ලෙබනනයේ සිටින හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 492 දෙනෙකු මිය ගොස් ඇති බවත් 1600කට අධික පිරිසක් තුවල ලබා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙම පහර දීමත් සමඟ ලෙබනන වැසියන් දහස් ගණනින් පලා යමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ හඳුනාගත් හිස්බුල්ලා ඉලක්ක 1300කට ප්‍රහාර එල්ල කළ බවයි.
ඊශ්‍රායල ප්‍රහාර වලට පිළිතුරු වශයෙන් හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 200 කට වැඩි ප්‍රමාණයක් එලල කර ඇත.
එමෙන්ම ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මියගිය පිරිස අතර ළමුන් 35 ක් සහ කාන්තාවන් 58 ක් සිටින බවයි.