තලාතුඔය හන්තාන විහාරස්ථානය ආසන්නයේ ඉදිකර ඇති වැවෙහි වේල්ල අධික වර්ෂාව හේතුවෙන් කැඩී ගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී බව තලාතුඔය පොලීසිය කියයි.
වේල්ල කැඩීයාමෙන් නිවාස 04ක් ජලයෙන් යටවී ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නැත.