fbpx
තවත්
    මුල් පිටුවspecialඉස්ලාම් අන්තවාදයෙන් බේරෙන්න ජර්මනිය ලොක්ඩවුන් වෙයි

    ඉස්ලාම් අන්තවාදයෙන් බේරෙන්න ජර්මනිය ලොක්ඩවුන් වෙයි

    ජර්මනියේ සියලුම දේශසීමා තාවකාලිකව වසාදැමීම එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයි වන නැන්සි ෆයිසර් විසින් නිවේදනය කිරීමට නියමිත බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය විසින් මෙලෙස ජර්මනියට භූමියෙන් සම්බන්ධ වන සියලුම දේශසීමා වසා දැමීමට තීරණය කර ඇත්තේ අක්‍රමවත් සංක්‍රමණයන් මැඩපැවැත්වීම සහ ඉස්ලාමීය අන්තවාදයෙන් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා බවටද එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.

    ඒ අනුව ජර්මන් රජයේ නවතම තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බවත් එම සැලසුම් සම්බන්ධයෙන් යුරෝපා කොමිසම දැණුවත් කිරීමට පියවර ගැනීමට සැලසුම් කර ඇති බවද රෝයිටර් පුවත්සේවය අනාවරණය කරයි.

    මෙම දේශ සීමා තහනම මාස 6ක කාලයක් ක්‍රියාත්මක කිරීමට මේවන විට අපෙක්ෂා කරන බවට එරට ඩීපීඒ පුවත් සේවය වාර්තා කර තිබේ.

    ඉකුත් මස ජර්මනියේ සොලින්ගන් නගරයේ දී සිරියානු සරණාගතයෙකු විසින් එල්ල කරන ලද මාරාන්තික පිහි ප්‍රහාරයකින් පසුව සහ මහජනයා විසින් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් දැක් වූ අවධානය හමුවේ සංක්‍රමණය මැඩලීමේ ක්‍රම පිළිබඳව ජර්මන් රජය විසින් ප්‍රධාන විපක්ෂය වන සීඩීයූ පක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කරනු ලැබීය.

    ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, බෙල්ජියම, ලක්සම්බර්ග්, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, චෙක් ජනරජය සහ පෝලන්තය සමඟ කිලෝමීටර් 3,700කට වඩා දිගකින් යුත් ගොඩබිම් මායිමක් ජර්මනිය විසින් බෙදා ගනු ලබන අතර මෙම තත්ත්වය තුල ඔස්ට්‍රියාව සඳහන් කර ඇත්තේ ජර්මිනිය භාර නොගන්නා කිසිඳු සරණාගතභාවය පතන්නෙකු තම රට භාරනොගන්නා බවයි.

    මේ අතර පොලන්තය විසින් පසුගිය කාලය පුරාවටම යුරෝපා සංගමය විසින් අනුගමනය කළ සරණාගතයින් පිළිබඳ ප්‍රතිපත්ත අනුගමනය නොකළ අතර ඔවුන් දිගින් දිගටම කියා සිටියේ තම රට සරණාගතයින් භාර නොගැනීම හේතුවෙන් කිසිඳු ත්‍රස්ත ක්‍රියාවක් රට තුල වාර්තා නොවූ බවයි. ඒ අනුව ඉදිරියේදීත් තමන් කිසිඳු සරණාගතයකු භාරනොගන්නා බවද පොලන්තය සඳහන් කර සිටියි. 

    .

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img