කොවිඩ්-19 එන්නත ලබාගෙන කලක් ගතවීමෙන් පසු විවිධ රෝගාබාධ වැළඳුණු බවට විවිධ පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවල විද්‍යාත්මකව තහවුරු කළ හැකි සත්‍යතාවයක් නොමැති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
මේ අතර සරම්ප එන්නත් ලබාගැනීමට සුදුසුකම් සපුරා නොමැති වයස් කාණ්ඩය වන මාස 09ට අඩු දරුවන් අතර එම රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේ රෝගීන්ගෙන් 33%ක් මිත්‍යා විශ්වාස මත සරම්ප එන්නත ලබානොගන්නා වයස් කාණ්ඩවලට අයත් වුවන් බවය.