fbpx
තවත්
    මුල් පිටුවspecialහිස්බුල්ලා කැළඹෙයි -පේජර්වලින් පසු වෝකිටෝකිත් පුපුරයි

    හිස්බුල්ලා කැළඹෙයි -පේජර්වලින් පසු වෝකිටෝකිත් පුපුරයි

    ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය භාවිතා කළ වෝකි ටෝකි උපකරණ එකවර පුපුරායාමෙන් පුද්ගලයින් 20 මරණයට පත්ව තවත් 2450කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

    ඇතැම් වෝකිටෝකි පුපුරාගොස් ඇත්තෙ ඊට පැය කීපයකට පෙර පේජර් යන්ත්‍ර පුපුරායාමෙන් මරණයට පත් කීපදෙනෙකුගේ අවමඟුල් උත්සව අතරතුරදී ය.

    මෙම පිපිරීම් සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් කිසිවක් ප්‍රකාශ කර නොකළද, එරට ඔත්තු සේවා ආයතනය වන මොසාඩ් ඊට වගකිව යුතු බවට බටහිර වාර්තා සඳහන් කරයි.

    ගතවූ පැය කීපය තුල එල්ල වූ ප්‍රහාර හිස්බුල්ලා සංවිධානය තුල දැඩි දෙගිඩියාවක් ඇති කිරීමට සමත්ව ඇති බවටද වාර්තා වේ.

    මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “අපි යුද්ධයේ නව අදියරක් දියත් කරනවා. ඒ සඳහා අපෙන් ධෛර්යය, අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය අවශ්‍යයි,” යනුවෙනි.

    සන්නිවේදන උපකරණ පුපුරායාමෙන් පසුව ඊට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රාලය වෙත රොකට් ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.

    ඒ අනුව මෙම ගැටුම් තවදුරටත් වර්ධනය වීමේ දැඩි අවධානමක් නිර්මාණය වී ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img