මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා මේ බව කියාසිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පොදු ප්‍රවාහනය සඳහා විදේශ රටවල් බොහොමයක ක්‍රියාත්මක පරිදි ව්ද්‍යුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමය මෙරට තුළද ක්‍රියාත්මක කිරීමට රජය වසර ගණනාවක් තිස්සේ උත්සාහ ගනිමින් සිටී.