fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPපක්ෂ තීරණය පාරා වළල්ලක් වෙයි -පොහොට්ටුවේ කැළඹීමක්

    පක්ෂ තීරණය පාරා වළල්ලක් වෙයි -පොහොට්ටුවේ කැළඹීමක්

    ජනාධිපතිවරණය සඳහා පක්ෂයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය මේවනවිට පොහොට්ටුවටම පාරා වළලක්වෙමින් තිබෙන අයුරු පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

    පොහොට්ටුවෙ බහුතරයක් බළාපොරොත්තු වූයේ ජනාධිපතිවරණයෙදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටම පක්ෂයේ සහය ලැබෙනු ඇතිය යන්නය.

    (පොහොට්ටුව කැඩුවේ නාමල් බවට චෝදනා)

    එහෙත් සියල්ලම උඩුයටිකුරු වූයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ දැඩි තීරණ නිසාය. බහුතරයකගේ අපේක්ෂා බිඳ දැමූ නාමල්ට “පොහොට්ටුව දෙකඩ කළාය” යන චෝදනාව එළිපිටම එල්ලවී තිබේ.

    ඒ චෝදනාවලට ඔහු දෙන පිලිතුර තවමත් පැහැදිලි නැත.

    (චන්ද්‍රසේන හා රෝහණ රනිල් පිලට, පෝලිම තව දිගට)

    මේ අල්ල පනල්ලේ තවත් බොහෝ දෑ සිදුවෙමින් තිබේ. තමන්ට යෝධ සෙවණැල්ලක්වූ අනුරාධපුරයේ එස්.එම් චනද්‍රසේන ජනපති සරණ යෑම රාජපක්ෂවරුන් මේ මොහොතේ කිසිසේත්ම බළාපොරොත්තු නොවූවක් බව පැහැදිලිය.⁣

    එපමණක් නොව.ජනක බණ්ඩාර රනිල්ට “සපෝර්ට්” නම් මම පක්ෂයට “ස⁣පෝර්ට්” යැයි කී රාජ්‍ය ඇමති රෝහණ දිසානායකද දැන් ඉන්නේ රනිල් පිලේය. මේ පෝලිම ඉදිරියේදී තවත් දික්වනු ඇතැයිද පැවසේ.

    (රෝහිත අප්සෙට් එකේ)

    එමෙන්ම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහය පළකරමින් තම දකුණු අත එසවූ, බැසිල්ගේ දකුණු අතවන් කලුතර රෝහිත අබේගුණවර්ධනද මේ වනවිට සිටිනවායැයි කියන්නේ තම තීරණය නැවත වරක් සිතාබැලිය යුතුය යන චේතනාවෙන් බවට ආරංචි පැතිරයමින් තිබේ.

    “මේක මාරම අවුල් තීරණයක්. මහින්ද මහත්තය එක්ක කතාකරල මේ තීරණය වෙනස් කරන්න ට්‍රයි කරනවා” රෝහිත සිය සඟයන්ට කියා තිබුණි.

    (හදිසියේම අයි.එම්.එෆ් නියෝජිතා රාජ්‍ය ඇමති ශෙහාන් හමුවේ)

    මේ අතරවායේදී මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහට ඊයේ මෙරට අයි.එම්.එෆ් නියෝජිතයා මුණගැසී තිබුණි.

    “මොකද්ද මේ වෙන්නෙ.ඔයාලගේ පක්ෂය ඇයි මෙහෙම තීරණයක් ගත්තෙ” යැයි විමසා තිබේ.

    “ඔබතුමා බය වෙන්න එපා. පක්ෂය මොන තීරණය ගත්තත් බහුතරය අපි එක්ක. මේ ඡන්දය දිනන්නෙ අපි.ඒ නිසා ඉස්සරහටත් මේ වැඩටික කරගෙන යමු.”

    අයි.එම්.එෆ් නියෝජිතයා අස්වසමින් රාජ්‍ය ඇමති ශෙහාන් කියා තිබුණි.

    (රාජ්‍ය ඇමති ශාන්තගේ ගේ වට කරයි)

    මේ අතරදී බිංගිරියේ පිහිටි නිවස වටකර ඔහුගේ ඡන්ද දායකයන් පැවසුවේ ආණ්ඩුවට සහය දක්වන බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසය. ඒ අනුව ඔහු ඊයේ එය සිදකර තිබුණි.

