ජනාධිපතිවරණ ප්රථිඵල නිකුත්වීමට ඇත්තේ තවත් හරියම දින හතකි. මේවනවිට එය ජනාධිපති රනිල්, විපක්ෂ නායක සජිත්, අනුර අතර තුන්කොන් සටනක් බවට පත්ව තිබේ. ඉකුත් ජනාධිපතිවරණය මෙන් නොව මෙය තනිකරම ගලඋඩ සටනක් බවට පත්ව තිබේ. ඒ අනුව මෙවර ප්රධාන අපේක්ෂකයන් තිදෙනා අතර ඡන්ද කෙසේ බෙදී යාදැයි ජනතාව පමණක් නොව ජනාධිපතිවරණ අපේක්ෂකයන්ද සිටින්නේ දැඩි විමසිල්ලකිනි.
ඉකුත් සඳුඳා ජනාධිපති රනිල් වික්රමසිංහගේ මල්පාරේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීද මේ සම්බන්ධයෙන් දීරඝව සාකච්ඡා විය.
“මට පොහොට්ටුවෙන් ඡන්ද කියියක් විතර වැටේවිද?” ජනාධිපතිවරයා විමසීය.
“සර්.. ගෝඨාභය මහත්තයට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණා. හැබැයි මහා මැතිවරණයේදී අපිට ලැබුණේ ඡන්ද ලක්ෂ 68යි. සජිත් ඡනාධිපතිවරණයේදි ඡන්ද ලක්ෂ 55 ක් විතර ගත්තා. හැබැයි එතන එ.ජාප ඡන්දත් තිබුණා. හැබයි සජිත් ස.ජ.බ විදියට මහ මැතිවරණයට ඇවිල්ල ගත්තේ ඡන්ද ලක්ෂ 27යි. ඔය ඡන්ද දෙකේදිම මාලිමාව ගත්තේ ඡන්ද ලක්ෂ හතරකට ආසන්න ප්රමාණයක්.” ඇමති ප්රසන්න දීරඝ විස්තර කිරීමකට සූදානම් වෙමින් කීය.
“ඔව්.. ඉතිං” ජනාධිපතිවරයාද වඩාත් ඕනෑ කමකින් විමසන්නට විය.
“ජනාධිපතිවරණයේදී ලක්ෂ 55ක් ඡන්ද ගත්ත සජිත් මහ මැතිවරණයේදී ගන්නේ ඡන්ද ලක්ෂ 27යි. ඡන්ද ලක්ෂ 28ක් විතර එතුමට අඩු වෙලා. ජනාධිපතිවරණයේදි සජිත්ට සහය දුන්න එක්සත් ජාතික පක්ෂය මහා මැතිවරණයට තනියම ඉදිරිපත්වෙලා ගත්තෙ ඡන්ද දෙලක්ෂ පනස් දාහයි. මහ මැතිවරණයේදී එ.ජා.පයට ඡන්දය දෙන්න මිනිස්සු කැමති වුණේ නෑ. ඒ ඡන්ද වැටුනේ නෑ.” ඇමති ප්රසන්න කියන්නට විය.
“ඔව්… මම අහන්නේ පොහොට්ටුවෙන් ඡන්ද කියක් විතර වැටේද කියලා” ජනාධිපතිවරයා විමසීය.
“ඒත තමයි.. සර් මම කියාගෙන ආවේ.. පොහොට්ටුවේ හිටපු මන්ත්රීවරුන්ගේන 100කට වඩා ඉන්නේ අපිත් එක්ක. පොහොට්ටුවේ ඡන්ද බෙදිල තියෙන බව ඇත්ත. ඒත් සර් එක්ක ඉන්න පොහොට්ටුවේ මන්ත්රීවරුන් වෙච්ච අපිට ඡන්ද ලක්ෂ 40ක් විතර ගෙන්න පුළුවන්.” ඇමති ප්රසන්න කීවේ දැඩි විශ්වාසයකිනි.
“මම එන්නේ රට ගොඩදාන්න මිසක්. මට ගොඩයන්න නෙමෙයි. මේ ට්රැක් එකෙන් පිට ගියොත් රට ඉවරයි.” ජනාධිපතිවරයා ඇමති ප්රසන්නගේ කතාවට පිලිතුරු ලෙස කීය.
“ අපි ඒක තමයි ජනතාවට තේරුම්කරල දෙන්නේ. මහජන රැළි තියනවට වඩා පොකට් මීටින් තියන එක තමයි වැඩිම වාසිය තියෙන්නේ” හිටපු ඇමති මනූෂද කතාවට හවුල් විය.
