විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර ඊයේ පැවති සාකච්චාවට ආරාධනා ලැබූ කණ්ඩායමෙන් බහුතරක් නොපැමිණ එය වර්ජනය කර ඇතැයි වාර්තා වේ.
ඊයේ පස්වරු 7 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නවරෝහල පාරේ පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තිබූ මෙම සාකච්චාවට විපක්ෂ නායක කාර්යාලය මගින් සියළුම ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ඇරයුම් කර තිබී ඇත.
ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන 267 කට ආරාධනා කර තිබුනද සාකච්චාව සඳහා පැමිණ තිබුනේ 30 කටත් අඩු පිරිසකි.
සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවට පැමිණ ඇත්තේ රාත්‍රී 10.30 ට පමණ ය.
මෙම සාකච්චාවට විදේශ රැකියා නියොජිත ආයතන කැඳවීමේ වගකීම බාරගෙන තිබුනේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි වන අතර ඔවුන්ට සාකච්ඡාව අසාර්ථක වීම නිසා දෝෂාරෝපණයට ද ලක්ව ඇත.
කෙසේවෙතත් විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් මෙම වේලාවේදී කම්කරු සහ විදේශ රැකියා පිළිබද ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර මහතා සහභාගීවූ සාකච්චාවකට සහභාගී වී ඇතැයි ද වාර්තා වේ.
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ සංසදය විසින් සංවිධානය කර තිබූ එම සාකච්චාව සදහා විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් 160 කට වඩා සහභාගී වී ඇත.
මේ අතර ඉකුත් 18 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සෞඛ්‍ය ක්ෂේස්ත්රයේ වෘත්තීය සමිති ක්රියාකාරිකයන් කැඳවමින් කොළඹ සම්මේලන සහ ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්චාව සඳහා 2000 කට ඇරයුම් කර තිබුනද ඊට පමිණ සිටියේ 18 දෙනෙකු පමණක් වීම නිසා එම සාකච්ඡාව ද අවලංගු කළ බවට වාර්තා විය.