තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 09) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘TCG KINALIADA’ නෞකාව, දිගින් මීටර් 99.5 ක් හා නැව් කාර්‍ය මණ්ඩලය 152 ක ගෙන් සමත්විත ය. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Serkan DOGAN කටයුතු කරනු ලබයි.
එමෙන්ම, ‘TCG KINALIADA’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Serkan DOGAN සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවක් අද දින (2024 ජුලි 09) බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරුණි.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, ‘TCG KINALIADA’ නෞකාව නිල සංචාරය අවසන් කරමින් 2024 ජුලි මස 11 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.