අද (29) මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කෙරේ.
එසේ වුවද බිත්තර මිල පහළ දැමීම හමුවේ බිත්තර ආශ්රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් එලෙස පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ ය.
බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බව එහි සභාපති එන්. කේ ජයවර්ධන සඳහන් කළේය.
තිරිඟු පිටි සහ මාගරින් මිල පහළ දමන්නේ නම් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.