fbpx
තවත්
    මුල් පිටුවspecialආහාර හිඟයි -අලි 200ක් මස්කරන්න සිම්බාබ්වේ රජයෙන් නියෝග

    ආහාර හිඟයි -අලි 200ක් මස්කරන්න සිම්බාබ්වේ රජයෙන් නියෝග

    සිම්බාබ්වේ රජය විසින් එරට වනාන්නතරවල සිටින අලින් 200 දෙනෙකු ඝාතනය කිරීමට තීරණය කර තිබේ.

    මේවන විට සිම්බාබ්වේ රාජ්‍ය මුහුණ දී ඇති දැඩි නියඟය හේතුවෙන් ඇතිව තිබෙන ආහාර හිඟය මීට මූලික හේතුව වී ඇති බවද එරට වනජීවී බලධාරීන් පෙන්වා දෙයි.

    සිම්බාබ්වේ පරිසර අමාත්‍යවරයා විසින් එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තම රටේ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා යමින් අලින් සිටින බවැන් ඔවුන් ඝාතනය කරමින් අලි ගහනය පාලනය කිරීමට එරට උද්‍යාන සහ වනජීවී අධිකාරියට උපදෙස් දී ඇති බවයි.

    ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යෙය් විශාලතම ස්වභාවික රක්ෂිතය වන Hwange ඇතුළු මිනිසුන් සමඟ අලිත් නිර්න්තරයෙන් ගැටීම් සිදුවන ප්‍රදේශවල අලි 200 දඩයම් කිරීමට නියමිත බව සිම්බාබ්වේ උද්‍යාන සහ වනජීවී අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ෆුල්ටන් මැන්ග්වන්යා ප්‍රකාශ කර ඇත.

    මෙම නව තීරණය සම්බන්ධයෙන් සිම්බාබ්වේ පරිසර, දේශගුණය සහ වනජීවී ඇමති සිතේබිසෝ නියොන් සඳහන් කර සිටියේ, ″අපි සිම්බාබ්වේ උද්‍යාන සහ වනජීවී අධිකාරිය සහ සමහර ප්‍රජාවන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. නැමීබියා රාජ්‍ය කටයුතු කළ ආකාරයමට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එවිට අපට අලිගේ මස් වියළා ඒවා ඇසුරුම් කිරීම මගින් ප්‍රෝටීන් ඌනතාවයෙන් පෙළෙන ඇතැම් ප්‍රජාවන්ට ලබා දීම මගින් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට.”

    දැනට ගණන් බලා ඇති ආකාරයට සිම්බාබ්වේ රාජ්‍ය තුල අලින් ලක්ෂයක් පමණ ජීවත්වන අතර එම අලි ගහනය දෙවැනි වන්නේ බොට්ස්වානා රාජ්‍යට පමණයි.

    පසුගිය කාලය පුරා සිම්බාබ්වේ රාජ්‍ය තුල ගෙනිය සංරක්‍ෂණ ප්‍රයත්නයන් හේතුවෙන්, එරට උද්‍යාන සහ වනජීවි අධිකාරියට අනුව, Hwange අභය භුමිය තුල අලින් හැට පන්දහසක් පමණ ජීවත් වන අතර එම සංඛ්‍යාව අභය භූමියට දරාගත හැකි අලි සංඛ්‍යාව මෙන් හතර ගුණයකි. කෙසේ වෙතත් සිම්බාබ්වේ අවසන් වරට අලි ඇතුන් ඝාතනය කළේ 1988 වසරේදීය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img