දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති කියුබාව තුල දැඩි ජල ගිඟයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව එරට හාවාන අගනුවරට මෙම දැඩි ජල හිඟය බලපා ඇති බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් එරට වැසියන් දැඩි ලෙස කෝපයට පත්ව ඇති බවටද අනාවරණය වේ.
කෝටියක පමණ ජනතාවක් වෙසෙ කියුබාව දූපත් රැසකිස් සමන්විත වන අතර මෙම ජලගැටලුව හේතුවෙන් ලක්ෂ හයකට අධික ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව කියුබානු බලධාරීන් සඳහන් කර ඇත.
එරට බලධාරීන් සඳහන් කරන අන්දමට හාවාන අගනුවර තුල පමණක් ජලය නොමැතිව තිස් දහසකට අධික ජනාතවක් පීඩා විඳියි. එමෙන්ම ජල සැපයුම් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය අමතර කොටස් කියුබාව තුල නොමැති විම ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට මූලික හේතුවක් වී ඇති බවද වාර්තාවේ.
මීට අතිරේකව කියුබාව තුල මේවන විට දැඩි ආහාර, ඉන්ධන සහ විදුලිය හිඟකම හේතුවෙන් එරට ජනතාව දැඩි පිඩාවකට පත්ව ඇති බවත් ඔවුන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාමටවත් නොහැකි තත්ත්වයක් පවත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පවතින තත්ත්වය හේතුවෙන් කියුබානු රජයට එරෙහිව කුඩා පරිමාන විරෝධතා ආරම්භ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.