ඇමරිකානු ව්‍යවසායකයෙකු සහ බිලියනපතියෙකු වන ජැරඩ් අයිසැක්මන් අභ්‍යවකාශයේ ඇවිද ගිය පළමු වෘත්තීය නොවන ගගනගාමියා බවට අද පත්විය.
41 හැවිරිදි ඔහු ඊලෝන් මස්ක් හට අයිති ස්පේස් එක්ස් කෘෘ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයෙන් තවත් තිදෙනෙකු පෘථිවි කක්ක්ෂයෙන් මිදී අභ්‍යාවකාශය වෙත පිවිසීමට සමත්විය. අයිසෙක්මන්ගේ පසුව අභ්‍යාවකාශයේ ඇවිද ගිය ත්තීය නොවන ගගනගාමිනිය බවට ස්පේස් එක්ස් සමාගමේ ඉංජිනේරුවරියක් වන 30 හැවිරිදි සාරි ගිලිස් සමත්වූවාය.
මෙම අභ්‍යාවකාශ ගමණ සජීවිව විකාශනය කළ අතර අයිසැක්මන් ප්‍රථමයෙන් අභ්‍යාවකාශ යානයෙන් පිටත පැමිණෙන අයුරු වන අතර ඉන් අනතුරුව ගිලිස් සිය අභ්‍යාවකාශ ගමන ආරම්භ කර තිබේ. මෙම ගමණ පෘථිවියට සැතපුම් කිලෝමීටර් 700 ඉහළින් සිදුව තිබීම විශේෂත්වයකි.
සිය අත්දැකීම ඇයිසැක්මන් සඳහන් කර සිටියේ, “ආපසු ගෙදර ගිය පසු අපි හැමෝටම කරන්න වැඩ ගොඩක් තියෙනවා, නමුත් මෙතැනදී පෘථිවිය ඉතා පරිපූර්ණ ලෝකයක් වගේ දිස්වෙනවා” යනුවෙනි.
අභ්‍යවකාශ ඇවිදීම අභ්‍යවකාශ ගමන් වල ඇති දුෂ්කරම ක්‍රියාකාරකමක් වන අතර, පුද්ගලික සමාගමක් එවැන්නක් කිරීම ඉදිරි අභ්‍යවකාශ තරණයේ එෙතිහාසයේ සන්ධිස්ථානයකි වනු ඇති බවට විශේසඥයින් පෙන්වා දෙයි.
මෙම ගමණ සඳහා ස්පේස් එක්ස් සමාගම නවතම ගගණගාමී ඇදුම් භාවිතා කර ඇති අතර එය අභ්‍යාවකාශ තරණයේ සුවිශේෂී ප්‍රගමණයක් කිරීමට සමත්ව ඇති බවට වාර්තාවේ.
කෙසේවෙතත් මෙම අභාවකාශ ගමන සඳහා වැයවූ මුදල කොපමණ දැයි අයැසැක්මන් හෙළකර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.