මෙරට සිටින ආබාධිත ප්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආබාධිත ප්‍රජාවගේ ගැටලු තනි අමාත්‍යාංශයකින් විසදන්න බැරි බවත් බහුවිධ ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ආබාධිත හෙතෙම කියාසිටී.
ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. 2012 සංගණනය අනුව අප රටේ සමස්ත ජනගහනයෙන් 8.7%ක් ආබාධිත ප්‍රජාව වන අතර එය ලක්ෂ 16කි.
එම ප්‍රජාව වෙනුවෙන් අවස්ථා ගණනාවක පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත දැවැන්ත හඩක් නැගු බවත් පසුගිය ජනාධිපතිවරණයේ දී ද සමාජ ගිවිසුමකට ප්‍රවේශ වූ බවත් අවසනාවකට මෙන් ඒ සදහා රාජ්‍ය බලය නොලැබුනත් විපක්ෂයේ සිට ඒ සදහා වැඩකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සදහා පාර්ලිමේන්තුවේ යෝජනා ඉදිරිපත් කරන විට එයට විරුද්ධ වූ අය සිටි බවත් මේ සහෝදරයන් වෙනුවෙන් හඩ නැගු අයට සිය ස්තුතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ ජනතාව සමග විවිධ ගිවිසුම් ප්රඥප්ති අත්සන් කළත ඒවා මෙතෙක් ක්‍රියාත්මක නොවුවත් සමගි ජන බලවේග රජයක් තුළ එය ක්‍රියාත්මක කරන බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් 2004 සිට මේ අනපනත් ඉදිරිපත් වුවත් ඒවා තවමත් ක්‍රියාත්මක නොවී කමිටු පෙන්වා කමිටු සූදුවේ නිරත වී ඇති බවත් ආබාධිත ප්‍රජාවට විරුද්ධව මේ අය කටයතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙවැනි වෙනස්කම් සිදු නොවන්නේ මේ වෙනස්කම්වලට විරුද්ධ බලවේග හෝ නිලධාරි බලවේග නිසා බැවින් කවුරු විරුද්ධ වුවත් සමගි ජන බලවේගය එම වෙනස්කම් ඉටු කර දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී ආබාධිත ප්‍රජාව සමග පැවැති සම්මන්ත්‍රණයකදීය.
ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලබා දෙන දීමනාද වැඩි කරන බවත් මේ ප්‍රජාව වෙනුවෙන් දීමනා වැඩි කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම මේ ප්‍රජාවට අයත් උපකරණ සදහා බදු ගසා ඇති නිසා ඒවා ඉවත් කරන බවත් රක්ෂණ ආවරණ ලබා දෙන බවත් බැංකු ණය සදහා ද බාධා ඇති නිසා ඒවා ලිහිල් කරන බවත් මේ ප්‍රජාව තුළ දක්ෂ පිරිස් සිටින නිසා මේ අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේවා වචනවලට පමණක් නොව ක්‍රියාවට ද නංවන බවත් ආබාධිත වුවත් මේ පිිරිස අපරටේ පුරවැසියන් නිසා මේ ප්‍රජාව වෙනුවෙන් සුහුුරු අධ්‍යාපනය ආරම්භ කරන බවත් සුහුරු පුහුණු ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.