fbpx
තවත්
    මුල් පිටුවGOSSIPදාපු ඩීල්වල හඬපට එළියට! - සළුපට අහසට

    දාපු ඩීල්වල හඬපට එළියට! – සළුපට අහසට

    (දෙලොවක් අතර)

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු බහුතර මැති ඇමතිවරුන් සංඛ්‍යාවක් දැන් ඉන්නෙ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වමින්. ඉතාම සීමිත පිරිසක් පක්ෂයේ රැඳීසිටිමින් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහය දක්වනවා.

    දෙපැත්තේ ඉන්න සමහරුන්ට හිටපු ගමන් පැත්ත මාරු වෙනවා. නාමල්ගෙ පැත්තෙ ඉන්න අය රනිල් ගැන කතා කරනවා. ජනාධිපති රනිල්ට සහය දෙන අය හිටපු ගමන් හිටපු ජනාධිපති මහින්දගෙ හොඳ කියනවා. ඇත්තටම තමන් ඉන්නෙ මොන පැත්තෙද කියල ඒ අයටත් මතක නැති වෙනවා.

    (අගමැති පොරය)

    ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ තනතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් ස.ජ.බ අභ්‍යන්තරයෙ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.

    ඒ අනුව ස.ජ.බ රජයක අග්‍රාමාත්‍යධූරය සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන දෙදෙනාම දැඩි බළාපොරොත්තුවකින් සිටින බවද පැවසෙනවා.

    ඉකුත් දිනෙක මහනුවර පැවති ජන රැළියකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන සඳහන් කළේ තම රජයක අනාගත අගමැතිකම කන්ද උඩරටට වඩාත් සුදුසු වන බවය.

    (අවසන් රැළියට එකම තැන ගන්න සටනක්)

    සාමාන්‍යයෙන් කොළඹ නගරයේ බහුතරයක් ආසන සැලකෙන්නේ එක්සත් ජාතික පක්ෂ බලකොටු විදිහටයි.

    සාම්ප්‍රදායිකවම එ.ජා.ප අවසන් රැළිය පවත්වන්නෙ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල එළිමහන් ප්‍රදේශයේ දී යි.

    එහෙත් මෙවර එය ප්‍රශ්නකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා.

    ඒකට හේතුවෙ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ස.ජ.බ අවසන් රැළිය එල්ෆිනිස්ටන් රඟහල ආසනයේ තිබෙන ටවර් රඟහල ඉදිරිපිට පරිශ්‍රයේ පැවැත්වීමට යෝජනා වීම නිසා.

    සාමාන්‍යයෙන් මෙම ස්ථාන දෙක අතර පරතරය මීටර් 100 ක් පමණවීම නිසා ⁣පක්ෂ දෙකටම මෙම ස්ථාන වෙන්කර දීම දැඩි ගැටලු සහගත බව පොලීසිය දැනුම් දී තිබෙනවා.

    (සම්ප්‍රධායෙන් පිට පනින්න බෑලු – ඒ නිසා එයා යන්නෙ නෑලු)

    ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකළ රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ දැන් ඉන්නෙ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ.

    ගීතගේ පිම්මත් එක්කම වතුකරයට අධිපති කුකුළා ලකුණ හිමි කැබිනට් ඇමතිවරයකුත් විපක්ෂ නායකතුමාගේ වේදිකාවට අද හෙටම නඟිනව කියල ආරංචි පැතිරගියා.

    ඒ ආරංචිය ඇත්තද කියල බලන්න ජනාධිපති ලේකම් කාර්යා⁣ලයේ මහත්තයෙක් “කුකුළා” ලකුණ හිමි පක්ෂයේ නායකතුමා ඇමතුවා.

    “යනවනම් මුලින්ම යනවා. අපේ පවුලේ අය දේශපාලන කළේ එහෙමයි. මැදදි පැත්ත මාරු කරල කැම්පේන් එක අවුල් කරන සිරිතක් අපි ළඟ නෑ” කියල කුකුළ ලකුණ හිමි පක්ෂයේ නායකතුමා කොක්හඬ ලෑවලු.

    (දැල්වූ පහන් නිමිලා ගියා)

    ජනාධිපතිවරණයෙදි රටේ ලොකු තැනට සහය දෙනව කියල විපක්ෂයේ මහත්තුරු කප්පරකට වැඩ කරව ගත්තලු. ලොකු තැනත් බැහැයි නොකියා සේරම ඉල්ලීම් ටික කරල දුන්නලු.

    දැන් ඒ වැඩ කරව ගත්ත උදවියගේ ෆෝන් ගොළුවෙලාලු. සමහරුන්ගෙ අංකත් වෙනස්වෙලාලු.

    ජනාධිපතිවරණයෙදි දුරකථන පාටියේ හොඳ හොඳ නම්බර්ස් ටිකක් ගලවල අරගෙන රට කළබන්න හිතාගෙනලු ගෑස් පාටිය හිතාගෙන හිටියේ. ඒත් වැඩේ හරිගියේ නෑ.

    ඒ නිසා ඒ කලේ දාපු ඩීල්වල හඬපට එළියට එන ලයින් එකක්ලු තියෙන්නේ. ඒකෙ පෙර සූදානමක් විදියටලු ඊයෙ පෙරේදා මරික්කාර්ගේ එකක් එළියට ආවේ. අනිත්වත් එළියට ආවොත් එහෙම හුඟාක් අයගේ සළුපට ගැලවෙයිලු.

    (එයාගේ ආශාව)

    ජනතාව සිනමා ශාලාවක් ඉදිරිපිට හෝ නවකතා පොතක් මිලදී ගැනීමට පොර බදිනවා දකින්නට තමන් ආශාවෙන් ඉන්නව කියල අනුර කුමාර දිසානායක කියනවා.

    ඔහු පවසන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආරම්භයේදීම මහා විස්කම් පානව කියල තමන් පොරොන්දු වෙන්නෙ නෑ කියලයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img