fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ජෙලි' කන්න හොඳ නැද්ද?

    ‘ජෙලි’ කන්න හොඳ නැද්ද?

    වෙළදසැල් තුළ දකින්න ලැබෙන ජෙලී ඔබේ දරුවා ඉතා කැමැත්තෙන් යුතුව ගන්නා ආහාරයක්. විවිධ වර්ණවලින් විවිධ හැඩයන් ඇතිව සිත් ඇද ගන්නා සුළු ලෙස මෙම ජෙලි වර්ග අසුරා තිබීමත් එයට ප්‍රධාන හේතුවක්.

    මෙම ජෙලි ( ජෙලටින් )සකස් කරන්නෙ සත්ව අස්ථි සහ සමේ ඇතී කොලැජන් නැමති ඇමැයිනෝ අම්ලය ලබා ගනිමිනුයි.

    මෙම ජෙලිවල අන්තර්ගතය ලෙස
    01 . සීනී
    02 . ජලය
    02 . ජෙලටින්
    03 . බෙන්සොයික් ඇසිඩ්
    04 . වර්ණකාරක
    05 . කෘතිම හෝ ස්වාභාවික රසකාරක
    06 . කල්තබාගැනිමේ ද්‍රව්‍ය
    පෙන්වා දීමට පුළුවන් .

    මෙම ජෙලී තුළ අන්තර්ගතව ඇති ප්‍රධාන දේ තමයි සීනී සහ ජලය. ජෙලටින් අඩංගු ප්‍රමාණය ඉතාමත් අඩු ප්‍රතිශතයකින් සමන්විතව ඇත.

    මෙම ආහාර කල්තබා ගැනීමට යොදන ආහාර තුළ බෙන්සොයිඩ් ඇසිඩ් අන්තර්ගතය. මෙම බොන්සොයිඩ් ඇසිඩ් මෙම ජෙලි වලට යොදා ඇති විවිධ පළතුරු යුෂ වල අඩංගු විටමින් C සමග ප්‍රතික්‍රියා කොට පිළිකාකාරක සෑදේ.

    එසේම මෙම ජෙලි තුළ පෝෂණ ගුණය ඉතාමත් පහළ අගයක ඇති අතර සිනී සාන්ද්‍රනය ඉතාමත් ඉහළ අගයක් ගනී.

    දිනකට වැඩිහිට් පුද්ගලයකුට අවශ්‍ය සීනී ප්‍රමාණය 24-35g වන අතර ලංකාවේ පුද්ගලයෙක් දිනකට ලබාගන්නා සීනී ප්‍රමාණය 85-100 g පමණ වේ .

    ඔබ දින හතරකට පමණ ලබා ගතයුතු සීනී එක් දිනකදි ලබාගැනිම නිසා පාසැල් දරුවෝ දියවැඩියා රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබන බව අප කවුරුත් දනී.

    ඔබ ලුණු , සීනී සහිත ආහාර සහ පිටි සහිත ආහාර ලබාගැනිම අඩු කරගතහොත් ඔබට ආයු අපේක්ෂාව වැඩිකර ගැනීමට සහ ශරීරය රෝගයකින් තොරව පවත්වාගෙන යෑමට හැකියාව ඇත.

    ඔබගේ දරුවන්ට ලබාදෙන මෙම කෘත්‍රිම ආහාර නිසා දරුවන් බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිකරයි. මෙවැනි අහිතකර ආහාර වෙනුවට ඔබ ඔබේ දරුවාට නිතරම නැවුම් එළවළු, පළතුරු සහ පිරිසිදු ජලය ලබාදිමට කටයුතු කරන්න.

    දිනපතා ව්‍යායාමවල නිරත කිරිමට වගබලා ගන්න.
    නිරෝගීමත් දරු පරපුරක් ගොඩනැගිමට ඔබත් දායක වෙන්න.

    ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක
    මහජන සෞඛ්‍ය පරික්ෂක

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img