ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 25යි මීටර් 100 හා මීටර් 200 අතර කොටසේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීමක් සිදුකරමින් සිටි හිමි නමක් ඇතුළු 09 දෙනෙක් වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වේයන්ගොඩ පොලීසිය කියයි.
මැතිවරණයට පෙර දින රාත්‍රී කාලයේ මෙම කැණීම සිදුකර ඇති බවත් පොලීසිය මැතිවරණ රාජකාරි සඳහා කාර්ය බහුල වන බව දැනගෙන මෙම කටයුත්ත එදින සිදුකර තිබෙන බවත් පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.
එක්කැවේටර් යන්ත්‍රයක් උපයෝගී කරගෙන මෙම කැණිම් සිදුකර ඇති බවත් මෝටර් රථයකින් සහ ත්‍රීරෝද රථයකින් සැකකරුවන් එහි පැමිණ ඇති බවත් පොලීසිය කියයි. එම මෝටර් රථයත් ත්‍රීරෝද රථයත් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
හිමිනම් අවුරුදු 26ක් වන වේයන්ගොඩ විහාරස්ථානයක වැඩ සිටින අතර සෙසු සැකකරුවන් අවුරුදු 30ත් 58ත් අතර වයස්වල පසුවනන්නන්ය. ඔවුන් ආණමඩුව, සූරියවැව, ඇඹිලිපිටිය , මිනුවන්ගොඩ හා වේයන්ගොඩ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.