අප කාටත් මේ දිනවල ඇසෙන්නට තිබෙන සමාජයේ කතාබහ වන කාරණයක් වන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවයි. ඉතින් මොකද්ද මේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ? කුමක් සඳහා මේදේ කරනවද කියන එක බොහෝ අයට තියෙන්නේ තරමක අපැහැදිලිකමක්.
කළමනාකරණ විෂයේ මේ පිළිබඳව බොහෝ න්‍යායික පැහැදිලිකිරීම් තියෙනවා. ඒ වගේම බොහෝ පර්යේෂණ ලෝකයේ ප්‍රතිව්‍යුහකරණය පිළිබඳව සිදුවෙලත් තියනවා. සිදුවෙමිනුත් තිබෙනවා.
නමුත් ප්‍රායෝගිකව අප බැලුවිට කාලයත් සමගම ඉක්මනින් වෙනස්වන අද ලෝකයේ ඇති ආයතන හා ව්‍යාපාර වර්ධනය හා පරිනාමය වීම සමගම මේවායේ ඉදිරි පැවත්ම සඳහා ඊට සමගාමීව මේවායේ ව්‍යුහයන් හි වෙනස්කම් සිද්ධ විය යුතුවනවා. ඉතින් මේ ව්‍යුහ වෙනස්වීම් උපායමාර්ගික, මුල්‍ය, නෛතික, කළමනාකරණ, ස්ථානගතකිරීම්, හව්ල් ප්‍රතිව්‍යුහ වගේ තවත් බොහෝ දේවල් අරමුණු කරගෙන සිදුකරන්නට පුළුවන්.
උදාහරණයක් ලෙස ගෝලීය ආර්ථික රටවකදී මීට අවරුදු විස්සකට පෙර තිබු ව්‍යාපාරයක් වෙනස්කම් එකතු නොකොළොත් එලෙසම වර්තමානයේ කරගෙන යන්නට බැහැ. සේවකයන්ට තිබෙන අවහිරතා, තාක්ෂණයේ වෙනස්වීම්, භාණ්ඩ හෝ සේවාවල යල්පැන ගිය ක්‍රියාවලි, නව වෙළඳපොල අවස්ථා, නීති ගැටළු වගේ තවත් බොහෝ ගැටළු පැනනැගීමේදී ප්‍රතිව්‍යූහගතකිරීම් වලට යායුතුම වනවා.
ඒවගේම ප්‍රතිව්‍යුහගත කිරීම් හරහා දැනට කාර්යක්ෂමතාව අඩු වූ ආයතන සංවර්ධනය කරා ගෙනයාමත් අනෙකුත් ආයතන අනාගත සංවර්ධන අභිලාෂයන් වෙනුවෙන් නව මාවතකට පෙලගැස්සවීමත් කරන්නට පුළුවන්.
ප්‍රතිව්‍යුහගත කිරීම්වලදී වෙනත් ආයතන අත්පත් කරගැනීම වගේම ඒකාබද්ධ වීමද එකී වෙනස්වීම් තුල සිද්ධ වන්නට පුළුවන්. ඒවා දේශීය හෝ විදේශීය ව්‍යාපාර වන්නත් පුළුවන්. ඉතින් යෝජිත අරමුණු ඔස්සේ ව්‍යාපාර ආකෘතිය වෙනස්වීම මෙහිදී සිද්ධවන බව අප තෙරුම් ගතයුතු වනවා.
මෙවැනි ප්‍රතිව්‍යූහගත කිරීම් කරද්දී ලොකුම ගැටලුව වන්නේ සේවක හා අනෙකුත් පාර්ශව වලින් එල්ලවන දැඩි ප්‍රතිරෝධයයි. අභ්‍යන්තර සේවකයන්ට රැකියාවේඅනාරක්‍ෂිත බව වගේම බාහිර පාර්ශව වලට අදාළ වන අනෙකුත් කරුණු පිළිබඳව ඇතිවන අනවශ්‍ය පීඩනය ඕනෑම ප්‍රතිව්‍යූහගතකිරීමකදී අත්දකින්නට පුළුවන්. නමුත් ඉක්මනින්ම වෙනස්වෙන ව්‍යාපාර ලෝකයේ එම වෙනස්වීමට ඔරෝත්තු දෙන පරිදි ආයතන නම් ප්‍රතිව්‍යූහගත කලයුතුවනවා.
මෙහිදී සියලු පාර්ශව සමග එකාබද්ධව ඔවුන්ද මෙම ප්‍රතිව්‍යූහගතකරණ තීරණ වලට සහභාගී කරගැනීමෙන් මේ අනවශ්‍ය ප්‍රරතිරෝධය වලක්වාගන්නට හැකියාවක් තියෙන බව පිළිගත් කරුණක්. ඒවගේම බොහෝවිට රැකියාවන් නැති වනවාට වඩා රැකියා ස්වභාවය හා රැකියා සංවිධාන ව්‍යුහය වෙනස්වීම හැකියාවන් වර්ධනය කරගැනීම තමයි අන්තිමට සිදුවිය යුත්තේ. සාර්ථක ප්‍රතිව්‍යූහකරණයක දී අවමයෙන් උපරිමයක් ලබා දෙන්නට සමත්වනවා.