    (පොහොට්ටු මන්ත්‍රීවරුන්ට, සාගරගෙන් දිගටම ඇමතුම්)

    පොහොට්ටුවෙ මහලේකම් සාගර කාරියවසම් ඊයේ උදෑසනම පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන්ට ඇමතුම් දෙමින් කියා තිබුණේ ” ජනපතිගේ රැස්වීම්වලට නොයන ලෙසය.”

    බොහෝ දෙනෙකු එය ප්‍රතික්ශේප කර තිබුණි.

    “අපි ආණ්ඩුවේ කොටස්කාරයෝ. ජනපති කැඳවන රැස්වීම්වලට යන්න ඕන” සරත් වීරසේකර මහලේකම්වරයාට කියා තිබුණි.

    එපමණක් නොව සාගරගේ කතාව ඔහු ජනාධිපතිවරයාටද කියා තිබුණි.

    (හදිසියේම පවිත්‍රාට ආ ඇමතුම)

    මේ අතර ඊයේ පැවති ආණ්ඩුපක්ෂ රැස්වීමට පෙර ඇමතිනී පවිත්‍රා ජනාධිපති කාර්යාලයට ආවේ ජනාධිපති මුණ ගැසීමටය.

    ඒ අතරදී ඇමතිවරියට ඇමතිතුමක් ලැබුණි.

    “ඔබතුමිය හරි තීරණයක් ගන්න. අපි අද බේරිලා ඉන්නෙ ජනාධිපතිතුමා නිසා. අරගලය වෙලාවේ කවුරුත් අපි ගැන බැලු⁣වේ නෑ. ඒක නිසා ඔබතුමිය අනිත් පැත්ත හැරැණොත් අපිට තීන්දුවක් ගන්න වෙනවා”

    ඇමතුම ගත් රත්නපුරයේ පළාත් පාලන නියෝජිතයකු කියා තිබුණි.

    මේ අතරදී ඇමතිනිය අතින් ජංගම දුරකතනයේ “ස්පීකරය” ඔන්වී, සියල්ලන්ටම ඇසී තිබුණි.

    “දවසට කෝල්ස් බර ගණනක් එනවා. හෙට අනිද්දම ආසන බලමණ්ඩලය කැඳවල තීරණයක් ගන්නවා” ඇමතිනිය වට පිටාවේ සිටි අයට කියා තිබුණි.

    (ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම)

    ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සහභාගී වීමට ආ මැතිඇමතිවරැන් නියමිත ආසන වෙත එක්කරගෙන ගියේ කංචන,මහින්දානන්ද,නිමල් ලාංසා ඇතුළු පිරිසක් විසිනි.

    “අද මොකද අමුත්ත.එක අතකට අපේ අයම අපිට පාර පෙන්නන එක හොඳයි” මැති ඇමතිවරුන් සිනා සෙමින් කීය.

    ජනාධිපතිවරණයේදී, වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කළේ ඇමති රමේෂ් පතිරණය. මන්ත්‍රී එස්.බී එය අනුමත කළේය.

    සහභාගී වූ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පුද්ගලිකවම අත්සන් ලබාගත් අතර මන්ත්‍රීවරුන් 92 සහය ඊට ලැබී තිබුණි.

    ඒ ලිපිය සැකසුවේ ඇමති ප්‍රසන්නය. ඉස්සෙල්ලාම අත්සන් කළේද ඇමති ප්‍රසන්න,කංචන,රමේෂ් හා මහින්දානන්දය.

    (පොහොට්ටුව කියන්නේ අපි – එස්.එම්)

    අනතුරුව නැඟී සිටියේ එස්.එම් චනද්‍රසේනය.

    “පොහොට්ටුව කියන්නේ අපි. මෙික හැදුවේ අපි. අපිව අමත කකරල ගමනක් යන්න බෑ” ඔහු පැවසීය.

    ”එස්.එම් චන්ද්‍රසේන ඇමතිතුමා ආපු එකට වැඩියෙන්ම සතුටු වෙන්නෙ මම” රාජ්‍ය ඇමති ශෙහාන් ද කීය.

    (ඔයාල දක්ෂ අය – ජනපති කියයි)

    “මට මේ ගමන යන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතු සහය දුන්නා. නැත්නම් මේ ගමන යන්න බෑ. ඔයාල දක්ෂ අය. අපි අලුත් ගමනක් යමු.” ජනාධිපතිවරයා එහිදී කීය.

