fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්

    UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) Travel Portfolio සහ මෙරට Aitken Spence Travels සමඟ එක්ව, ඩුබායි හි ප්‍රධානම සංචාරක නියෝජිතායතන සඳහා ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ සංචාරක වැඩසටහනක් (FAM- familiarization tour) පැවැත්විය. ඩුබායි සහ අබුඩාබි ඇතුළු මැදපෙරදිග සිට පැමිණෙන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 404 අංක දරන ගුවන් යානයෙන් කොළඹ හරහා බැංකොක් වෙත බාධාවකින් තොරව ගමන් කිරීම පිළිබඳව දැනුවත් කිරීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක නියෝජිත‍යෝ වෙත ශ්‍රී ලංකාව ආකර්ශනීය ගමනාන්තයක් ලෙස හඳුන්වා දීම මෙහි අරමුණයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි, අබුඩාබි, දෝහා, රියාද්, ජෙඩා සහ කුවේට් සිට කොළඹ දක්වා දෛනික ගුවන් මෙහෙයුම් සිදුකරන අතර කොළඹ සහ බැංකොක් අතර සතියකට ගුවන් ගමන් වාර 11ක් ක්‍රියාත්මක කරයි. මැදපෙරදිග සිට බැංකොක් වෙත යන මගීන් සඳහා UL 404 ගුවන් යානයේ පියාසර කාලසටහන අනුව කොළඹ සිට බැංකොක් වෙත යෑමට බාධාවකින් තොරව පහසුකම් සලසයි. එමෙන්ම UL 404 හි බැංකොක් වෙත පැමිණීමේ වේලාව (පැය 12:50) සහ කොළඹ වෙත නැවත පැමිණෙන UL 405 ගුවන් යානය පිටත් වන වේලාව (පැය 13:55) සම්මත හෝටල් ඇතුළු වීමේ සහ පිටවීමේ වේලාවන් සමඟ මනාව ගැලපෙන නිසා සංචාරකයින්ට පහසු වේ.

    මීට අමතරව, මැදපෙරදිග සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ බැංකොක් වෙත පියාසර කරන විට මෙරට සංචාරය කිරීමේ අවස්ථාව ද ලැබෙන නිසා එක් සංචාරයකදී ද්විත්ව රටක නිවාඩුව ගත කිරීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ඉන්දියාවේ ප්‍රධාන නගර නවයක සිට කොළබ හරහා බැංකොක් වෙත යාමට ද ශ්‍රීලංකන් ගුවන් සේවය පහසුකම් සලසයි.

    මෙම සුවිශේෂී සංචාරක වැඩසටහනට සහභාගී වූ සංචාරක නියෝජීතයන් හට බැංකොක් නුවර විචිත්‍රව‍ය මෙන්ම දිවයිනේ හිරු කිරණින් සිපගත් දකුණු වෙරළ තීරයන් හි සුන්දරත්වය සහ ඓතිහාසික ගාලු නගරයේ අතීත ශ්‍රී විභූතිය අත්විඳීමට හැකි විය.

    මැදපෙරදිග සිට පැමිණෙන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කොළඹ හරහා බැංකොක් වෙත බාධාවකින් තොරව ගමන් කිරීම පිළිබඳව දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ අපූර්වත්වය ලොවට පෙන්වමින්, සංචාරකයන් දහස් ගණනින් මෙරටට ආකර්ෂණය කරගැනීම මෙම සංචාරක වැඩසටහනේ අරමුණයි. වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා, ඔබගේ ළඟම ඇති සංචාරක නියෝජිතයා හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඩුබායි කාර්යාලය 043961222, සාජා කාර්යාලය 065270079 සහ අබුඩාබි කාර්යාලය 026337125 අමතන්න.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img