ජීවිතේ හැම භූමිකාවකටම මුල් උනේ මහින්දෙ අධ්‍යාපනය යැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසීය.
ගාල්ල රූමස්සල මවුන්ට් රිච් හෝටලයේ පැවැති මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නායක සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහඳ හමුව 2024හි ප්‍රධාන ආරාධිතයා වෙමින් හෙතම පසුගිය 17 වැනිදා මේ බව ප්‍රකාශ කළේය.
මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතා, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සම්පත් රත්නායක මහතා, ආදි ශිෂ්‍ය නායක සංගමයේ අනුශාකවරයකුවන සී.ඒ ගුණවර්ධන මහතා ඇතුළු ආදි ශිෂ්‍යනායකයෝ රැසක්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙස (1991-2001) කාලයේ සේවය කොට විශ්‍රාම ලැබූ පී.කේ ගිල්බට් මහතා සහ 1998-2017 කාලයේ ගුරුවරියක ලෙස සේවය කළ වසන්තා ලියනගේ මහත්මිය මෙහි දී ආදි ශිෂ්‍ය නායක සංගමයේ උපහාරයෙන් පිදුම් ලැබූහ.
මහින්ද විද්‍යාලයේ ශිෂ්‍ය නායක ගීතය ඉතිහාසයේ පළමුවරට රූප මාධ්‍යට නගමින් වර්තමාන ශිෂ්‍ය නායකයින් ලවා එය ගායනාකොට විද්‍යාලයට ප්රදානය කිරීමේ සුවිශේෂී අවස්ථාවද මෙහි දී සිදුවිය.
පසුගිය වසරේ ආදි ශිෂ්‍ය නායක සංගමයේ සභාපති ධුරය හෙබවු නලීන් පරණගම මහතා ඇතුළු නිලධාරි මඩුල්ල මෙවර ද නිතරගයෙන් එම තනතුරු සඳහා තේරී පත්වූහ.
රුසියාවේ හිටපු ශ්‍රී ලංතා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මහා සභා රැස්වීම හා සුහඳ හමුව අමතා මෙසේ ද කීවේය.
ශිෂ්‍යත්වයක් ලැබිලා ඒ කාලේ මම සෝවියට් දේශයට යනවා. ඒ වෙනකොට මම රුසියානු භාෂාවේ එක වචනයක්වත් දන්නෙ නැහැ. යාළුවොත් නැහැ. මම මෙහෙන් යනකොට ඩොලර් එක රුපියල් 13යි. එහෙම ගියපු ගමන අවුරුදු 22ක් ගිය තැන ක්රෙමිලිනයෙන් අවසන් කරන්න මට පුළුවන් උනා. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති විදියට ජනාධිපති පූටින් හමුවුණ වෙලාවෙත් මට ඒක මතක් උනා. මට පුටින් ජනාධිපතිතුමාව සිවු වතාවක් මුණ ගැහිලා තියෙනවා. ලාංකිකයෙක් විදියට ඒක මට විශාල වටින දෙයක්. ඒ නිසාම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර විශාල වැඩකොටසක් කරන්න මට පුළුවන් උනා. මේ විදියට මහින්ද විද්‍යාලයෙන් ලද අත්දැකීම් නිසා මට මගේ ජීවිතය සාර්ථක කරගන්න ලැබුණා.
මේ තැනැට එන්න මම කරුණු හතරක් අනුගමනය කළා. පළමුවෙන්ම පරාජය උන වෙලාවක ඒක කළමනාකරණය කරන විදිය මම අධ්‍යනය කරගත්තා. ඒ වගේම හැමදාම ඉදිරි අනාගතය ගැන හීනයක් දුටුවා. මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මම කවදාහරි දවසක මගේ රට නියෝජනය කරන රුසියානු තානාපති වෙන්න ඕන කියලා හීනයක් දැක්කා.
ජීවිතේ එක කාලයක් මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා අධ්යක්ෂ විදියටත් මම කටයුතු කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපති උපදේශකවරයෙක් හැටියට අවුරුදු දහයක් මම කටයුතු කළා. ඒ සඳහා වැටුප් ලබා ගත්තෙ නැහැ. රුසියාව සමඟ තියෙන සම්බන්ධතා නිසා තමයි එතුමා මම ඒ තනතුරට පත් කළේ. ඊට පසුව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළා. වෙළඳ ව්‍යාපාරිකයෙක් ලෙස ශ්‍රී ලංකාවේත් රුසියාවේත් සමාගම් රාශියක් ආරම්භ කරනු ලැබුවා. අග්‍රාමාත්‍ය උපදේශක විදියට වැඩ කළා. මේ සෑම භූමිකාවකටම මුල්වෙන්නෙ මහින්දෙ අධ්‍යාපනය. මහින්ද විද්‍යාලයේ ලබාගන්න අධ්‍යාපනය තුළින් ඕනෑම දෙයක් අපට කරන්න පුළුවන්.