    (පොහොට්ටුවෙ කැළඹීමක්)

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සිදුව ඇතැයි කියන සාකච්ඡාව අණාවරණය වීමත් සමඟ පොහොට්ටුව අභ්‍යන්තරයේ දැඩි කැළඹිලි සහගත බවක් ඇතිව තිබෙන බව වාර්තාවේ.

    මේවනවිට අණාවරණය වන්නේ සමඟි ජන බලවේගයට මුදල් වියදම් කරන ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකාද ඒ සඳහා මැදිහත්ව ඇති බවයි.

    මෙි කියන ලක්ෂ්මන් ෆොන්සේකා සම්බන්ධයෙන් ස.ජ.බ බොහෝ මන්ත්‍රීවරුන් අතරද ඇත්තේ ඒ හැටි හොඳ පැහැදීමක් නොවේ.

    කෙසේ වෙතත් ස.ජ.බ මන්ත්‍රීවරයකු පැවසුවේ ” අපි ජනාධිපතිතුමාට කිව්ව රනිල් රාජපක්ෂ කියල. හැබැයි ඇත්තම රාජපක්ෂ ඉන්නෙ මෙහේ.සජිත් රාජපක්ෂ අපිටත් කොලේ වහනවා” යී කීවේ තරමක කේන්තිය මුසු කළකිරීමකිනි.

    පොහොට්ටු මන්ත්‍රීවරුන් පවසන්නේද සජිත් සමඟ පෑහීම නාමල්ගේ අනාගතයට සුබ නොවන බවයි.

    (පොහොට්ටුව ධම්මික ඇන්ඳුවාද?)

    පොහොට්ටුවෙ විශාල නාය යෑමකට ලක්වීමත් සමඟම එහි නායකයන්ද කළබලයට පත්ව තිබේන බව වාර්තාවේ.

    පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකයා යැයි පැවසෙන ව්‍යාපාරික ධම්මික පෙරේරා ද මේ සම්බන්ධයෙන් පොහොට්ටු නායකයන්ගේ⁣න් විමසා ඇතැයි වාර්තාවේ.

    ඒ අනුව පොහොට්ටුවට සහය දක්වනවා යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ අත්සන් ලේකනයක් ධම්මික පෙරේරාට ලබා දී ඇත.

    නමුත් පොහොට්ටුවෙම මන්ත්‍රීවරුන් පවසන්නේ එය ව්‍යාජ ලේකනයක් බවයි. ජනාධිපතිවරයාට පොහොට්ටු මන්ත්‍රීවරුන් 92 සහය ලැබෙන විට ධම්මික පාර්ෂවයට මන්ත්‍රීවරුන් 54 කගේ සහය ලබා ගැනීමේ හැකියාවක් නැතැයි ඔව්හු පවසති.

    ඒ අනුව පොහොට්ටුව විසින් ව්‍යාපාරික ධම්මික අන්දවා ඇති බවද ඔව්හු පවසති. එය සාක්ෂි සහිතව ඔප්පු කරන බවද ජනාධිපතිවරයාට සහය දක්වන පොහොට්ටු මන්ත්‍රීවරුන් පවසති.

    (ධම්මිකගෙන් ආසන සංවිධායකවරුන්ට සල්ලි මල්ලක්)

    ආරංචිවන ආකාරයට ධම්මික පෙරේරා පොහොට්ටුවෙ ආසන එක් ආසන සංවිධායකවරයකුට රුපියල් ලක්ෂ 40 බැගින් ලබාදීමට තීරණය කර තිබේ. මෙහි විශේෂත්වය නම් ධම්මිකගේ සල්ලි ලබා ගැනීමට නියමිත ආසන සංවිධායකවරුන්ද ජනාධිපතිවරයාට සහය දක්වන බව පැවසීමය.

    (සජිත්ට සහය දුන් නිදහසේ ලොක්කෙක් කලකීරීමෙන්)

    පොහොට්ටුව කඩාගෙන ගොස් හැදූ නිදහස ජනතා සභාවද මේ වනවිට නිදහසේ විසිරී ගොසිනි. ඉන් ලොකු කොටසක් ස.ජ.බයට එක්විය. තවත් කිහිප දෙනෙකු ඔහේ පාවෙමින් සිටිති.

