fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙට බාර් වැහෙන්නේ මෙහෙමයි

    ඡන්දෙට බාර් වැහෙන්නේ මෙහෙමයි

    2024 ජනාධිපතිවරණයේ ජන්ද විමසීම හේතුවෙන් මත්පැන් විකිණිම සඳහා වු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසාදමන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව 21 සහ 22 යන දෙදෙදින තුළ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුනට (3 Stars) ඉහළ සුරාබදු ර.බි 7 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරිමට අවසර ලබාදී තිබේ.

    දිවයින පුරා පිහිටි සෙසු සියලුම සිල්ලරට මත්පැන් විකිණිම සඳහා වු සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

    විශේෂයෙන් ජනාධිපතිවරණ කාලසීමාව තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොල අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි දුරකථන අංකය වන 1913 දවසේ පැය 24 පුරා මහජනතාව වෙත විවෘතව තැබෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img