fbpx
තවත්
    මුල් පිටුවspecialඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි බෙන් යෙහුඩා ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබේ.

    එක්සත් ජනපද කොන්සල් කාර්යාලය ඇතුළු තානාපති කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාන කිහිපයක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි.

    ගොඩනැගිලිවලට මේවන විට දැඩි හානි සිදුව ඇති බවට වාර්තා වේ. ගිලන් රථ සහ ගිනි නිවන රථ ඇතුළු හදිසි සේවා එම ස්ථානයට යවා ඇති බවට ඊශ්‍රායලය බලධාරීන් සඳහන් කරයි.

    ඊශ්‍රායල පොලිසිය සහ ආරක්ෂක අංශ පිපිරීම් සිදු වූ ස්ථානය අවට ප්‍රදේශය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටීන අතර. ඊශ්‍රායල මූලාශ්‍ර දැන් යෝජනා කරන්නේ හිස්බුල්ලා විසින් දකුණු ලෙබනනයේ සිට දියත් කළ ඩ්‍රෝන යානයක් පිපිරීමට හේතු වූ බවයි.

    මේ අතර, පිපිරීමෙන් තුවාල ලැබූවන්ට ප්‍රථමාධාර ලබාදෙන වීඩීයෝවන්ද මේවන විට සමජ මාධ්‍ය වාර්තා කර තිබිණි.

    සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img