අද මේ ඉන්න ශිෂ්‍ය නායකයො තවත් වසරක් යනවිට සමාජයට එනවා. එක්කො ඔබ විශ්වවිද්‍යාලයට යනවා. නැතිනම් වෙන වෘත්තියකට යොමුවෙනවා. ඒ සඳහා අද වෙනකොට මේ පුතාලට යම් ආකාරයක දැක්මක් තියෙන්න ඕන. ඒක ගමනාන්තය දක්වා ගන්න බස් එකක ටිකට් එකක් වගේ වෙන්න ඕන. තමන්ගෙ ජීවිතය ලස්සනට ලියන්න පුළුවන් මනුස්සයෙක්ගෙ තැනට ඔබත් පත්වෙන්න.
දන්නවාද ජීවිතය සාර්ථකයි කියනවා නම් මොකද්ද ඒ සාර්ථකයි කියන්නෙ ? කියලා. ඔබ ගැන ප්‍රසන්න හැඟීමක් ඇතිවෙනවා නම් අන්න එතන සාර්ථකත්වයක් තියෙනවා. එදා මහින්ද විද්‍යාලයෙන් ඉගෙන ගත්ත මම දැන් අවුරුදු ගාණක් තිස්සේ මහින්ද විද්‍යාලයට පමණක් ශිෂ්‍යත්ව 650ක් පමණ දීලා තියෙනවා. ඒ සමහර ළමයි අද වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වී තිබෙනවා.ඒ සමහරු එංගලන්තයේ පවා අධ්‍යාපනයට යොමුවෙලා තියෙනවා.
අපට එදා බෞද්ධ ආගම ගැන, සමාජය ගැන සංස්කෘතිය හා සමාජ සේවය ගැන මහින්ද විද්‍යාලයෙ දි හොඳ ආභාෂයක් ලැබුණා. ඒ නිසා දුෂ්කර ප්‍රදේශවල බෞද්ධ පන්සල්වලට ඉතා විශාල වැඩ කොටසක් මම කරලා තියෙනවා. පොත පත, ශිෂ්‍යත්ව පිරිනැමීම මෙන්ම සෞඛ්‍ය ආධාර විශාල වශයෙන් ලබා දීලා තියෙනවා.
ඒ වගේ දේවල් කරලා පුද්ගලයෙක්ට සතුටු වෙන්න පුළුවන් නම් ඔහු සාර්ථක පුද්ගලයෙක්. විශාල ගෙයක හෝ ලොකු වාහනයකින් ආවා පමණින් ඔහු හෝ ඇය සාර්ථක පුද්ගලයෙක් වෙන්නෙ නැහැ. සමාජයට කරපු දේ ගැන සංතෝෂවෙන්න තමන්ට පුළුවන් වෙන්න ඕන. ඒක ප්‍රසන්න හැඟීමක්. මෙතන ඉන්න ශිෂ්‍ය නායකයන්ට මම කියනවා තව අවුරුදු විස්සකින් තිහකින් හරි අපි ගියපු තැන්වලටත් ඉදිරියට ඔබ ගිහිල්ලා මහින්දෙට ඒ වටිනාකම දෙන්න. මහින්ද විද්‍යාලය නිසා අපි බැබලෙනවා නෙමෙයි අපි නිසා මහින්දෙ බැබලෙන්න උවමනායි.
එක දෙක තුන අවස්ථා මගහැරුණත් උත්සාහ කරන්න. කවදාවත් හිතන්න එපා පරාජය උනා කියලා. ඔබේ ඉලක්කයට ඔබට යන්න පුළුවන්. ඒ සඳහා හොඳ මානසික ශක්තියක් තිබීම පමණයි වැදගත් වෙන්නෙ. ඕන දෙයක් එක පාරෙන් අතාරින්න එපා. පළමු වතාවේ මට ලංකා වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි උනා. මට ලැබුණේ කෘෂි විද්‍යා පීඨය. අම්මා ඒකට අකමැති උනා. අම්මට උවමනා උනේ මාව වෛද්‍යවරයෙක්ම කරන්න. මගේ ජීවිතය මේ අරමුණුවලට එන්න මගේ අම්මා විශාල භූමිකාවක් උනා.
