ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා මහතාගේ නම නිවේදනය කිරීම නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ලබන 07 වැනිදා සිදුවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
අදාළ නිවේදනය සමඟ ධම්මික පෙරේරාගේ ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි සඳහන් වේ.
මෙම මැතිවරණ ප්රචාරක කටයුතු හා පරිපාලන කටයුතු සඳහා කැසිනෝ සමාජ ශාලා ඇතුළු ඔහුගේ ව්‍යාපාරවල ඉතා දිගුකලක් සමීපව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් යොදා ගැනීමට සැළසුම් කර තිබේ.
ඒ අනුව ධම්මික පෙරේරාට අයත් කැසිනෝ සමාජ ශාලා ඇතුළු ඔහුගේ ව්‍යාපාර රැසක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ආයතන වගකීම්වලින් නිදහස් කොට දිස්ත්‍රික්ක 25 පුරා විහිදයන ආකාරයට දේශපාලන සංවිධාන කටයුතු බෙදා දී ඇති අතර, ඩී.පී එඩියුකේෂන් වැඩසටහනට ඒකාබද්ධව එම කටයුතු සංවිධානය කිරීම බාර වී තිබේ.