ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) 45 වැනි සංවත්සර සම්මාන උළෙලේදී, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) ප්‍රමුඛ සම්මානලාභියෙකු විය.
2017 සිට 2022 දක්වා කාලය තුල ඩොලර් බිලියන 1.4ක් වටිනා ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන එමින්, ඉතාම වැදගත් විදේශ ආයෝජන සැපයුම්කරුවෙකු ලෙස හම්බන්තොට වරාය එහිදී පිදුම් ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මානය ලබා ගත් චයිනා මර්චන්ට් සමූහයේ ප්‍රධාන දේශීය නියෝජිත සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා, ආයෝජන සමග සංවර්ධනය අත්වැල් බැඳගත යුතු බව පැවසූයේය.
වරාය කාර්මික උද්‍යානයේ අඛණ්ඩ සාර්ථකත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා තවදුරටත් පැවසීය. “වරායේ ආයෝජන දිගින් දිගටම කරගෙන යමින් කලාපයේ ප්‍රශස්ත සේවා පිරිනමන්නා බවට HIP පත් කිරීම අපගේ ඉලක්කයයි. දැනටමත් ගෝලීය ආයෝජකයින් ගණනාවක් අපගේ කාර්මික උද්‍යානය තුළ කර්මාන්ත ස්ථාපිත කොට තිබෙනවා. එතුළින් සැලකිය යුතු අමතර විදේශ ආයෝජන ප්‍රමාණයක් ලැබෙනවා. ශ්‍රී ලංකාව හිතකර ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට නම් රජයත්, අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදකයින් සහ සේවා සපයන්නන් අතර සාමූහික සහයෝගීතාව අත්‍යවශ්‍ය බව අපි හොඳින් දන්නවා.’’යැයිද ඔහු කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද 45 වැනි සංවත්සරයට අමාත්‍ය දිලුම් අමුණුගම සහ ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරුන් ද එක් විය. මෙහිදී මෙරට සුවිශේෂී ව්‍යාපාරයන් කිහිපයක් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.