වීසා ලබා දීම අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැරණි ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ගුවන්තොටුපොළ ආශ්‍රිතව විද්‍යුත් වීසා ලබාදීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවානු ඇත.
පැවති ක්‍රමයට වීසා නිකුත් කරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කර තිබුණි.
කෙසේ නමුත් ආගමන විගමන දෙපාර්තමේන්තුව එම තීරණය ක්‍රියාත්මක නොකළේය.
මේ පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පළකළ අදහස් පහතින්.
“වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබාදීමෙන් ජනතාව විශාල පීඩාවකට පත්වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබාගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවුණා. ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12.00 සිට වීසා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකියි. අද මධ්‍යම රාත්‍රි 12න් මෙම කටයුතු ආරම්භ කර පැය 24ක් තුළ වීසා ලබා දීම සිදු කරනවා. මෙය විශාල ජයග්‍රහණයක්.
වීසා ගැටලුව විශාල පීඩාවක් ගෙන දුන් ප්‍රශ්නයක් වුණා. දැන් අප එම ප්‍රශ්නයට විසඳුම් ලබා දී අවසන්. ඒ පිළිබඳ අප නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත්තා. අධිකරණ තීන්දුව අනුව වහාම අප ක්‍රියාත්මක වුණා. එසේම VFS ආයතනයට මෙය ලබාදීම මඟින් සිදු වූ අක්‍රමිකතාව පිළිබඳව වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට අප දැනටමත් කටයුතු කර තිබෙනවා. එම විගණනය හරහා මේ ගනුදෙණුවේ තිබෙන අක්‍රමිකතාව පිළිබඳව සොයා බලා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුව ව්‍යාපාරික සහ ආයෝජන ක්ෂේත්‍රයේ සිටින අයටත් දැන් එම පහසුකම ලැබෙනවා.”