ඉදිරි ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්රචාරක කටයුතු අද (සැප්තැම්බර් 18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
ඒ අනිවාර්ය ‘නිහඬ කාලය’ ආරම්භ කරමිනි.
2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 3ක් පමණි.
ලබන 21 වැනි දා ජනාධිපතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.