රාජ්‍ය, අර්ධරාජ්‍ය වගේම පෞද්ගලික භාණ්ඩ හා සේවා සපයන ව්‍යාපාර වලටත් ප්‍රතිව්‍යූහකරණයට ලක්වන්නට සිදුවනවා. ලංකාවේ නම් රාජ්‍ය ආයතන ගත්විට ඒවා මීට පෙර ප්‍රතිව්‍යූහකරණයට ලක්වන්නට තිබුන අවස්ථා අපට මග හැරී තිබෙනවා කියා පෙනෙන්නට තිබෙනවා. නමුත් සමහර ප්‍රතිව්‍යූහකරණය පෞද්ගලික කරණයක් හැටියට පෙන්වාදෙන්නටම බැහැ.
මුදල් අමාත්‍යංශ වාර්තාවට අනුව අප රටේ රජය සතු ව්‍යාපාර ව්‍යවසායකත්ව ආයතන State-owned Business Enterprises (SOBEs) වලින් 2021 වනවිට මුදල් අමාත්‍යංශ අධීක්ෂණය යටතේ පවතින ආයතන 52 ක් රුපියල් බිලියන 10 ක පාඩුවක් පෙන්වන අතර ඉන් ආයතන 5ක් එම පාඩුවෙන් 97% ක් වග කියනබව දැක්වෙනවා. මෙමගින් පෙනීයනවා ප්‍රතිව්‍යූහකරණයේ අවශ්‍යතාව.
ඉතින් ප්‍රතිව්‍යූහකරණයේ දී ව්‍යුහයන් ඒකාබද්ධ කිරීම් වගේම වෙන්කිරීම්ද සිදුවිය හැකියි. සමහර ප්‍රතිව්‍යූහකරණය පෞද්ගලික අංශයට අවස්ථා දී තිබෙනවා. උදාහරණ ලෙස මෑතක රජය මගින් එළිදැක්වූ බලශක්ති පනත දක්වන්නට පුළුවන්. එහි දැක්වෙන පරිදි පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථා පුළුල්කර දී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. රාජ්‍ය ආයතනවල ඒකාධිකාරී වෙළඳපල ආකෘතිය එමගින් ඉදිරියේදී වෙනස් වේවි. හැබැයි මීට පෙරත් අපරටේ මෙවැනි ප්‍රතිව්‍යූහකරණ නොකලාම නොවේ. උදාහරණ ලෙස “ලෙකෝ” ආයතන ව්‍යුහය දක්වන්නට පුළුවන්.
ආර්ථික විද්‍යානුකුලව ඒකාධිකාරී වෙළඳපලක පාරිභෝගිකයාට සාධාරනයක් සිදුවන්නේ නැත්තතේ සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පමණක් ඉහල මිලකට වෙළඳපලට නිකුත් කිරීම හේතුවෙනි. එහෙත් සැපයුම් කරුවන් කිහිපදෙනෙක් එකම භාණ්ඩයක් හෝ සේවාවක් සපයයි නම් තරගකාරීත්වය හරහා සිදුවන මිලේ අඩුවීම පාර්භෝගිකයන් බොහෝ කොටසකට වාසියක් ගෙන එන්නක් වනවා වගේම සමාජයට යහපතක් වනබවට පිලිගැනෙනවා.
ලෝකයේ වෙනත් රටවල රාජ්‍ය මට්ටමින් විවිධවූ ප්‍රතිව්‍යූහගත කිරීම් සිදුව තිබෙනවා. ඒවා අධ්‍යයනය කලවිට සාර්ථක වූ මොඩලද අසාර්ථක වූ මොදලද දක්නට තිබෙනවා. නමුත් අසාර්ථකත්වයට හේතුන් ප්‍රතිව්‍යූහකරණ කිරීම නිසා නොව එය නිවැරදිව සැලසුම්ව නොතිබීම හා ඊට බලපෑවෙනත් කරුණු නිසයි. ඉතින් මේවා අධ්‍යයනය කිරීම මගින් නිසි ලෙස ලංකාවට හෝ ඒ ඒ ව්‍යාපාරවලටම අදාලවවන සැලසුම් සකස්කරගන්නට අපටත් හැකියාවක් තියෙනවා. මේ සඳහා ඒ ඒ විෂයන්වල සැලසුම්කරණ විශේෂඥයන්ගේ හා අනෙකුත් අදාළ විශේෂඥයන්ගේ දායකත්වය අවශ්‍ය වනවා. මේ හැම තීරනයකම හොද නරක පැති දෙකම ඇතිනිසා ඒ ය විසින් මනාව මේවා මැන බලන්නට ඕන.