සෝවියට් දේශයට ගිහිං ඇවිත් මෙහේ වෛද්‍යවරයෙක් විදියට වැඩ කළා නම් අද මම ඉන්න තැනින් බාගයක් දුරකටවත් යන්න ලැබෙන්නෙ නැහැ. රුසියාවේ ගිහිං ඇවිත් මෙහේ වෛද්‍ය වෘත්තිය නොකර නැවත මම රුසියාවට ගියා. එදා මම ගත්තේ විශාල අවදානමක්. මට අම්මාත් ආපහු යන්න එපා කිවුවා. එදා මම අසාර්ථක උනා නම් මගේ ජීවිතය ඉවරයි. එහෙත් මම උත්සාහය අතහැරියේ නැහැ.
ජීවිතය කියන්නෙ එක් විෂය කණ්ඩයක දැනුම විතරක් නෙමෙයි. අප ජීවත්වන සමාජයේ විවිද විෂය කේෂ්ත්රගැන් අපට දැනුමක් තියෙන්න ඕන. රසායන විද්‍යාව භෞතික විද්‍යාව විතරක් නෙමෙයි ආර්ථික විද්‍යාව දේශපාලනය ඇතුළු හැමදේම ගැන අපට දැනුමක් තියෙන්න ඕන. එදා මහින්දෙ දැනුම මිනුම කණ්ඩායමේ සිටි නිසා අපි ඒ හැමදේම ගැන සොයන්න උනන්දු උනා. ඒ අපි සමඟ සිටි මිතුරන් ලංකාවේ විශිෂ්ට තැන්වලට ගියා. ඒ ඉගෙන ගැනීම ඉදිරියටම යනවා.
සිවුවැනි කරුණ තමයි අපට තියෙන මානසික පීඩාවන් තිබේනම් අපි ඒවා කඩා බිඳ දාන්න ඕන. සමහර වෙලාවට කොළඹ ගියත් අපිට ඉන්න වෙන්නෙ අපේ පාසලේම මිතුරන් සමඟ පමණක් වෙන්න පුළුවන්. ඒත් මම රටවල් ගණනාවක විවිධ රටවල් හතළිස් පහක මිතුරන් ඇසුරු කළා. එතැනදි මට ආත්ම විශ්වාසයක් ඇති උනා. මට මේ තත්ත්වයට එන්න මග පෑදුවේ මෙන්න මේ කරුණු හතර. හැබැයි මේ මම හිතපු කරුණු හතරක් නෙමෙයි. මේ කරුණු හතර පෙන්වලා දීලා තියෙන්නෙ ලොව සිටි විශිෂ්ට විද්‍යාඥයකුවන ඇල්බට් අයින්ස්ටයින් විසින්. සක්සස් නැතිනම් දියුණුව ගැන එතුමා මේ කරුණු පෙන්වලා දීලා තියෙනවා. මම කළේ මගේ ජීවිතයට ඒ කරුණු හතර අදාළ කරගෙන ඔබට ඒ ගැන විස්තර කිරීම පමණයි.
ඒ නිසා මම මහින්ද විද්‍යාලය වෙනුවෙන් ඉදිරියටත් මගේ සේවය දෙන්න බලාපොරොත්තු වෙනවා. අද මෙතන ඉන්න ශිෂ්‍ය නායකයො තව අවුරුදු පහකින් දහයකින් හමුවෙනකොට ඒ අය මහින්ද විද්‍යාලයෙන් ගත්ත ආභාෂයෙන් හොඳ තැන්වලට ඇවිත් කියලා අහන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඔබත් තමන්ගෙ ජීවිතය හැමවෙලාවෙම විවිධාංගීකරණයට ලක්කරන්න. කවදාවත් එක දෙයක් මත්තෙම ඉන්න එපා. වෛද්‍යවරයෙක් උනොත් වෛද්‍යවරයාම තමයි. ඒ වගේම අවසානයේ මේ දේත් මතක් කරන්න ඕන. කවදාවත් තමන්ගෙ අම්මා තාත්තා සහෝදර සහෝදරියො මොන හේතුවක් නිසාවත් අමතක කරන්න එපා. දෙමාපියන්ගෙ අවසානය දක්වාම අපි සළකන්න ඕන. එවා ඔවුන් බලාපොරොත්තුවෙනවා. මේක ශ්‍රී ලාංකික සංස්කෘතියෙ තියෙන වැදගත් දෙයක්. අද ඒ වගේ සාරධර්ම සමාජයෙන් ගිලිහෙමින් යනවා. අනාගතයේ මේ සමාජයේ වගකීම් බාරගන්න පිරිසක් විදියට අද ඉඳන්ම ඒ ගැන අවධානය යොමු කරන්නැයි ඔබෙන් ඉල්ලා සිටිනවා යැයි වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසීය.