නදීක දයා බණ්ඩාර – මහනුවර
මධ්‍යම කඳුකරය රැක ගැනීම සඳහා නීතිරීති අණපනත් තිබුණත් ඉන් වැඩි ප්‍රමාණයක් නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම නිසා විදුලිබලාගාර අශ්‍රිත මධ්‍යම කඳුකරයේ පාංශු ඛාදනය ඉහළ යමින් පවතින බව පරිසරවේදීන් පෙන්වා දෙයි.
කොත්මලේ, පොල්ගොල්ල ජල හැරවුම, වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ ආශ්‍රිතව මෙම තත්තවය බහුලව දැකිය හැකි බව මධ්‍යම කඳුකරය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ඊට බහුල වශයෙන් හේතුවී ඇතැයි පෙන්වා දෙන එම සංවිධානයේ කැඳවුම්කාර අමිත් සේනානායක මහතා පෙන්වා දෙන්නේ පවතින නීති ක්‍රියාත්මක වීම සිදු නොවන බවයි.
වර්ෂ 1985 වන විට මහවැලි බහුකාර්යය යෝජනාවට අයත් ප්‍රධාන ජලාශවල ඉදිකිරීම් නිමවී ඇති අතර එම වකවානුවේ සිටම ජලාශ ආශ්‍රිත පාංශු ඛාදනය වැඩි වශයෙන් සිදුවන බව ඔහු කීහ. වික්ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ ආශ්‍රිතව අභය භූමියක් හා වනජීවි රක්ෂිත කලාපයක් නම් කොට ඇති නමුත් ඊට යාබදව සිදුවන වගා කටයුතු හේතුවෙන් වැඩි වශයෙන් පාංශු ඛාදනයක් සිදුවන බව ඒ මහතා පැවසුවේය.
පාංශු සංරක්ෂණය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා හරිත දනව් බිම් සංවර්ධන අධිකාරිය (හදබිම) වැනි ආයතන රැසක් පවතින බව ද අමිත් සේනානායක මහතා පෙන්වා දෙයි. පස රැක ගැනිම වෙනුවෙන් නීති රීති හා පනත් රැසක් පවතින නමුත් එම නීතිය අනුව වරදකරුවන් හෝ ගත් නීතිමය පියවර දැකිමට නොහැකි තත්ත්වයක් පවතින බව ද සේනානායක මහතා පැවසුවේය.
ප්‍රධාන ජලාශ ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නිසා ජලාශයන්ට සිදුවන හානිය පිළිබදව පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා හා භූගර්භ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දියත් කොට ඇති අතර එහි කණ්ඩායම් නායක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ලලිතා දිසානායක මහත්මිය පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන සිය බලතල අනුව කටයුතු කරන්නේ නම් හානිය අවම කර ගත හැකි බවයි.
වර්ෂාව පාලනය කිරීම අසීරු වන නමුත් ජල වහන පද්ධතියක් සකස් කිරීම මහින් පරිසරයට සිදුවන හානිය අවම කළ හැකි යැයි ද මහාචාර්යවරිය පැවසුවාය.
අකුරණ , අඹතැන්න නගර ආශ්‍රිතව සිදුවන අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පොල්ගොල්ල ජල හැරවුමට සෘජු බලපෑම් එල්ල වන බව තමන් කළ පර්යේෂණවලින් තහවුරු තර ගත් බව ඇය පැවසුවාය. අකුරණ අඹතැන්න නගර මධ්‍යයෙන් පොල්ගොල්ල ජලාශය දක්වා ගලා බසින පිඟා ඔය දැඩි ලෙස අපවිත්‍රවී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් යැයි ද ඇය සඳහන් කළාය.
කිලෝමීටර් භාගයක් වැනි කොටසක් තුළ පාලම් 50කට ආසන්න ප්‍රමාණයක් ඉදිකරමින් ප්‍රවේශ පහසුකම් ලබා ගෙන ඇති බවත් බොහෝ ඉදිකිරීම් ඇළ රක්ෂිතය ආක්‍රමණය කරමින් සිදු කොට ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. ඒ සියලු ඉදිකිරීම් සඳහා පළාත් පාලන ආයතන අනුමැතිය ලබාදී ඇති නමුත් ඒ අනුමැතීන් පවතින නීති උල්ලංඝනය කරමින් සිදුවූ ඒවා යැයි ද ඇය කීවාය.
අනවසර ඉදිකිරිම් හා පිඟා ඔය ඇළ රක්ෂීතය ආක්‍රමණය කිරීම නිසා වැඩි හානියක් සිදුවන බවත් ඒ හානිය විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවලට සෘජු වශයෙන් බලපාන බව ද ඇය පෙන්වා දුන්නාය. මහල් කිහිපයකින් ඉදිකර ඇති ගොඩනැගිලි කඩා දැමීම මේ වන විට විසදුමක් නොවන නිසා විද්‍යානුකූල විකල්පයක් කරා යොමුවීම සිදුවිය යුතු යැයි ද මහාචාර්ය ලලිතා දිසානායක මහත්මිය තව දුරටත් සඳහන් කළාය.