fbpx
තවත්
    මුල් පිටුවspecialලංකාවේ පෙරහර අයිතිය රකින්ට පෙරමුණ ගත් ගම්පොල වල්ලහගොඩ දේවාලය

    ලංකාවේ පෙරහර අයිතිය රකින්ට පෙරමුණ ගත් ගම්පොල වල්ලහගොඩ දේවාලය

    ගම්පොල සිය රාජධානි කරගත් සිව්වන බුවනෙකබාහු රජු විසින් ඉදි කරන ලද ගම්පොල වල්ලහගොඩ ශ්‍රී මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් මස 07 වැනි දා ආරම්භ වේ.

    ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මෙම මංගල්‍යය වෙත සුභාශිංෂණ එක් කරමින් කියා සිටින්නේ චිරාගත සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට කැපවෙමින් සිංහල, දමිල, මුස්ලිම් යන සියළු ශ්‍රී ලාංකික ජාතින්ගේ ඒකාත්මික සහජීවනය ඔප්නංවාලන වල්ලහගොඩ ශ්‍රී මහා කතරගම⁣ දේවාලයේ ඇසළ මංගල්‍යය ඓතිහාසික උරුමයක් බවත් එමෙන්ම එය මතු පරපුරට ජීවමාන කිරීම ශ්‍රී ලාංකිකත්වය තහවුරු කිරීමට හේතු වන්නක් බවයි.

    ශ්‍රී දළදා මාලිගාව සහ සතර දේවාලයන් සමඟ සහසම්බන්ධව සතර මංගල්‍යයන් ඉටු කරනු ලබන මෙම දේවාලයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් සුවිශේෂී චාරිත්‍ර රාශියක් ඉටු කරනු ලබයි. ඒ අනුව සැප්තැම්බර් 7 වන දා සිට 11 වන දින දක්වා ඇතුල් පෙරහර ද, සැප්තැම්බර් 12 සිට සැප්තැම්බර් 16 දක්වා කුඹල් පෙරහර ද, සැප්තැම්බර් 17 සිට සැප්තැම්බර් 21 දක්වා රන්දෝලි පෙරහර ද පැවැත්වේ. සැප්තැම්බර් 20 වන දින ගිනි පෑගීමේ මංගල්‍යය සහ සැප්තැම්බර් 22 වන දින මහවැලි ගඟේ බෝතලාපිටිය තොටුපලේ දී දිය කැපීමෙන් අනතුරුව දහවල් පෙරහර පවත්වා ඇසළ මංගල්‍යය හමාර කරනු ලැබේ.

    මෙම දහවල් පෙරහරේ සුවිශේෂීවය වන්නේ ගම්පොල කදිරේෂන් කෝවිල අසල දී කහටපිටිය මුස්ලිම් දේවස්ථානය අසල දී මෙම පෙරහර වෙනුවෙන් පූජෝපහාරය දැක්වීමට දමිළ, මුස්ලිම් ජන කණ්ඩායම් ද එක් වීමයි.

    1915 ඇති වූ කලබලයක් හේතුවෙන් මෙම පෙරහර පැවැත්වීමට ඉංග්‍රීසි ආණ්ඩු තහනම් කළ අවස්ථාවේ දී ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධ නඩුවක් පවරා එයින් ශ්‍රී ලංකාවේ පෙරහර පැවැත්වීමේ අයිතිය තීරණය කළ ඓතිහාසික නඩු තීන්දුවක් ලබා ගැනීමට එවකට මෙම දේවාලයේ බස්නායක නිලමේ ව සිටි ටිකිරි බණ්ඩාර ඇලිකේවල මහතා සමත් විය.

    ⁣එම ඓතිහාසිකත්වය සුරැකෙන පරිදි වත්මන් බස්නායක නිලමේ තැම්පත් ශ්‍රීමත් මධුෂංක බණ්ඩාර වැලිවිට නිලමේතුමන්ගේ මඟ පෙන්වීම යටතේ මහ දේවාලයේ කපු තැන්පත් රජීව් බණ්ඩාර මහතා, පල්ලේ දේවාලයේ කපු තැම්පත් සමීර විජේරත්න මහතා ඇතුළු රාජකාරි මණ්ඩල විසින් ⁣ඇසළ මංගල්‍යයේ සියලු කටයුතු උත්කර්ෂවත් ලෙස සංවිධානය කරමින් පවතියි.

    රුවන් වින්ඩ්සර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img