දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනය වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම ලකුණු 88කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ඒ අනුව ඉනිමක පරාජයනේ බේරීමට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්තය එක් කඩුල්ලක් දැවී තවත් ලකුණු 475ක් හඹා යමින් සිටියි.
ශ්‍රී ලංකාව පළමු ඉනිමේ කඩුළු 5කට ලකුණු 602ක් ලබා ඉනිම අත්හිටවූ අතර ප්‍රභාත් ජයසූරියගේ (42-6) සහ නිශාන් පීරිස්ගේ (33-3) පන්දු යැවීම හමුවේ නවසීලන්ත පිතිකරුවෝ අසරණ වුහ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය මේ වනවිට දඟ පන්දු යවන්නන්ට හිතකර තනතීරුවක් බවට පත්ව ඇති බව ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ අදහසයි.
කෙසේ වෙතත් සිය පරාජය වළක්වා ගැනීමේ සටනක නිරතවෙන නවසීලන්ත කණ්ඩායමේ ටොම් ලැතන් පැමිණි විගස ක්‍රීඩා ගාරයට හරවා යැවීමට නිශාන් පිරිස් සමත් වූ අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධාවක නිරතවන ඩෙවන් කොන්වෙයි 31(26) සහ කේන් විලයම්සන් 8(12) ලබා නවසීලන්ත ඉනිම ලකුණු 39ක් දක්වා ඉහළ දමා තිබේ.
ශ්‍රී ලංකාව 602/5
නවසීලන්තය 88 සහ 39/1