නිසි ඇගයීමක් දෙන්න බටහිර ලෝකය කැමති වුනේ නැහැ.
ඒකට කදිම නිදසුනක් තමයි. 2014 වර්ෂයේදී ඉන්දියාව සිය අඟහරු ගවේෂණ වැඩසහන හැල්ලුවට ලක්කරමින් නිව්යෝක් ටයමිස් පුවත්පතේ පළවූ කාටූනය. මෙම කාටූනය ඉන්දියාවේ අඩු වියදම් අඟහරු ගවේෂණ වැඩටහන මැයෙන් පළවූ ලිපිය සමඟ පළකර තිබුනා.
එම කාටූනයේ දැක්වුනේ ප්‍රභූ අභ්‍යාවකාශ සංගමය යනුවෙන් සලකුණු කර ඇති කාමරයක දොරට එළදෙනක් සමඟ පැමිණි ගොවියෙකු තට්ටු කරන අයුරුයි. එහිදී කාමරයේ සිටි මිනිසුන් දෙදෙනෙකු ඉන්දියාවේ වික්‍රමය පිළිබඳ පුවත්පතක් කියවමින් සිටින අයුරුද දැක්වුනා.
මේ කාටුනය සම්බන්ධයෙන් ඉන්දියා පුරා දැඩි විරෝධයක් පළ වූ අතර පසුව පුවත්පත ඊට සමාව ගත්තද ඉන්දියාව සම්බන්ධයෙන් බටහිර රටවල් දැක්වූ මතය ඉන් මානව පැහැදිලි වුනා කියලත් සඳහන් කරන්න පුළුවන්.
මෙම කාටූනයට මූලිකම හේතුව වුනේ 2014 වර්ෂයේදී ඉන්දියාව මංගල්‍යාන් රොබෝ ගවේෂණ යානය අඟහරු ග්‍රහයා වටා සාර්ථකව කක්ෂ ගත කිරීමයි. එහිදී සුවිශේෂීම සිදුවීම වූයේ මෙම මෙහෙයුමේ මුළු පිරිවැය රුපියල් බිලියන 4.5ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 74ක් වීමයි. ඒ අනුව එය මෙතෙක් පැවති ලාභම අන්තර් ග්‍රහලෝක අභ්‍යවකාශ මෙහෙයුම බවට ඉතිහාසගත වෙනවා.
ඉතින් මේ විදිහට නොයෙකුත් අඩත්තේට්ටම් වලට ලක්වුන ඉන්දියාව, නොසැලී සිය අභ්‍යාවකාශ පර්යෝෂණ වල නිරත වුනා. මෙහිදී බටහිර රටවල් වලින් ලැබුණු නින්දා තමන්ගේ ශක්තිය කරගනිමින් වෙනදාටත් වඩා උනන්දුවෙන් ඉන්දියාව තමන්ගේ පර්යේෂණ වල නිතර වූනා.
මේ අතර 2017 වර්ෂයේදී ISRO විසින් තවත් ලෝක වාර්තාවක් තබන්න සමත්ව වූණා. ඒ එක් රොකට්ටුවකින් චන්ද්‍රිකා 104 ක් කක්ෂ ගත කිරීමට සමත්වීමත් සමගයි. මෙම සාර්ථක කක්ෂගත කිරීමත් සමඟ ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත 2014 දී නිව්යෝක් ටයිමස් පුවත් පත පළ කාටූනය හාස්‍යට ලක් කරමින් කාටූනයක් පළකළා.
එහිදී නිව්යෝක් ටයමිස් පුවත්පත පළකර තිබූ එළදෙනෙකු සමඟ සිටි ගොවියා මේ අවස්ථාවේදී එළදෙන සමඟ කාමරය තුළ සිටි අතර විදේශීය රටවල මිනිසුන් ඔවුන්ගේ රොකට් අතැතිව දොරට තට්ටු කරන ආකාරය කාටූනයේ දැක්වුනා.
කෙසේවෙතත් මේත් සමඟම ඉන්දියාව ලෝකයට තමන් අභ්‍යාවකාශ පර්යෝෂණ ක්ෂේත්‍රයේ අත්කරගෙන තිබූ ශක්තිය පෙන්විමට සමත්වුනා. ඒතැන් පටන් ඔවුන්ව එතෙක් හාස්‍යට ලක්කළ පිරිස යම් ගෞරවයක් දකවන්නත් පටන් ගත්තා.
මේත් එක්කම ඉන්දියාව සඳ තරණය කරන්න අධිෂ්ඨාණ කරගත්තා. එ් අනුව ඔවුන් 2019 දී චන්ද්‍රයාන් 2 සඳ වෙත යැවීමට පියවර ගන්නවා. කොහොමවුනත් යානය ගොඩබැස්සවීමේදී ඇතිවන දෝශකයක් නිසා එය අසාර්ථක වෙනවා.
මේ අසාර්ථක වීමත් එක්ක විද්‍යාඥයින් විශාල වශයෙන් කණගාටුවට පත්වෙනවා. ඒත් එම අසාර්ථක උත්සහය අශිර්වාදයක් සහ පාඩමක් කරගමින් ඉන්දියාව චන්ද්‍රයාන් 3 නිර්මාණය කරනවා. ඒ අනුව අද එය සාර්ථකව සඳ මත ගොඩ බැස්වීමට සමත්වෙනවා.
ඉතාම සුළුවෙන් සහ බොහෝ දෙනෙක්ගේ උසුලු විසුළු මත ඉන්දියාව ආපු මේ ගමන් ඉතාම ආදර්ශවත්. අපිටත් උත්සහයක් තියෙනවා නම් කැපවීමක් තියෙනවා නම් ජයගන්න බැරිදෙයක් නැහැ කියන්න කදිම උදාහරණය තමයි ඉන්දීය (ISRO) එක.