“කැන්වසින් කරන එක තමයි හොඳම විසඳුම. මම ගම්පහ කැන්වසින් කරගෙන යනවා. තව පොකට් මීටින් තියනවා. හුඟාක් අය මාලිමාව පැත්තට කතා කළාට ඊට වඩා වැඩි පිරිසක් නිහඬව ඉන්නවා. ඒ ඡන්ද වැටෙන්නේ ජනාධිපතිතුමාට” ඇමති ප්රසන්න යළි කීය.
“ඔව්.. ඔයාල ගම්වල මිනිස්සුන්ට ඇත්ත කියන්න. මට බොරු කියල දිනන්න ඕන නෑ.” ජනාධිපතිවරයා සාකච්ඡාව හමාර කරමින් කීය.
(මාලිමාවේ නියෝජිතයෝ ඇමති ප්රසන්න හමුවෙති.)
ඉකුත් සතියේ දිනයක ගම්පහ දිස්ත්රික්කයේ මාලිමාවේ ප්රාදේශීය නායකයන් කිහිප දෙනෙකු ඇමති ප්රසන්න හමුවිය. ඊට කපුකම සිදුකර තිබුනේ ජ.වි.පේ හිටපු පළාත් සභා මන්ත්රීවරයෙකි.
“සර්… අපි කැමතියි ජනාධිපතිතුමාට වැඩ කරන්න” ඔවුහු ඇමතිවරයාට කීය.
“මොකද එකපාරටම අපිත් එක්ක එකතුවෙන්න තීරණය කළේ” ඇමති ප්රසන්න විමසීය.
“මේකයි සර් අපේ නායකයෝ ඔය කියන තරම් සුද්ධවන්තයෝ නෙමෙයි. බැරි වෙලා හරි අනුර දිනුවොත් මේ රට ලේ විලක් වේවි. එහෙම ගැටුමක් ආවොත් ඒක නවත්තන්න තරම් පෞර්ෂයක් එයාට නැහැ. හැබැයි සර් වේදිකා දෙවනත් වෙන්න කෑ ගහන්න නම් පුළුවන්. ” ඔවුන් කී කතාවට ඇමති ප්රසන්න ඇතුළු පිරිසට සිනා නොවී සිටිය නොහැකි විය.
“ඇයි ඔයාලත් අරගල කළානේ. පේනව නේද දැන් බංග්ලාදේශයේ වෙලා තියෙන දේ. ඒත් ඔයාල පහුවෙලා හරි ඇත්ත තේරුම් ගත්ත එක ලොකු දෙයක්” ඒ ඇමති ප්රසන්නය.
“අනේ සර්.. අපි ගෝල්ෆේස් ගියා තමයි. හැබැයි සර් ගෙවල් ගිනි තියන ඒවට අපි සම්බන්ධ නැහැ. ඒ නිසා තමයි අපිට මාලිමාව එපා වුනේ.” මාලිමාවේ නියෝජිතයෝ කීවේ විස්සෝපයෙනි.
“හරි.. අපි එකතුවෙලා වැඩ කරමු මල්ලි. මේ වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් නායකයා එක්ක තමයි අපි ඉන්නේ. මේ පාර බැරිවුණොත් රටේ අනාගතය ඉවරයි. ඔයාල පහුවෙලා හරි… හරි තීන්දුවක් ගත්තා. ඔය තේරුම් ගැනීම වැදගත්. ඔයාල තේරුම්ගත්ත ඔය කතාව ගමේ ඉන්න අනිත් අයටත් කියන්න” ඇමති ප්රසන්න උපදෙස් දෙමින් කීය.
(ප්රසන්නට ගුරුකමක් කළේ කවුද?)
ගම්පහ දිස්ත්රික් මැතිවරණ මෙහෙයුම් කමිටුව ඉකුත් සතියේදී රැස්විය. ඇමති ප්රසන්න රණතුංග, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, සහන් ප්රදීප්, ආශු මාරසිංහ, රුවන් විජේවර්ධන ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
ගම්පහ දිස්ත්රික්කයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු පිළබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා විය.
“සර්ට.. ජනාධිපතිතුමා හොඳ වශියක් දීලා වගෙයි” මෙම සාකච්ඡාවට එක්වූ එ.ජා.ප නියෝජිතයා කීය.
“මට වගීගුරුකම් කළේ මගේ නෝනා විතරයි. අනිත් අයගේ වශී ගුරුකම්වලට මම අහුවෙන්නෙ නෑ.” ඇමති ප්රසන්න කී කතාවට පිරිස කොක්හඬලෑහ.
“දැන් මිනිස්සු ඉස්සරට වඩා බුද්ධිමත්. වශීබෝල, පපුවට ගහගැනිලිවලට දැන් මිනිස්සු ඡන්දය දෙන්න නෑ.” අසල සිටි හිටපු පළාත් පාලන නියෝජිතයකු කීය.