මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින්ගේ ලොකු ලූණු ඉල්ලුම සීඝ්රයෙන් අඩු වෙමින් පවතින බව පිටකොටුව මැනින් පොදු වෙළඳ සේවක සංගමයේ සභාපති එච්.එම්. උපසේන පැවසීය.
ලොකු ලූණු මිල වැඩිවීමත් සමඟ ඒ සඳහා පැවති ඉල්ලුම අඩුවීම මේ වන විට උපරිම අවස්ථාවේ පවතින බව හෙතම කියා සිටියේ ය.
වෙළඳපොලට පැමිණෙන ලොකු ලූණුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටළු පවතින බව හෙතෙම සඳහන් කළේය.