ඉරානය විසින් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල් ප්රහාරයන් එල්ල කීරිමත් සමඟම ජාත්‍යන්තර වෙළෙඳපොලේ තෙල් මිල ඉහළ ගොස් තිබේ.
මේවන විට මැදපෙරදිග කළාපයේ ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වයක් සමඟ එම කළාපයේ තෙල් සැපයුමට බාධා ඇතිවිය හැති ත්ත්වය මත මෙලෙස ඉන්ධන මිල ඉහළගොස් ඇත.
ඒ අනුව ගෝලීය තෙල් මිල සියයට 5කින් පමණ ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර ගැටුම් දිගිටම පැවතියහොත් තෙල් මිල තවදුරටත් ඉහළ යාමට හැකියාවක් පවතින බවද එම වාර්තා පෙන්වා දෙයි.
ලොව හත්වන විශාලතම තෙල් නිෂ්පාදකයා ඉරානය වන අතර ඔපෙක් සංවිධානයට අයත් තුන්වන විශාලතම තෙල් නිෂ්පාදකයා වන්නේද ඉරානයයි.
උත්සන්නවීමක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයට බලපානු ඇතැයි වෙළෙන්දෝ බිය වෙති.
ඊශ්‍රායලය විසින් ගෙන ගිය ප්‍රහාර වල ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් රොකට් ප්‍රහාර 180කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇත.
එම ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ ස්ථාන කීපයක සුළු හානි සිදුව ඇති බවටද වාර්තා වන අතර ඊට ප්‍රතිචාර වශයෙන් තමන්ද ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය සඳහන් කර ඇත.