මේ දිනවල ඇතැම් දේශපාලඥයන් මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණවල වෙනසක් සිදුවේද යන්න ගැන විමසිල්ලෙන් පසුවෙයි. ඉන්දික අනුරුද්ධ එවැනි කපුකමකට මුක්කු ගහන්න ඊයේ විජේරාම පිහිටි නිල නිවසට ගියේය.
“ධම්මික.. ධම්මික.. ධම්මික..” යනුවෙන් ජපකරමින් සිටින කණ්ඩායමට සහය දෙන ඉන්දික අනුරුද්ධට අපූරු අකරතැබ්බකට මුහුණ පෑමට සිදුවිය. ඒ පවිත්රා වන්නිආරච්චි මහත්මිය ද මහින්ද රාජපක්ෂ හමුවීමට එකම වෙලාවේ විජේරාම නිල නිවසට පැමිණීම නිසාය.
රත්නපුරේ ජනතාව ද රනිල් සමඟ ගමනක් යමු යැයි පවිත්රාට බල කිරීමත් පක්ෂයේ තීන්දුවට පිටුපෑමට ඇයට ඇති අකමැත්තත් නිසා ඇය සිටියේ තරමක පීඩනයකි.
කතාවක් මැදට ආ ඉන්දික නිසා හතර ජුවල් ගිය පවිත්රා අම්මා මුත්තා නැතිවෙන්න ඉන්දික අනුරුද්ධට බැන වැදුනේය.
ඉන්දිකගේ පැත්ත ගැනීමට ඒ නිවසේ කිසිවෙකුත් නොවූයෙන් ඔහු වහ වහා වාහනයට නැග විජේරාම නිවසෙන් පිටත් විය.