පොහොට්ටුවේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතාව ජනාධිපතිවරණ ඡන්ද සටන ආරම්භයේ පටන් මේ දක්වා වූ කෙටි කාලය තුළ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජනපතිවරණයට තරග කිරීමෙන් ඉවත්වන බව ප්‍රකාශ කළ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි ජාතික සංවිධායක ලෙස කටයුතු කළ නාමල් රාජපක්ෂ මහතාට එම වගකීම බාර කළේය.
කෙසේ වෙතත් අනපේක්ෂිතව පැමිණි අභියෝගය බාරගැනීම, කෙටි කාලයක් තුළ රට දියුණු කරන වැඩපිළිවෙලක් සහිත නාමල් දැක්ම ඉදිරිපත් කිරීම, රට නොබෙදන බවට සපත කිරීම, සිංහල බෞද්ධ ප්‍රමුඛත්වය ප්‍රකාශ කිරීම, අනෙකුත් ආගම් සමඟ පවතින සහජීවනය හා ගෞරවය පිළිගැනීම, අනෙක් අපේක්ෂකයා විවේචනය කිරීම වෙනුවට ප්‍රතිපත්ති විවේචනය කිරීම, යුද්ධයට නිමා කිරීමට කැපවූ රණවිරුවන් මෙන්ම කොවිඩ්වලින් මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට කැපවුණු සුව විරුවන් සිහිපත් කිරීම සහ වයසින් බාලම ජනපති අපේක්ෂකයා ලෙස තරුණ හදවත් තුළට කා වැදීම හේතුවෙන් මෙම ජනප්‍රියතාව ඇතිව තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා ප්‍රධාන රූපවාහිනි නාලිකාවක පැවැති දේශපාලන සංවාදයක දී නිදහස ජනතා සභාවේ නායක පා.ම ඩලස් අලහප්පෙරුම මහතා විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ගම් මට්ටමෙන් තිබෙන ඡන්ද පදනම ද විග්රහයට ගනිමින් නාමල් රාජපක්ෂ මහතාට මනාප ලක්ෂ 40ක් ලැබෙනු ඇති බවට පුරෝකතනය කළේය.
ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ජනප්‍රියත්වය එලෙසින්ම රදවා ගැනීමට හැකි උවහොත් නාමල් රාජපක්ෂ මහතා ඩලස් අලහප්පෙරුම මහතා පුරෝකතනය කළ ඡන්ද සංඛ්‍යාව ඉක්මවා යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.