යුද හමුදාවේ කර්නල්වරයෙකුට අයත් අල්ගම ඇල්ල අසල පිහිටි ඉඩමක මුරකරු අභිරහස් ලෙස මුර මඩුවේ මියගොස්් සිටියදී ඊයේ සවස හමුවී ඇත.
වයස අවුරුදු 72ක් වන ජයවී නැමැති හම මුරකරු මියගොස් ඇත්තේ සැකකටයුතු ලෙස බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වරකපොල පොලීසිය සඳහන් කරයි.
කර්නල්වරයා යක්කල බණ්ඩාරවත්තේ පදිංචිකරුවෙකි. මෙම මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිෂ්චිතව අනාවරණයකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය කියයි.