හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයින් විසින් සන්නිවේදනය සඳහා භාවිතා කරන ලද පේජර් යන්ත්‍ර ලෙබනනය පුරා පුපුරා යාමෙන් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ලෙබනනයේ බීරූට් නගරයේ සහ තවත් ප්‍රදේශ කිහිපයක එකවර සිදුවූ පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 2,800 ක පිරිස අතර ලෙබනනයේ ඉරාන තානාපතිවරයා සිටින බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මෙම පිපිරීම් සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය සඳහන් කර සිටියේ පේජර් යන්ත්‍ර හිස්බුල්ලා සංවිධානයට අයත් විවිධ ඒකකවල සහ ආයතනනවල සේවකයින් හට අයත් වූ බවත් එහිදී සටන්කාමීන් 8 දෙනෙකු හට ජීවිත අහිමි වී ඇති බවත්ය.
හිස්බුල්ලා සංවිධානය විසින් මෙම පිපිරීම් මාලාව පිටුපස ඊශ්‍රායලය සිටින බවට චෝදනා කරන අතර ඊට පළිගැනීමක් නිසැකවම සිදුකරනු ලබන බවද එම සංවිධානය සඳහන් කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් ඊශ්‍රායලය රජය හා ආරක්ෂ අංශ වැලකී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර ලෙබනන් ආරක්ෂක මූලාශ්‍රය සඳහන් කර සිටින්නේ මෙම පේජර් තායිවානය පදනම් කරගත් ගෝල්ඩ් ඇපලෝ වෙතින් ලබාගෙන ඇති බවයි. නමුත් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් උපාංග නිෂ්පාදනය නොකළ බවත්, එහි සන්නාමය භාවිතා කිරීමට බලපත්‍රයක් ඇති BAC නම් සමාගමක් විසින් ඒවා නිෂ්පාදනය කරන ලද බවයි.
හිස්බුල්ලා සටන්කාමීන් විසින් ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඔවුන් සිටින ස්ථානයන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලුහුබැඳීම මග හැරීමේ උත්සාහයක් ලෙස අඩු තාක්ෂණික සන්නිවේදන මාධ්‍යයක් ලෙස පේජර් භාවිතා කර ඇති බව හිස්බුල්ලා සංවිධානයේ මූලාශ්‍ර රොයිටර් පුවත් සේවය වෙත අනාවරණය කර ඇත.
නමුත් ජ්‍යෙෂ්ඨ ලෙබනන් මූලාශ්‍රය රොයිටර් පුවත් සේවය වෙත පැවසුවේ ඊශ්‍රායල ඔත්තු සේවය විසින් අදාල පේජර් නිෂ්පාදන මට්ටමේ පවතින අවස්ථාවේදීම එහි උපාංග වෙනස් කර ඇති බවයි.
“මොසාඩ් විසින් උපාංගය තුළට කේතයක් ලැබුණ පසු පුපුරායන ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය සහිත පුවරුවක් ඇතුලත් කර ඇති බවත් එය හඳුනා ගැනීම ඉතා අපහසු බවත් මූලාශ්‍රය හෙලිකර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තාකරයි.
මෙම ක්‍රමය යොදාගෙන අදාල පෙජර් යන්ත්‍ර එකවකර පුපුරවා හැරීමට සමත්ව ඇති බවද අදාල මුලාශ්‍ර වැඩිදුරත් අනාවරණය කර ඇත.