    මේ අතර නිදහස ජනතා සභාවේ නායක මට්ටමේ අයකු ඊයේ පෙරේදා හිතවත් මන්ත්‍රීවරුන්ට පවසා තිබු⁣ණේ ” හරිනම් මමත් ඉන්න ඕන ඔතන, ඒත් මම දැන් දුර ඇවිල්ල වැඩියි. හැරෙන බෑ” යනුවෙනි.

    (ප්‍රසන්නගේ ලියුම)

    ඇමති ප්‍රසන්න රණතුංග සැලකෙන්නේද රාජපක්ෂ පවුලේ අතිශයින්ම හිතවතකු ලෙසය.

    ජනාධිපතිවරයාට සහය දක්වන බව ඉස්සෙල්ලාම ප්‍රසිද්ධියේ කීවේ ඔහුය.

    ජනාධිපතිවරයාට සහය දැක්වීමට තමන් ගත් තීන්දුව සම්බන්ධයෙන් ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දුන්නේය.

    ඔහු එය ආරම්භ කර තිබුණේ “පරමාදර්ශී නායක 5 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ” යනුවෙනි.

    තමන් සැමදා රටත් ජනතාවත් ගැන සිතා තීන්දු ගන්නා බව ඔහු එහි ලියා තිබුණි. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ඉදිරියටත් ගෙන යා යුතු බවද ඔහු එම දීර්ඝ ලිපියේ ලියා තිබුණි.

    (ජනපතිගෙන් තද තීරණයක්)

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ජයග්‍රහණයෙන් පසුව තම සහයට එන අයගෙන් තමන්ට වැඩක් නැති බවය.

    (පොහොට්ටුවෙන් ඇමතුම් පිට ඇමතුම්)

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඊයේ (31) වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණ.

    එයට සහභාගී වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පැවසුවේ තම සහය ජනාධිපතිවරයාට ලබා දෙන බවයි.

    ඒ සම්බන්ධයෙන් වන යෝජනාව උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම් සමරකෝන් සභාවට ඉදිරිපත් කළ අතර බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය එය ස්ථීර කළේය.

    (කාංචනගේ ඇමතුම)

    මේ හමුව පැවැත්වෙන අතරදී පොහොට්ටුවෙ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සන්ධානයේ සභාපතිවන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියා වන කාංචන ජයරත්න හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඇමතුම් දෙමින් කීවේ “හෙට (1) පැවැත්වෙන පොහොට්ටුවෙ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවට එන ලෙසය”.

    එහෙත් වෝටර්ස් ඒජ් සිට හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ” අපි ජනාධිපතිතුමා එක්ක ඉන්නවා. මෙතන ඉන්නයි, ඔතන ඉන්නයි දෙකක් බෑ. අපි මෙනම ඉන්නම් යනුවෙනි”

    (සාගරත් අමතයි)

    පොහොට්ටුවෙ මහලේකම්, මන්ත්‍රී සාගර කාරියවසම් උදේ පාන්දරම පොහොට්ටුවෙ මන්ත්‍රීවරියන්ට ඇමතුම් ගත්තේය.

    ඒ එක ඇමතුමක් ලැබු⁣ණේ කෝකිලා හර්ෂනී ගුණවර්ධන මන්වරියටය.

    “කෝකිලා ඔයා පක්ෂයට එන්න.” සාගර කීය.

    “බෑ… ලේකම්තුමා.. අපි තීරණයක් ගත්තා. දැන් ඒක වෙනස් කරන්න බෑ” මන්ත්‍රීවරිය පැවසීය.

    “එහෙම බෑ.. පක්ෂය තීරණයක් ගත්තම ඒක එක්ක ඔයාල ඉන්න ඕන” සාගර ටිකක් සැරවිය.

    “අපිට ඔතනට එන්න බෑ.. ඔබතුමන්ල අපේ තැනට එන්න” කෝකිලාද පස්සට ගියේ නැත.

    ” ඒක කරන්න බෑ” සාගර තවත් දැඩිවිය.

    “එහෙමනම් අපිටත් බෑ. අපි ඉන්නෙ ජනතාවගේ තීන්දුව එක්ක”

    කෝකිලාට වාක්‍ය අවසන් කිරීමට අවස්ථාවක් ලැබු⁣ණේ නැත සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ඇමතුම විසන්ධි කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img