fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි

    ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි

    කොළඹ – නේපාලයේ කත්මණ්ඩු නුවර දී 2024 සැප්තැම්බර් 20 දින පැවැත්වුණු South Asian Travel Awards (SATA) හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. කලාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙල ලෙස සැලකෙන SATA සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරෙන අතර, එහිදී අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ඡන්ද අනුව දකුණු ආසියාවේ සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රවල සමාගම් ඇගයීමට ලක්කෙරේ.

    මෙම සම්මානය පිළිබඳව ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ කලාපීය කළමනාකරු ෆවුසාන් ෆරීඩ් (Fawzan Fareid) මහතා මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “අපගේ වටිනා ගනුදෙනුකරුවන් විසින් කලාපයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිගැනීම අපට මහත් සතුටක් වගේම ගෞරවයක්. මේ ආකාරයට ඇගයීමට ලක්වීම, අඛණ්ඩව දකුණු ආසියාවේ පුරෝගාමියෙකු ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීමට සහ වර්ධනය වීමටත්, අනාගතයට කරා යන ගමනේදී අපගේ පාරිභෝගිකයින්ට අපගේ කීර්තිමත් ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරකත්වය සමඟින් තම රුචිකත්වයන් සහ විශේෂ අවශ්‍යතාවන් අනුව සකස් කළ ආහාර සහ විනෝදාස්වාදය සමඟින් කලාපය සහ ලෝකය අතර බාධාවකින් තොරව සම්බන්ධතා සැපයීමට අපව දිරිගන්වනවා. අපගේ පාරිභෝගිකයින්ට සේවය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ නොසැලෙන කැපවීම වෙනුවෙන් මෙම සම්මානය දකුණු ආසියාවේ මෙහෙයුම් අධීක්‍ෂණය කරන සියලුම කණ්ඩායම් වෙත කැප කිරීමට මම කැමැත්තෙමි.”

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ දැක්ම වන්නේ, රටට සුවිශේෂී වූ උණුසුම් ආගන්තුක සත්කාරයෙන් අනූන ශ්‍රී ලාංකික අත්දැකීම මගීන්ට ලබා දීමයි. Airline Passenger Experience Association (APEX) සම්මාන උළෙලේදී Major Airline කාණ්ඩයේ අඛණ්ඩ තරු හතරේ ශ්‍රේණිගත කිරීම ඇතුළුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලබා ගෙන ඇති සෑම සම්මානයකින්ම මෙම දැක්ම පිළිබිඹු වේ. ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක කරන ගුවන් ගමන් මගින් ඉන්දියාවේ චෙන්නායි, මුම්බායි, බැංගලෝර් හා දිල්ලි, පාකිස්ථානයේ කරච්චි හා ලාහෝර්, නේපාලයේ කත්මන්ඩු සහ බංග්ලාදේශයේ ඩකා වැනි ප්‍රධාන නගර රැසක් ආවරණය වේ. ඒ අනුව දකුණු ආසියානු කාලපයේ පමණක්, ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ඉන්දියාව, පකිස්ථානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය හරහා ප්‍රධාන නගර අතර සෑම සතියකම ගුවන් ගමන් 130 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි.

    ඡායාරූප:
    1 – නේපාලයේ කත්මන්ඩු නුවර පැවති 2024 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය සඳහා වන සම්මානය නේපාලයේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කළමනාකරු නිලින පතිරණ (වමේ සිට දෙවැන්නා) ලබාගත් අවස්ථාව.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img