එංගලන්තය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය සඳහා පිතිකරණ දක්ෂතා ද ඇති, වේගපන්දු යවන්නකුවන නිසල තාරකට අවස්ථාව හිමිවනු ඇතැයි ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඕවල් ක්රීඩාංගණයේ දී ලබන 06 වැනිදා අරම්භවීමට නියමිත මෙම තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමට මෙසේ තවත් වේගපන්දු යවන්නකු එක්කර ගැනීමට සැළසුම් කර ඇතැයි සඳහන් ය.
පිතිකරණ දක්ෂතාව තිබෙන වේග පන්දු යවන්නකු වන නිසල තාරකට මෙසේ අවස්ථාව හිමිවුවහොත් එය නිසල තාරකගේ මංගල ටෙස්ට් තරග ද වනු ඇත.
එංගලන්තය දැනටමත් 2-0 ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන ඇති අතර ශ්රී ලංකාව කිසියම් අවමනයකින් ගැලවී සිටීමට නම් අවසන් තරගය ජය ගැනීම හෝ ජය පරාජයෙන් තොරව නිමා කළ යුතු වේ.
පිතිකරුවන් හත් දෙනෙක් සහිතව ක්රීඩා කළ ද නියමිත දක්ෂතා අතරට කණ්ඩායක් ලෙස පැමිණීමට නොහැකිවීම නිසා තෙවැනි තරගයේ දී කිසියම් වෙනසක් සිදු කිරීමට අවධානය යොමු වී තිබේ.
ඒ අනුව
1. පැතුම් නිශ්ශංක,
2. දිමුත් කරුණාරත්න
3. ධනංජය ද සිල්වා (නායක)
4. ඇන්ජලෝ මැතිව්ස්
5. දිනේෂ් චන්දිමාල්
6. කමිදු මෙන්ඩිස්
7. මිලාන් රත්නායක
8. ප්රභාත් ජයසූරිය
9. ළහිරු කුමාර
10. අසිත ප්රනාන්දු
11. නිසල තාරක ක්රීඩා කරනු ඇත.